Volatility Indices ගනුදෙනු කිරීමේදී අවදානම් කළමනාකරණය
Volatility Indices Volatility Indices ලෝකයේ සාර්ථකව ගමන් කිරීමට අවදානම් කළමනාකරණය පිළිබඳ මනා අවබෝධයක් අවශ්‍ය වේ. ඒවායේ ස්වභාවයෙන්ම පවතින මිල උච්චාවචනය නිසා, ට්‍රේඩර්වරුන් ඔවුන්ගේ ප්රාග්ධනය ආරක්ෂා කරමින් ලබිය හැකි ලාභ උපරිම කරගන්නා ඵලදායී ගනුදෙනු උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. මෙම පාඩම Volatility Indices ගනුදෙනු කිරීමට පිවිසෙන නව ට්‍රේඩර්වරුන් සඳහා විශේෂයෙන් සකස් කළ අත්‍යවශ්‍ය අවදානම් කළමනාකරණ ක්‍රම, මෙවලම් සහ සලකා බැලිය යුතු කරුණු විස්තර කරයි.
අවදානම් කළමනාකරණයේ වැදගත්කම අවබෝධ කර ගැනීම
අවදානම් කළමනාකරණය යනු ඔබේ ගනුදෙනු කිරීමේ කළඹට අහිතකර ලෙස බලපාන අවදානම් හඳුනා ගැනීමේ, තක්සේරු කිරීමේ සහ පාලනය කිරීමේ ක්‍රියාවලියයි. වේගවත් මිල උච්චාවචනයන් පෙන්විය හැකි Volatility Indices සම්බන්ධයෙන්, නිවැරදි අවදානම් කළමනාකරණය තවත් වැදගත් වේ. ඵලදායී අවදානම් කළමනාකරණය මගින් ට්රේඩර්වරුන්ට පහත දේ කළ හැකිය:
- ප්රාග්ධනය ආරක්ෂා කරගන්න: ඔබේ ගනුදෙනු ප්රාග්ධනය ආරක්ෂා කර ගැනීම දිගුකාලීන සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. උපායශීලී අවදානම් කළමනාකරණය මගින් අලාභ අවම කර ගැනීමෙන්, වෙළඳ ගනුදෙනු කිහිපයක් අපේක්ෂිත පරිදි සිදු නොවූවත් ඔබට ගනුදෙනු කිරීම දිගටම කරගෙන යා හැකිය.
- තීරණ ගැනීම වැඩි දියුණු කරගන්න: පැහැදිලි අවදානම් කළමනාකරණ සැලසුමක් තිබීම මගින් ඔබට චිත්තවේගී නොව තර්කානුකූල ගනුදෙනු තීරණ ගැනීමට උපකාර වේ. මෙම විනයගත ප්‍රවේශය ඔබේ ගනුදෙනු උපායමාර්ගයේ අඛණ්ඩතාව ඇති කරයි.
- ලාභ-අවදානම් අනුපාත උපරිම කරගන්න: ඔබේ අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමෙන්, හිතකර ලාභ-අවදානම් අනුපාත සහිත අවස්ථා ලබා ගැනීමට ඔබට හැකි වේ. මෙම උපාය මාර්ගය මගින් ලාභදායී වෙළඳ ගනුදෙනුවලින් ප්රතිලාභ ලබමින් විය හැකි අලාභ සීමා කර ගත හැකිය.
Volatility Indices ගනුදෙනු කිරීම සඳහා ප්‍රධාන අවදානම් කළමනාකරණ මෙවලම්
Volatility Indices ගනුදෙනු කිරීමේදී අවදානම ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට, පහත මෙවලම් ඔබේ ගනුදෙනු උපායමාර්ගයට ඇතුළත් කිරීම සලකා බලන්න:
- Stop Loss ඇණවුම්: උච්චාවචනශීලී වෙළඳපොළවල Stop Loss (SL) ඇණවුම් සැකසීම අත්‍යවශ්‍ය වේ. වත්කමේ මිල නිශ්චිත මට්ටමකට ළඟා වූ විට Stop Loss ඇණවුමක් ඔබේ පොසිෂන් එක ස්වයංක්‍රීයව වසා දමන අතර, එය විය හැකි අලාභ සීමා කර ගැනීමට උපකාර වේ. ගනුදෙනු කරන දර්ශකයේ උච්චාවචනය සැලකිල්ලට ගනිමින් සුදුසු SL මට්ටම් තෝරන්න. වඩා උච්චාවචනශීලී දර්ශක සඳහා, සාමාන්‍ය මිල උච්චාවචනයන් නිසා Stop Out වීම වළක්වා ගැනීමට පුළුල් Stop Loss මට්ටම් අවශ්‍ය විය හැකිය.
- Take Profit ඇණවුම්: Stop Loss ඇණවුම් අලාභවලින් ආරක්ෂා කරන ආකාරයටම, මාර්කට් එක ඔබට වාසිදායක දිශාවට චලනය වන විට Take Profit (TP) ඇණවුම් ඔබේ ලාභ තහවුරු කරයි. TP මට්ටමක් කලින් නියම කිරීමෙන්, මාර්කට් ප්රතිවර්තන අවදානමකින් තොරව විනයගතව ලාභ ලබා ගත හැකිය.
- අවදානම්-ප්රතිලාභ අනුපාතය: සෑම වෙළඳ ගනුදෙනුවකටම අවදානම්-ප්රතිලාභ අනුපාතය ගණනය කිරීමෙන්, පොසිෂන් එකකට පිවිසීම වටින්නේද යන්න තක්සේරු කර ගත හැකිය. සාමාන්‍යයෙන් නිර්දේශ කෙරෙන අනුපාතය 1:2 හෝ ඊට වැඩි වන අතර, එයින් අදහස් වන්නේ විය හැකි ලාභය විය හැකි අලාභය මෙන් දෙගුණයක් විය යුතු බවයි. මෙය ඔබට ලාභ උපරිම කර ගැනීමට සහ අලාභදායී වෙළඳ ගනුදෙනුවල බලපෑම ඔබේ සමස්ත ප්රාග්ධනයට සීමා කර ගැනීමට ඉඩ සලසයි.
පොසිෂන් ප්‍රමාණය තීරණය කිරීම: අවදානම් කළමනාකරණයේ වැදගත් අංගයක්
පොසිෂන් ප්‍රමාණය තීරණය කිරීම යනු ඔබේ සමස්ත ගිණුම් ශේෂය සහ අවදානම දරා ගැනීමේ හැකියාව මත පදනම්ව, නිශ්චිත වෙළඳ ගනුදෙනුවකට වෙන් කළ යුතු ප්‍රාග්ධන ප්‍රමාණය නිර්ණය කිරීමයි. නිසි පොසිෂන් ප්‍රමාණයක් මගින් එක් වෙළඳ ගනුදෙනුවකට ඔබේ ප්‍රාග්ධනයෙන් අධික කොටසක් අවදානමට ලක් නොවන බව තහවුරු වන අතර, එමගින් විශාල අලාභ සිදුවීමේ අවදානම අඩු වේ. පොසිෂන් ප්‍රමාණය තීරණය කිරීමේ උපායමාර්ග කිහිපයක් පහත දැක්වේ:
- ස්ථාවර මුදලක්: එක් වෙළඳ ගනුදෙනුවකට අවදානමට ලක් කිරීමට ඔබ කැමති ස්ථාවර මුදලක් තීරණය කරන්න. මෙම ක්‍රමය වෙළඳ ගනුදෙනු කිහිපයක් පුරා ඔබේ අවදානම එකම මට්ටමක තබා ගන්නා අතර, ඔබේ සමස්ත ප්රාග්ධනය ආරක්ෂා කරයි.
- ගිණුමේ ප්‍රතිශතයක්: ඔබේ සමස්ත ගිණුම් ශේෂයෙන් නිශ්චිත ප්‍රතිශතයක් සෑම වෙළඳ ගනුදෙනුවකටම වෙන් කරන්න. උදාහරණයක් ලෙස, ඔබේ ගිණුම් ශේෂය 2,000 USD ක් වන අතර ඔබේ අවදානම දරා ගැනීමේ හැකියාව 1% නම්, ඔබ එක් වෙළඳ ගනුදෙනුවකට 20 USD ක අවදානමක් ගනී. ඔබේ ගිණුම් ශේෂය වෙනස් වන විට මෙම ප්‍රවේශය ස්වයංක්‍රීයව සකස් වන අතර, ඔබේ අවදානම ඔබේ ප්රාග්ධනයට සමානුපාතික ලෙස පවත්වා ගනී.
- උච්චාවචනය මත පදනම් වූ ප්‍රමාණය තීරණය කිරීම: පොසිෂන් ප්‍රමාණය තීරණය කිරීමට Average True Range (ATR) වැනි උච්චාවචන දර්ශක භාවිත කරන්න. උදාහරණයක් ලෙස, Volatility 50 Index සඳහා දින 14 ATR අගය 5 USD නම්, ඔබට එක් වෙළඳ ගනුදෙනුවකට ඔබේ අවදානම එක් ATR ඒකකයකට සීමා කළ හැකි අතර, එය දර්ශකයේ සාමාන්‍ය මිල චලනයට අනුකූලව ඔබේ නිරාවරණය පවත්වා ගැනීමට උපකාර වේ.
ඔබේ උපායමාර්ගය අඛණ්ඩව ඇගයීම සහ සකස් කිරීම
Volatility Indices සඳහා වන මාර්කට් එක ගතික වන බැවින්, ඔබේ අවදානම් කළමනාකරණ උපායමාර්ග නිතර තක්සේරු කර සංශෝධනය කිරීම වැදගත් වේ. ඔබේ ගනුදෙනු කිරීමේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමෙන්, ඵලදායී වන දේ සහ නොවන දේ හඳුනාගත හැකි අතර, කාලයත් සමඟ ඔබේ ප්‍රවේශය වැඩිදියුණු කර ගැනීමට ඉඩ සැලසේ. මීට අමතරව, විවිධ උපායමාර්ග පුහුණු වීමට demo ගිණුම් භාවිත කිරීමෙන්, සැබෑ ප්රාග්ධනය අවදානමට ලක් නොකර අවදානම ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ විශ්වාසය සහ දක්ෂතාව වර්ධනය කර ගත හැකිය.
Quiz
Volatility Indices ගනුදෙනු කිරීමේදී Stop Loss ඇණවුම් භාවිතා කිරීමේ ප්‍රධාන ප්‍රතිලාභය කුමක්ද?
ගනුදෙනු කිරීමේදී අවදානම් සහ ප්රතිලාභ අනුපාතයක් නියම කර ගැනීම වැදගත් වන්නේ ඇයි?
ට්‍රේඩර්වරුන් ඉලක්ක කළ යුතු යැයි බොහෝ විට නිර්දේශ කරන අවදානම්-ප්රතිලාභ අනුපාතය කුමක්ද?


