ඔබට ස්තුතියි! ඔබේ ඉදිරිපත් කිරීම අපට ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.

Deriv Global Forex සම්මාන උළෙලේදී ‘Best Customer Support’ සම්මානයෙන් පිදුම් ලැබීය

Deriv Global Forex සම්මාන උළෙලේදී ‘Best Customer Support’ සම්මානයෙන් පිදුම් ලැබීය
  • Deriv හි සේවාලාභි-කෙන්ද්‍රීය දර්ශනය, එහි ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමේ 25 වැනි වසරට සමගාමීව Global Forex Awards උළෙලේදී ‘Best Customer Support’ සම්මානයෙන් පිදුම් ලබා ඇත.
  • 2024 වසර Deriv සඳහා ජයග්‍රහණයේ වසරක් වී ඇති අතර මෙවර වසරේ ‘Most Trusted Broker’, ‘Best Trading Experience’ (LATAM) 2024, සහ ‘Best Latam Region Broker’ සම්මාන ද ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.

ලිමසෝල්, සයිප්‍රසය, සැප්තැම්බර් 13 - වසර 25ක විශ්වාසය, නවෝත්පාදන සහ සේවා උරුමයක් සහිත ගෝලීය වශයෙන් පිළිගත් මාර්ගගත ට්‍රේඩින් සමාගමක් වන Deriv, කීර්තිමත් Global Forex සම්මාන උළෙලේදී 'Best Customer Support' සම්මානය දිනා ගනිමින් එහි සුවිශේෂී පාරිභෝගික සහාය සේවා වෙනුවෙන් ගෞරවයට පාත්‍ර වී ඇත. 

Deriv හි 25 වැනි සංවත්සරයට සමගාමීව පිරිනැමෙන ‘Best Customer Support’ සම්මානය, සුවිශේෂී ට්‍රේඩින් පරිසරයක් ලබාදීමට ඔවුන්ගේ කැපවීම තවදුරටත් අවධාරණය කරමින් ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව සහයෝගී අත්දැකීමක් ලබාදීම සඳහා සමාගමේ නොසැලෙන කැපවීම ඉස්මතු කරයි.

පසුගිය වසර 25 තුළ සමාගමේ සාර්ථකත්වය පාරිභෝගික කේන්ද්‍රීය පදනමක් මත ගොඬ නැගී ඇත. Deriv සුවිශේෂී අධ්‍යාපනික සම්පත්, තරඟකාරී ට්‍රේඩින් කොන්දේසි, පරිශීලක-හිතකාමී වේදිකා සහ නව්‍ය නිෂ්පාදන පිරිනමයි. සේවාලාභීන්ට කාලෝචිත සහ ඵලදායි සහයෝගයක් ලැබෙන බව සහතික කිරීම සඳහා එහි Knowledgebase, උදවු මධ්‍යස්ථානය, සජීවී කථාබස්, සහ WhatsApp සේවාව හරහා ශක්තිමත් පාරිභෝගික සහාය සේවා ගොඩනැගීමට සමාගම නිරතුරුවම ආයෝජනය කර ඇත.

Deriv හි සම-ප්‍රධාන විධායක නිලධාරී රක්ෂිත් චෞද්රි මෙසේ අදහස් දැක්වීය: “අප කරන සෑම දෙයකම කේන්ද්‍රය වන්නේ අපගේ ගනුදෙනුකරුවන් ය. මෙම පිළිගැනීම අපගේ ගනුදෙනුකරුවන්ට සහාය වීමේ දී අපේක්ෂාවන් ඉක්මවා යන අපගේ පාරිභෝගික සහාය කණ්ඩායමේ නොපසුබට ප්‍රයත්නයන් පිළිබිඹු කරයි. අපි Deriv හට වසර 25ක් සපිරෙන මේ මොහොතේ, සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබා දීමට සහ ලොව පුරා ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමට අපගේ කැපවීම නැවත තහවුරු කරන්නෙමු.”

“මෙම කීර්තිමත් සම්මානය නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම තහවුරු කරන අතර අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය ශක්තිමත් කරයි. පාරිභෝගික අත්දැකීම් පිළිබඳ VP ජෙයවර්තිනී වෛරකානන් පවසන පරිදි, “අපගේ ව්‍යාපාරයේ නව ප්‍රමිතීන් සැකසීමට සහ අප කරන සෑම දෙයකදීම පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සීමාවන් ඉදිරියට ගෙන යාමට එය අපව පොළඹවයි.

Deriv හි පාරිභෝගික සහාය සේවා දර්ශනය අඛණ්ඩතාව, ප්‍රතිචාරාත්මක බව සහ විශේෂඥතාව මත ගොඩ නැඟී ඇත. ට්‍රේඩ් කිරීම සංකීර්ණ විය හැකි බව සමාගම වටහාගෙන ඇති බැවින් තම ගනුදෙනුකරුවන් සඳහා මෙම අත්දැකීම හැකි තරම් සුමට කිරීමට උත්සාහ කරයි. සරල විමසුමකට පිළිතුරු දීම හෝ වඩාත් සංකීර්ණ කාරණයක් විසඳීම වැනි ඕනෑම අවස්ථාවක, Deriv හි සහායක කණ්ඩායම සැමවිටම සහාය වීමට සුදානම්ව සිටින අතර සෑම තරාතිරමකම ගනුදෙනුකරුවන් සඳහා අධ්‍යාපනික ද්‍රව්‍ය සහ විද්‍යුත් පොත් සැපයීමට ආයෝජනය කර ඇත.