මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
8
Volatility Indices | ආරම්භක

නිවැරදි අස්ථාවරත්වය තෝරා ගැනීම

කාලසීමාව
3
විනාඩි

ගනුදෙනු කිරීමේදී, අස්ථාවරත්වය යනු නිශ්චිත කාල පරාසයක් තුළ වත්කමක මිල වෙනස් වන ප්‍රමාණයයි. එය මාර්කට් මිල වෙනස්වීම් පෙන්වන වැදගත් දර්ශකයක් වන අතර, අවදානම තක්සේරු කිරීමේ අත්‍යවශ්‍ය සාධකයක් ද වේ. ඉහළ අස්ථාවරත්වය යනු වත්කමක මිල කෙටි කාලයක් තුළ දැඩි ලෙස වෙනස් විය හැකි බවයි. එවිට සැලකිය යුතු ලාභ හෝ අලාභ සිදු විය හැකිය. අනෙක් අතට, අඩු අස්ථාවරත්වය යනු මිල වඩා ස්ථාවරව පවතින, මිල වෙනස්වීම් අඩු පරිසරයකි. වෙළඳපොළ තුළ ඵලදායී ලෙස ගනුදෙනු කිරීමට අස්ථාවරත්වය අවබෝධ කර ගැනීම ප්‍රධාන වේ.

Volatility Indices මගින් මෙම විවිධ මට්ටමේ මිල වෙනස්වීම් නියෝජනය වන අතර, ඒවා විවිධ ගනුදෙනු කිරීමේ ශෛලීන්ට ගැලපෙන පරිදි සකස් කර ඇත. මෙම පාඩම Volatility Indices හි ලක්ෂණ, ට්‍රේඩර්වරුන් සලකා බැලිය යුතු කරුණු සහ ඵලදායී ගනුදෙනු කිරීම සඳහා ප්‍රායෝගික උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.
‍

Volatility Indices හි ලක්ෂණ

Deriv විසින් විවිධ Volatility Indices ලබා දෙයි. ඒ සෑම එකක්ම අපේක්ෂිත මිල වෙනස්වීම් තීරණය කරන එහි අස්ථාවරත්ව ප්‍රතිශතයෙන් අර්ථ දැක්වේ. සාමාන්‍ය Volatility indices වල සෑම තත්පර 2කට වරක් මිල චලනයක් (සලකුණ) සිදු වේ. Deriv විසින් එම අස්ථාවරත්වයන්ම ඇති නමුත් සෑම තත්පරයකටම සලකුණක් ජනනය වන indices කිහිපයක් ද ලබා දෙයි. සංකේතයේ දැක්වෙන (1s) මගින් ඔබට මෙම indices හඳුනාගත හැකිය.
ජනප්‍රිය උදාහරණ කිහිපයක් සහ ඒවායේ අස්ථාවරත්ව මට්ටම පිළිබඳ වැඩි විස්තර පහත දැක්වේ:

  • Volatility 10 Index: අස්ථාවරත්වය 10% ක් වන මෙම index එක, ස්ථාවරභාවය සහ කුඩා මිල වෙනස්වීම් අපේක්ෂා කරන ට්‍රේඩර්වරුන්ට ගැලපේ. එබැවින් ආරම්භකයින්ට හෝ වඩා පුරෝකථනය කළ හැකි ගනුදෙනු පරිසරයක් කැමති අයට මෙය වඩාත් සුදුසුය.
    ‍
  • Volatility 25 Index: 10 Index හා සසඳන විට මඳක් වැඩි මිල චලනයක් ලබා දෙන Volatility 25 Index අවදානම සහ ප්‍රතිලාභ අතර සමතුලිතතාවයක් ඇති කරයි. යම් ස්ථාවරභාවයක් පවත්වා ගනිමින්ම ට්‍රේඩර්වරුන්ට මඳක් වැඩි ක්‍රියාකාරිත්වයක් අත්විඳීමට මෙය ඉඩ සලසයි.
    ‍
  • Volatility 100 Index: මෙම index එකේ අස්ථාවරත්වය 100% ක් වන අතර, එය වඩා පුරෝකථනය කළ නොහැකි මාර්කට් පරිසරයක් නියෝජනය කරයි. එය ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් ලබා දෙන නමුත්, ඒ සමඟ ඇති අවදානම් නිසා දැඩි ගනුදෙනු උපාය මාර්ග හසුරුවා ගත හැකි පළපුරුදු ට්‍රේඩර්වරුන්ට පමණක් මෙය සුදුසුය.
    ‍
  • Volatility 150 Index: 150% ක අධික අස්ථාවරත්වයක් සහිත මෙම index එක, වේගවත් සහ වඩා අවදානම් පරිසරවල කටයුතු කිරීමට කැමති ට්‍රේඩර්වරුන්ට ගැලපේ. සැලකිය යුතු ලාභ ලැබීමේ අවස්ථා මෙයින් ලැබුණද, විශාල අලාභ සිදුවීමේ හැකියාවක් ද ඇති බැවින් ශක්තිමත් අවදානම් කළමනාකරණ උපාය මාර්ග අවශ්‍ය වේ.
    ‍

ඔබේ ගනුදෙනු ශෛලිය සහ අවදානම දරා ගැනීමේ හැකියාව තක්සේරු කිරීම

Volatility Index එකක් තෝරා ගැනීමේදී, ඔබේ පුද්ගලික ගනුදෙනු ශෛලිය සහ අවදානම දරා ගැනීමේ හැකියාව සලකා බැලීම වැදගත් වේ:

  • අවදානම දරා ගැනීමේ කැමැත්ත: තියුණු මිල උච්චාවචනයන් ඔබට පහසු ද, නැතහොත් වඩා පුරෝකථනය කළ හැකි මිල චලනයන් ඔබ කැමති ද? ඔබ index එකක් තෝරා ගැනීමට ඔබේ අවදානම දරා ගැනීමේ කැමැත්ත විශාල බලපෑමක් කරයි.
    ‍
  • ගනුදෙනු කිරීමේ පළපුරුද්ද: ආරම්භකයින්ට මාර්කට් චලනයන් හඳුනා ගැනීම සඳහා Volatility 10 Index වැනි අඩු අස්ථාවරත්වයක් ඇති indices වලින් ආරම්භ කිරීම ප්‍රයෝජනවත් විය හැකිය. අනෙක් අතට, පළපුරුදු ට්‍රේඩර්වරුන්ට ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් වඩා ආක්‍රමණශීලී Volatility 75 හෝ 100 Indices සොයා යා හැකිය.
    ‍
  • උපායමාර්ගික මානසිකත්වය: වෙළඳ ගනුදෙනු අධීක්ෂණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට ඔබ කොපමණ කාලයක් සහ උත්සාහයක් වෙන් කිරීමට කැමති දැයි තක්සේරු කරන්න. ඉහළ අස්ථාවරත්වයක් ඇති indices වලට වැඩි අවධානයක් සහ ඉක්මන් තීරණ ගැනීමක් අවශ්‍ය විය හැකි අතර, අඩු අස්ථාවරත්වයක් ඇති indices මගින් ගනුදෙනු කිරීමට වඩා සැහැල්ලු ප්‍රවේශයක් ගත හැකිය.
    ‍

Volatility Indices සඳහා ප්‍රායෝගික ගනුදෙනු උපාය මාර්ග

සෑම Volatility Index එකක්ම එහි අස්ථාවරත්ව ලක්ෂණ අනුව විවිධ ගනුදෙනු උපාය මාර්ග සඳහා ගැලපේ. එහෙත් Volatility Indices ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන අය සඳහා හොඳ පිළිවෙත් කිහිපයක් මෙහි දැක්වේ:

  1. Stop Loss ඇණවුම් භාවිතය: Volatility 75 හෝ 100 වැනි ඉහළ අස්ථාවරත්වයක් ඇති වෙළඳපොළවල Stop Loss ඇණවුම් භාවිත කිරීම හොඳ පිළිවෙතකි. පොසිෂන් නිශ්චිත මිල මට්ටමකට ළඟා වූ විට ඒවා ස්වයංක්‍රීයව වසා දැමීමෙන් අලාභ අවම කර ගැනීමට මෙම මෙවලම උපකාරී වේ.
    ‍
  2. ප්‍රවණතාව අනුගමනය කිරීම: Volatility 50 සහ 100 වැනි indices සඳහා, ප්‍රවණතා අනුගමන උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම සලකා බලන්න. මෙහිදී මාර්කට් චලනයන් විශ්ලේෂණය කර ප්‍රවණතා හඳුනාගෙන, එම ප්‍රවණතා දිශාවටම වෙළඳ ගනුදෙනු සිදු කරනු ලැබේ.
    ‍‍
  3. විවිධාංගීකරණය: ඔබේ පොසිෂන් Volatility Indices කිහිපයක් අතර බෙදා හැරීමෙන් අවදානම කළමනාකරණය කර ගැනීමට හැකිය. නිදසුනක් ලෙස, Volatility 10 Index සහ Volatility 150 Index යන දෙකෙහිම පොසිෂන් තබා ගැනීමෙන්, විවිධ මට්ටමේ මාර්කට් චලනයන්ගෙන් ප්‍රයෝජන ගනිමින් අවදානම සමතුලිත කර ගත හැකිය.

Quiz

ගනුදෙනු කිරීමේ සන්දර්භය තුළ උච්චාවචනය අර්ථ දක්වන්නේ කෙසේද?

සැලකිලිමත් ට්‍රේඩර්වරුන්ට Volatility 10 Index සුදුසු වීමට හේතු වන ලක්ෂණය කුමක්ද?

අස්ථාවර වෙළඳපොළවල ට්‍රේඩර්වරු Stop Loss ඕඩර් භාවිත කළ යුත්තේ ඇයි?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp