
ක්‍රිප්ටෝ මුදල් බොහෝ විට මූල්‍ය ලෝකයේ පාලනයකට හසු නොවූ නව මායිමක් මෙන් දැනේ. එහි මිල කම්පන, වේගයෙන් පැතිරෙන ප්රවණතා සහ බිලියන ගණනක වෙනස්කම් බහුලව දක්නට ලැබේ. 2024 මුල දී Bitcoin එක දිනක් තුළ මාර්කට් වටිනාකමින් USD බිලියන 120ක් අහිමි කර ගත් අතර, ප්‍රසිද්ධ පුද්ගලයකුගේ අනුමැතියකින් පසු Shiba Inu 20%කින් ඉහළ ගියේය. මෙම චලනයන් අවුල් සහගත ලෙස පෙනුණත්, සෑම මිල උච්චාවචනයක් පිටුපසම මැනිය හැකි බලවේග ක්‍රියාත්මක වේ. මෙම ලිපියෙන් සැපයුම සහ කැණීම් වියදමේ සිට හැඟීම්, නියාමනය සහ සමපේක්ෂනය දක්වා ක්‍රිප්ටෝ මිලට බලපාන මූලික සාධක පරීක්ෂා කර, මෙම අස්ථාවර මාර්කට් එක මෙහෙයවන ක්‍රියාවලි විමසා බලමු.
කෙටි සාරාංශය
- සැපයුම, ඉල්ලුම සහ නිෂ්පාදන වියදම ඇතුළු සැබෑ ආර්ථික සාධකවලට අනුව ක්‍රිප්ටෝ වෙළඳපොළ චලනය වේ.
- තරගය, හැඟීම් සහ අධික ප්‍රචාරය මගින් කෙටි කාලීන උච්චාවචනය තවත් වැඩි විය හැකිය.
- ගනුදෙනු කිරීමේ වේදිකා හරහා ප්‍රවේශ විය හැකි බව සහ ගෝලීය නියාමනය දිගුකාලීන ස්ථාවරත්වයට බලපායි.
- මෙම සාධක අවබෝධ කර ගැනීමෙන් ට්රේඩර්වරුන්ට මාර්කට් චලනයන් තේරුම් ගැනීමට උපකාර වේ. එහෙත් ගනුදෙනු කිරීමට ආවේණික අවදානම් එයින් අඩු නොවේ.
ක්‍රිප්ටෝ මුදල්වල මිලට බලපාන සාධක මොනවාද?
සෑම ක්‍රිප්ටෝ මුදල් මාර්කට් එකකම මූලය වන්නේ සැපයුම සහ ඉල්ලුම පිළිබඳ මූලික නීතියයි. ට්රේඩර්වරු මිලදී ගැනීමට කඩිමුඩියේ ඉදිරිපත් වන විට මිල ඉහළ යයි. විකිණීමේ පීඩනය වැඩි වන විට අගය පහත වැටේ. Bitcoin හි කාසි මිලියන 21ක උපරිම සැපයුම හේතුවෙන් හිඟතාවයක් ඇති වන අතර, එය එහි දිගුකාලීන ආකර්ෂණය ස්ථාවර කරයි. රන්වල වටිනාකම ඇති වන්නේ සීමිත සැපයුමක් නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලුමක් හමුවීමෙනි. මෙම හිඟතාවය එයට සමාන වේ.

උදාහරණයක් ලෙස, වසර හතරකට පමණ වරක් සිදු වන Bitcoin halving අවස්ථාවල දී නව Bitcoin නිකුත් කිරීමේ වේගය 50%කින් අඩු වේ. 2017 සහ 2021 දී දුටු පරිදි, ඉතිහාසයේ මෙම අඩු සැපයුම සැලකිය යුතු bull run වලට හේතු වී ඇත.
තවත් උදාහරණයක් නම් Ethereum proof-of-stake වෙත මාරු වීමයි. එමගින් බලශක්ති පරිභෝජනය අඩු වූ අතර, සංසරණයට සැපයුම ඇතුළු වන ආකාරය වෙනස් විය. එබැවින් එහි වටිනාකම පිළිබඳ ඇගයීමටද බලපෑවේය.
හැඟීම්වල වෙනස්වීම්වලට මිල කොතරම් තියුණු ලෙස ප්‍රතිචාර දක්වන්නේද යන්න liquidity මගින්ද තීරණය වේ. ගනුදෙනු පරිමාව ඉහළ Bitcoin සහ Ethereum, කුඩා මාර්කට් අගයක් ඇති කාසිවලට වඩා මාර්කට් පීඩනය වඩාත් හොඳින් උරා ගනී. අනෙක් අතට, අඩුවෙන් දන්නා ටෝකන, විශාල ගනුදෙනු කිහිපයක් ඇතුළු වූ විට දැඩි ලෙස උච්චාවචනය විය හැකිය.
Deriv හි Market & Product Intelligence Analyst වන Dayana Binti Mohamad Ramli මෙසේ පැහැදිලි කරයි:
“Liquidity යනු ක්‍රිප්ටෝ වෙළඳපොළේ සැඟවුණු හෘද ස්පන්දනයයි. මිල ප්‍රතිචාර සුමට නිවැරදි කිරීම් වේද, නැතහොත් හදිසි පහත වැටීම් වේද යන්න එයින් තීරණය වේ.”
සාම්ප්‍රදායික වෙළඳපොළවල දී, දළ දේශීය නිෂ්පාදිතය (GDP), රැකියා සහ පොලී අනුපාත වැනි මැනිය හැකි ආර්ථික දත්තවලට අනුව වත්කම් මිල උච්චාවචනය වේ.
ක්‍රිප්ටෝ මුදල්වල මෙවැනි මූලික සාධක නොමැති අතර, ඒවා තාක්ෂණය, හැඟීම් සහ liquidity මත රඳා පවතී. ක්‍රිප්ටෝ මිල චලනයන් බොහෝ විට පුළුල් මූල්‍ය දර්ශකවලින් වෙන් වී පෙනෙන්නේ ඒ නිසාය. ඒවා බොහෝ දුරට හැඩ ගැසෙන්නේ විමධ්‍යගත ජාල සහ ගෝලීය ට්රේඩර්වරුන්ගේ මනෝභාවය මගිනි. කෙසේ වුවද, පොලී අනුපාත liquidity, අවදානම දරා ගැනීමේ කැමැත්ත සහ සමස්ත මාර්කට් හැඟීම්වලට බලපාන බැවින්, මුදල් ප්‍රතිපත්තිය මගින් ඒවාට වක්‍රව බලපෑම් එල්ල වේ.
කැණීම් වියදම ක්‍රිප්ටෝ මිල චලනයන්ට බලපාන්නේ කෙසේද?
proof-of-work ක්‍රිප්ටෝ මුදල් සඳහා කැණීම යනු තාක්ෂණික ක්‍රියාවලියකට වඩා වැඩි යමක් වේ. එය මාර්කට් හැසිරීම හැඩගස්වන වියදම් පදනමකි. ගනුදෙනු තහවුරු කර ත්‍යාග ලබා ගැනීමට කැණීමකරුවන් දෘඪාංග, විදුලිය සහ සිසිලන පද්ධති සඳහා මුදල් වැය කරයි. නිෂ්පාදන වියදම කාසියේ මාර්කට් වටිනාකමට ආසන්න වූ විට හෝ එය ඉක්මවූ විට, කැණීමකරුවන් ක්‍රියාකාරකම් අඩු කරයි. සැපයුමේ මෙම අඩුවීම කාලයත් සමග මිල ස්ථාවර කළ හැකිය, නැතහොත් ඉහළ නැංවිය හැකිය.

උදාහරණයක් ලෙස, 2022 දී යුරෝපයේ සමහර ප්‍රදේශවල විදුලි මිල ඉහළ ගිය විට, කුඩා Bitcoin කැණීම් සමාගම් තාවකාලිකව ක්‍රියාකාරකම් නවතා දැමීය. එයින් ජාල ක්‍රියාකාරකම් අඩු වී කාසි සැපයුම අඩු විය. 2025 වන විට පුනර්ජනනීය බලශක්තියේ දියුණුව සහ වඩා කාර්යක්ෂම චිප් නිසා සමහර නිෂ්පාදන වියදම් අඩු වී ඇත. එහෙත් ජාලයේ දුෂ්කරතාව ඉහළ යාම නිසා සියුම් සමතුලිතතාවයක් පවතී.
Investopedia හි ක්‍රිප්ටෝ මුදල්වල මූලික කරුණු පිළිබඳ දළ විශ්ලේෂණයෙන් සහ Cambridge Bitcoin Electricity Consumption Index එකෙන් දැක්වෙන පරිදි, කැණීමේ ආර්ථික විද්‍යාව මතුපිටින් නොපෙනුණත්, ක්‍රිප්ටෝ මිලට බලපාන ප්‍රබල සාධකයක් ලෙස පවතී.
ක්‍රිප්ටෝ මාර්කට් උච්චාවචනය තරගය සහ නවෝත්පාදනය නිසා ඇති වන්නේ ඇයි?
ක්‍රිප්ටෝ පරිසර පද්ධතිය නවෝත්පාදනය සහ තරගය මත වර්ධනය වේ. වේගවත් settlement වේග හෝ වඩා ලාභදායී ගනුදෙනු පොරොන්දු වෙමින්, නව ව්‍යාපෘති Bitcoin සහ Ethereum වැනි ස්ථාපිත නම්වලට නිරන්තරයෙන් අභියෝග කරයි. උසස් තාක්ෂණයක් හෝ සැබෑ ලෝකයේ වඩා හොඳ ප්‍රයෝජනයක් ට්රේඩර්වරුන්ට පෙනෙන විට, ප්රාග්ධනය මෙම නව වත්කම් වෙත ගලා යයි.

උදාහරණයක් ලෙස, Solana අධිවේගී, අඩු ගාස්තුවක් සහිත ගනුදෙනු හඳුන්වා දුන් විට, පුළුල් භාවිතයක් සඳහා ඇති හැකියාව ට්රේඩර්වරුන්ට පෙනීම නිසා එහි මාර්කට් ප්‍රාග්ධනීකරණය හොඳින් ඉහළ ගියේය. එලෙසම, Avalanche හි තත්පරයකටත් අඩු finality සංවර්ධකයන් ආකර්ෂණය කර ගත් අතර, පැරණි, මන්දගාමී blockchain වලින් ප්රාග්ධනය ඉවතට ඇද ගත්තේය.
කෙසේ වුවද, සෑම තරගකරුවකුම ගමන් වේගය පවත්වා ගන්නේ නැත. මාර්කට් චක්‍ර බොහෝ විට අලුත්කමට ත්‍යාග ලබා දෙන අතර අස්ථාවරත්වයට දඬුවම් කරයි. කාසිවල ජනප්‍රියත්වය ඉහළ පහළ යන විට, තරගය නිසා liquidity සහ ට්රේඩර්වරුන්ගේ අවධානය නැවත බෙදී යන අතර, එයින් උච්චාවචනයේ අඛණ්ඩ රැල්ලක් ඇති වේ.
ක්‍රිප්ටෝ sentiment analysis, එනම් මාර්කට් හැඟීම් අවබෝධ කර ගැනීම මිල උච්චාවචනය පැහැදිලි කරන්නේ කෙසේද?
දත්ත මෙන්ම හැඟීම්ද මාර්කට් මෙහෙයවයි. ශුභවාදය මිල ඉහළ නැංවීමට ඉවහල් වන අතර, බිය විකිණීම් අවුලුවයි. ආඛ්‍යාන ක්ෂණිකව පැතිරෙන සමාජ මාධ්‍ය හරහා ක්‍රිප්ටෝ මාර්කට් මෙම ගතිකත්වය තවත් වැඩි කරයි. උච්චාවචනය, පරිමාව සහ සෙවුම් ප්රවණතා හරහා හැඟීම් මනින Crypto Fear and Greed Index එක, බොහෝ විට ආසන්න කාලීන මාර්කට් චලනයන් සඳහා දර්ශකයක් ලෙස ක්‍රියා කරයි.

2021 bull run එක අතරතුර Tesla සහ PayPal විසින් ආයතනික භාවිතයට ගැනීම පිළිබඳ ශුභවාදය නිසා Bitcoin මිල USD 60,000 ඉක්මවා ඉහළ ගියේය. ඊට පටහැනිව, 2022 දී Federal Reserve දැඩි පොලී අනුපාත ඉහළ නැංවීමක් පිළිබඳ සංඥා කළ විට, ට්රේඩර්වරුන්ගේ බිය නිසා මාර්කට් පුරා තියුණු පහත වැටීම් සිදු විය. කෙටි කාලීන හැසිරීමේ දී හැඟීම් ප්‍රබල විය හැකි බව මෙම වෙනස්කම්වලින් පෙනේ.
Deriv හි Trading Manager වන Aiden Grech තවදුරටත් මෙසේ පවසයි:
“ක්‍රිප්ටෝ මාර්කට් එකේ හැඟීම් යනු ගුරුත්වාකර්ෂණය වැනිය. එය තර්කානුකූල වුවත් නැතත්, සියල්ල තමා දිශාවට ඇද ගනී.”
2025 දී, මාර්කට් මනෝභාවය උද්ධමනය, මධ්‍යම බැංකු ප්‍රතිපත්ති සහ ගෝලීය දේශපාලන ආතතීන් ඇතුළු සාර්ව ආර්ථික සාධක සමඟ සමීපව බැඳී පවතී. අවිනිශ්චිතතාව ඉහළ යන විට ට්රේඩර්වරු ස්ථාවර වත්කම් වෙත නැඹුරු වෙති. බලාපොරොත්තුව නැවත පැමිණෙන විට, මුදල් ඉහළ අවදානමක් සහිත ටෝකන් වෙත ඉක්මනින් ගලා එයි. ට්රේඩර්වරුන්ගේ හැසිරීම් ගැන මූල්‍ය අධ්‍යයනය පිළිබඳ වැඩි විස්තර සඳහා, ඩිජිටල් වත්කම් පිළිබඳ World Economic Forum වාර්තාව බලන්න.
නීති රීති සහ ක්‍රිප්ටෝ මිල අතර සම්බන්ධය කුමක්ද?
රජයේ ප්‍රතිපත්ති, ක්‍රිප්ටෝ මාර්කට් වෙත බලපාන වැදගත්ම බාහිර සාධකවලින් එකක් ලෙස පවතී. නීති පිළිබඳ පැහැදිලිභාවය මඟින් වත්කම් වර්ගයකට පිළිගැනීමක් ලබා දිය හැකි අතර, දැඩි පියවර නිසා විශාල වශයෙන් විකිණීම් ඇති විය හැකිය. 2025 දී ගෝලීය බලධාරීන් ට්රේඩර්වරුන්ගේ ආරක්ෂාව, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ නීති පිළිපැදීම සහ බදු කෙරෙහි අවධානය යොමු කරනු ඇත. US Securities and Exchange Commission (SEC), European Central Bank හෝ ආසියානු නියාමකයන්ගේ තීරණ ගෝලීය මාර්කට් පුරා ක්ෂණිකව බලපායි.

උදාහරණයක් ලෙස, European Union එක Markets in Crypto-Assets (MiCA) රාමුව හඳුන්වා දුන් විට, ට්රේඩර්වරුන්ගේ විශ්වාසය වැඩි වූ අතර එය මිල ස්ථාවර කිරීමට ඉවහල් විය. ඊට වෙනස්ව, පෙර වසරවල චීනයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල ගත් දැඩි පියවර බොහෝ විට මාර්කට් පුරා තාවකාලික මිල පහත වැටීම්වලට හේතු විය. ඩිජිටල් මුදල් පිළිබඳ IMF පර්යේෂණ අනුව, ස්ථාවර නීති සම්මත ප්රමිතීන් දිගුකාලීන විශ්වාසය ශක්තිමත් කිරීමටත් මාර්කට් හැසිරවීමේ අවදානම් අඩු කිරීමටත් බොහෝ විට උපකාරී වනු ඇත.
මාධ්‍ය වාර්තා සහ ගෝලීය සිදුවීම් ක්‍රිප්ටෝ මිල කෙරෙහි බලපාන්නේ කෙසේද?
පුවත් සිරස්තල සහ ගෝලීය සිදුවීම් බොහෝ විට මිල තියුණු ලෙස වෙනස් වීම්මිල උච්චාවචන අවදානම කළමනාකරණ උපාය මාර්ග සඳහා උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි. ETF අනුමත කිරීම්, exchange හැක් කිරීම් හෝ ප්‍රසිද්ධ ආයතන බංකොලොත් වීම් වැනි නිවේදන මිනිත්තු කිහිපයක් ඇතුළත මාර්කට් පුරා බලපෑම් ඇති කළ හැකිය. එලෙසම, ගෝලීය අර්බුද හෝ උද්ධමන දත්ත මඟින් අවදානම කෙරෙහි ට්රේඩර්වරුන්ගේ කැමැත්ත වෙනස් විය හැකිය. සමහර ට්රේඩර්වරු මාර්කට්හි විය හැකි වෙනස්වීම් ගැන දැනුවත්ව සිටීමට තත්කාලීන පුවත් සහ තාක්ෂණික දර්ශක අධීක්ෂණය කරති. කෙසේ වෙතත්, මෙම මෙවලම්වලට ප්‍රතිඵල විශ්වාසදායක ලෙස පුරෝකථනය කිරීමට හෝ අවදානම ඉවත් කිරීමට නොහැකිය.
මෙම බලපෑම්වලට ක්‍රිප්ටෝ ට්‍රේඩිං උපාය මාර්ග අනුවර්තනය කර ගත හැක්කේ කෙසේද?
සැපයුම, පතල් කැණීමේ වියදම්, තරඟය, මාර්කට් මනෝභාවය සහ නීති රීති අතර සම්බන්ධතා තේරුම් ගැනීමෙන් ට්රේඩර්වරුන්ට වඩාත් දැනුවත් තීරණ ගත හැකිය.
වත්කම් විවිධාංගීකරණය කිරීම සහ stop-loss සීමා පිහිටුවීම ට්‍රේඩර්වරුන් අවදානම කළමනාකරණය කිරීමට භාවිත කරන පොදු ක්‍රම වේ. එහෙත් මිල උච්චාවචනය වැඩි මාර්කට් සමඟ බැඳුණු අවදානම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ඒවාට නොහැකිය.

Deriv වැනි වේදිකා demo ගිණුම් සපයයි. එහිදී ට්රේඩර්වරුන්ට සැබෑ මුදල්වලින් ට්‍රේඩ් කිරීමට පෙර, අනුරූපී තත්ත්වයන් තුළ උපාය මාර්ග පුහුණු විය හැකිය. සැබෑ ට්‍රේඩිං සැමවිටම මූල්‍ය අවදානමක් සහිත වේ. demo පුහුණුව මඟින් පාලිත පරිසරයක් තුළ මෙම අවදානම් තේරුම් ගැනීමට පරිශීලකයන්ට උපකාරී වේ.
සැඟවුණු බලවේග හෙළිදරව් වේ
සෑම මිල ප්‍රස්තාරයක් පිටිපස්සේම ආර්ථික, තාක්ෂණික සහ මනෝවිද්‍යාත්මක යන එකිනෙක බැඳුණු හේතු පද්ධතියක් පවතී. සැපයුම හිඟය තීරණය කරයි. නිෂ්පාදන වියදම් අවම මට්ටම සකසයි. මාර්කට් මනෝභාවය, ප්‍රචාරය සහ තරඟය මාර්කට්හි ඉහළ සහ පහළ මිල මට්ටම් හැඩගස්වයි. නීති රීති සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව විශ්වාසයේ සීමා සපයයි. මෙම සාධක නිරන്තරයෙන් එකිනෙකට බලපාන අතර, ට්‍රේඩර්වරුන් සෑම දිනකම නිරීක්ෂණය කරන වෙනස්වන රටා ඇති කරයි.
මෙම සැඟවුණු බලවේග තේරුම් ගැනීමෙන් ක්‍රිප්ටෝ මිල පුරෝකථනය කළ හැකි නොවේ. එහෙත් අවදානම් සහ පදනම් සාධක ගැන වැඩි අවබෝධයකින් මාර්කට් වෙනස්වීම් තේරුම් ගැනීමට එය ට්රේඩර්වරුන්ට උපකාරී වේ.
Deriv හි අපගේ මාර්කට් විශේෂඥයන් මාර්කට් වෙනස්වීම් ට්රේඩර්වරුන්ට වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා මෙම වෙනස්වන තත්ත්වයන් නිරන්තරයෙන් අධීක්ෂණය කරති. කෙසේ වෙතත්, ට්‍රේඩිං ප්‍රතිඵල අවිනිශ්චිත වන අතර මූල්‍ය අවදානමක් ඇතුළත් වේ.
ක්‍රිප්ටෝ මිල වෙනස්වීම් පිටුපස ඇති 'කුමක්ද' යන්න පමණක් නොව 'ඇයි' යන්න ද තේරුම් ගැනීමෙන්, ට්රේඩර්වරුන්ට මිල උච්චාවචනය මාර්කට් වෙනස්වීම්වල මූලික කොටසක් ලෙස පිළිගන්නා දැනුවත් උපාය මාර්ග ගොඩනඟා ගත හැකිය.
Quiz
ක්‍රිප්ටෝ මුදලක් mine කිරීමේ පිරිවැය එහි මාර්කට් මිලට වඩා වැඩි වූ විට කුමක් සිදු වේද?


