අපගේ මූලධර්ම

අපගේ නිෂ්පාදන සහ සේවා මත විශ්වාසය තබන සෑම කෙනෙකුටම සේවය කිරීම අපට ගෞරවයක් වන අතර අපට අවශ්‍ය වන්නේ හොඳම දේ පමණක් පිරිනැමීමටයි. අප කවුරුන්ද, අපි මෙවැනි සේවා සපයන්නේ ඇයිද යන්න​ සහ අපි අපගේ ගනුදෙනුකරුවන්ට සහ එකිනෙකාට සලකන ආකාරය නිර්වචනය කිරීමේදී අපගේ මූලධර්ම සහ වටිනාකම් ඉතා වැදගත් වන්නේ එබැවිනි. අපගේ ජාත්‍යන්තර කාර්යාල හරහා, අප කරන සෑම දෙයකදීම පහත සඳහන් මූලධර්ම වෙනුවෙන් අපි කැපවී සිටිමු.

විශ්වසනීය වන්න

සියලුම ගිවිසුම් සාධාරණව, නිවැරදිව සහ කඩිනමින් තීන්දු කරන්න

පාරිභෝගිකයින්ට වෙබ් අඩවිය පුරා අපගේ මිල ගණන් විශ්වාස කළ හැකි වන පරිදි, විශ්වාසදායක දත්ත සංග්‍රහ මත පදනම්ව සහ අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව, අපි සියලුම ගිවිසුම්වලට නිවැරදිව​ හා සාධාරණව මිල නියම කරමු.

සියලුම තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් ඉක්මනින් හා නිවැරදිව ක්‍රියාවට නංවන්න

හැකිතාක් බාධාවකින් තොරව ක්‍රියා කිරීමටත්, තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් කාර්යක්ෂමව හා කඩිනමින් සැකසීමටත් අපි අපගේ අයකැමි පද්ධති සැලසුම් කරන්නෙමු. හැකිතාක් දුරට, අපි ඕනෑම AML හෝ වංචා-විරෝධී අවශ්‍යතාවයක් මඟින් පනවා ඇති ප්‍රමාදයන් අවම කරන්නෙමු.

ඉහළ ක්‍රියාකාරී වේලාවක්, හොඳ ආරක්ෂාවක් සහ අඩු ප්‍රමාදය සමඟ විශ්වාසදායක සබැඳි සපයන්න

අඩු වේගයකින් ජංගම දත්ත ජාල මත වුවද, අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළ ක්‍රියාකාරී කාලයක් සහ අඩු ප්‍රමාදයක් ඇති විශ්වාසනීය පද්ධති සැපයීම අපගේ අරමුණයි. අපි සියලුම ප්‍රධාන ඩෙස්ක්ටොප් සහ ජංගම උපාංග සඳහා හොඳ ආරක්ෂාවක් සහ හරස් උපාංග අනුකූලතාව​ ලබා දෙන්නෙමු.

සියලුම ගනුදෙනුකරුවන්ට ප්‍රයෝජනවත් පාරිභෝගික සහය ලබා දීම

කථාබස් ඉල්ලා සිටින ඕනෑම පාරිභෝගිකයෙකු සඳහා නියෝජිතයින් ලබා දීමට අපි සතියේ දින 7ම, පැය 24 පුරා සජීවී කථාබස් සේවා ලබා දීමට උත්සාහ කරන්නෙමු. සේවාව පිළිබඳ අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නියෝජිතයින් පුහුණු කරනු ලැබේ.

සාධාරණ වන්න

සියලුම ගනුදෙනුකරුවන්ට සාධාරණ ලෙස සලකන්න

ඔවුන් කොහි සිට පැමිණියත් ඔවුන්ගේ ගිණුම්වල ප්‍රමාණය කුමක් වුවත්, අපි සියලු ගනුදෙනුකරුවන්ට සමානව සලකන්නෙමු.

සියලු පැමිණිලි අවංකත්වයෙන් යුතුව​ හසුරුවන්න

කිසියම් පැමිණිල්ලක් ලැබුණු විට​, අපි වේගයෙන් හා අවංකව එම​ ගැටලුව විසඳීමට උත්සාහ කරන්නෙමු.

අපගේ සියලුම නිෂ්පාදන සඳහා තරඟකාරී මිල ගණන් ඉදිරිපත් කරන්න

අපගේ සියලු නිෂ්පාදන සහ සේවා සඳහා තරඟකාරී මිල ගණන් පිරිනැමීම​ අපගේ අරමුණයි.

සැඟවුණු පිරිවැයක් නොමැත

සියලුම ගාස්තු සහ අය කිරීම් පිළිබඳව අපි පැහැදිලිව සඳහන් කරන්නෙමු.

පාරිභෝගික මුදල් ආපසු ගැනීම සඳහා කෘත්‍රිම බාධක නොමැත

ගනුදෙනුකරුවෙකුට ජයග්‍රහණ හෝ ශේෂයන් සඳහා සාධාරණ හිමිකම් තිබේ නම් සහ වංචා පිළිබඳ ගැටළු හෝ AML අවශ්‍යතා නොමැති නම්, සිය​ අභිමතය පරිදි එම අරමුදල් ආපසු ගැනීමට ඔවුන්ට හැකි විය යුතුය.

පැහැදිලි වන්න​

සරලව හා පැහැදිලිව කථා කරන්න, ව්‍යාකුලත්වයට පත්නොවන්න

අපි අපගේ සියලුම නිෂ්පාදන, සේවා, සහ සන්නිවේදන කටයුතුවලදී සරල භාෂාවක් භාවිත කරන්නෙමු.

සියලුම ගිවිසුම්වල කොන්දේසි හෙළි කරන්න

පාරිභෝගිකයින්ට අවබෝධිත තීරණ ගැනීමට හැකි වන පරිදි අපි සියලුම ගිවිසුම්වල නියම පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු කරන්නෙමු.

ගනුදෙනු කිරීමේදී ඇති වන අවදානම් ප්‍රසිද්ධියේ සහ පැහැදිලිව​ අනාවරණය කරයි

අපගේ ගනුදෙනුකරුවන් විසින් ඔවුන්ගේ අවදානම් රුචිය අනුව දැනුවත් තීරණ ගත යුතු බැවින් ගනුදෙනුවේ ඇති සියලුම අවදානම් පිළිබඳව අපි විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන්නෙමු.

අපි මුදල් උපයන්නේ කෙසේදැයි හෙළි කරන්න

අපි ප්‍රතිවිරුද්ධ ගනුදෙනු පාර්ශ්වයක් වන විට හෝ තැරැව්කරුවෙකු ලෙස ක්‍රියා කරන විට අපි මුදල් උපයන ආකාරය පිළිබඳව අපි විනිවිදභාවයෙන් යුතුව​ කටයුතු කරන්නෙමු.

නිරූපණ​ ආදර්ශන අත්දැකීමක් ලබා දෙන්න

අපගේ ආදර්ශන ගනුදෙනු අත්දැකීම විශේෂයෙන් ගිවිසුම් මිලකරණය සහ ගනුදෙනු සීමා සමඟ සැබෑ මුදල් ගනුදෙනු නියෝජනය කරයි.

වගකීම් සහිත වන්න​

දුෂ්කර විකිණීමක් නැත

අපගේ ප්‍රචාරණ කටයුතුවලදී අපි අවංක වන්නෙමු. අපි අපගේ අලෙවිකරණ ද්‍රව්‍යවල මූල්‍ය සාර්ථකත්වය පිළිබඳ​ ඇදහිය නොහැකි සංකල්ප රූප භාවිත නොකරන්නෙමු.

මූල්‍ය හෝ ගනුදෙනු උපදෙස් නොමැත

වෙළඳපල දිශානතිය හෝ කිසියම් විශේෂිත ගනුදෙනුවක​ යෝග්‍යතාවය පිළිබඳව අපි කිසිදු මතයක් නොදක්වන්නෙමු.

සහතික කළ ප්‍රතිලාභ​ පිළිබඳ පොරොන්දු නැත

ගනුදෙනු කිරීමෙන් කෙනෙකුගේ මූල්‍යමය පීඩා විසඳෙන​ බව හෝ විශ්වාසනීය ආදායමක් උපයා ගත හැකි බව අපි සඳහන් නොකරන්නෙමු. ගනුදෙනු කිරීමෙන් සහතික කළ හෝ අවදානම් රහිත ප්‍රතිලාභ නොමැති බව අපි පැහැදිලිව සඳහන් කරන්නෙමු.

අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම

අපි බාලවයස්කාර පුද්ගලයින්ගේ ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන අතර සිය​ මූල්‍ය හැකියාවෙන් ඔබ්බට ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලීන්ද​ ක්‍රියාත්මක කරන්නෙමු.

නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා පාලන ක්‍රම ක්‍රියාවට නංවන්න

අපි ඔබේ ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ (KYC) පාලන ක්‍රියාත්මක කරන අතර අපගේ වේදිකාවල මුදල් විශුද්ධිකරණය සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් වළක්වන්නෙමු.