
ඔබ ෆොරෙක්ස් ගනුදෙනු කිරීම ආරම්භ කරන්නේ නම්, කුමක් ගනුදෙනු කළ යුතුද යන්න දැනගැනීම තරම්ම, කවදා ගනුදෙනු කළ යුතුද යන්නත් වැදගත් වේ. දැඩි කාලසටහනක් අනුගමනය කරන කොටස් වෙළඳපොළට වඩා වෙනස්ව, ෆොරෙක්ස් සඳුදා සිට සිකුරාදා දක්වා පැය 24ම ක්‍රියාත්මක වේ. නමුත් සියලු පැය එක හා සමාන නොවේ. සමහර පැය වෙනත් පැයවලට වඩා වැඩි අවස්ථා ලබා දෙයි.
මාර්කට් එක එක් මූල්‍ය මධ්‍යස්ථානයකින් තවත් මධ්‍යස්ථානයකට ගලා යන ගෝලීය රිලේ ධාවනයක් ලෙස සිතන්න. පොළොව භ්‍රමණය වන විට, ගනුදෙනු කිරීමේ රිලේ දණ්ඩ එක් ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානයකින් තවත් එකකට පැවරේ. එය සිඩ්නියෙන් ආරම්භ වී ටෝකියෝවට ගොස්, පසුව ලන්ඩනයට පැමිණ, අවසානයේ නිව්යෝර්ක් වෙත ළඟා වේ. සෑම සැසියක්ම වෙනස් මාර්කට් ස්වභාවයක් ගෙන එයි.
ප්‍රධාන ෆොරෙක්ස් ගනුදෙනු සැසි හතර:
සිඩ්නි සැසිය (ප.ව. 9 – පෙ.ව. 6 (GMT))
ක්‍රියාකාරකම් ආරම්භ වන්නේ මෙතැනිනි! ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඩොලර් ප්රමුඛ ස්ථානය ගනී. සාමාන්‍යයෙන් මෙය සන්සුන් සැසියකි; කුණාටුවට පෙර නිහඬතාව මෙනි.
ටෝකියෝ සැසිය (පෙ.ව. 12 – පෙ.ව. 9 (GMT))
ආසියානු වෙළඳපොළ අවදි වන අතර ජපන් යෙන් ප්රමුඛ ස්ථානය ගනී. මෙම සැසිය මධ්‍යම වේගයකින් ගමන් කරයි. වඩා තීව්ර ලන්ඩන් සහ නිව්යෝර්ක් සැසි ආරම්භ වීමට පෙර ප්රවණතා හඳුනා ගැනීමට එය ට්රේඩර්වරුන්ට ඉඩ සලසයි.
ලන්ඩන් සැසිය (පෙ.ව. 7 – ප.ව. 4 (GMT))
ලන්ඩනය සමඟ ක්‍රියාකාරකම් වේගවත් වන අතර යූරෝ සහ බ්‍රිතාන්‍ය පවුම ශක්තිමත් චලනයන් පෙන්වයි. මෙය ෆොරෙක්ස් ගනුදෙනු කිරීමට හොඳම කාලයයි: ඉහළ මිල උච්චාවචනය, විශාල අවස්ථා සහ ක්‍රියාකාරකම් රැසක්.
නිව්යෝර්ක් සැසිය (ප.ව. 12 – ප.ව. 9 (GMT))
ඇමරිකානු ඩොලරය ප්රමුඛ ස්ථානය ගන්නා අතර, විශේෂයෙන් ලන්ඩන් සැසිය සමඟ අතිච්ඡාදනය වන විට මාර්කට් එක තවත් තීව්ර වේ. මෙම සැසිය ඉහළ මිල උච්චාවචනයක් සහ ඉහළ ගනුදෙනු පරිමාවක් ලබා දෙයි.
අතිච්ඡාදනය වන සැසිවල විශේෂත්වය
හොඳම ගනුදෙනු අවස්ථා සමහරක් සිදු වන්නේ සැසි දෙකක් අතිච්ඡාදනය වන විටය; එවිට ගනුදෙනු පරිමාව සහ මිල උච්චාවචනය ඉහළ යයි. මෙම කාල පරිච්ඡේදවල බොහෝ විට ඉහළ මිල උච්චාවචනයක් සහ ද්‍රවශීලතාවක් ඇති වේ.
- ලන්ඩන් සහ නිව්යෝර්ක් අතිච්ඡාදනය (ප.ව. 12 – ප.ව. 4 (GMT)):
විශේෂයෙන් GBP/USD වැනි යුගල සඳහා, වඩාත්ම කාර්යබහුල සහ වැඩිපුරම ගනුදෙනු කෙරෙන සැසියයි. විශාල සහභාගිකයෝ ක්‍රියාකාරීව සිටින අතර මිල චලනයන් ඉතා වේගවත් විය හැකිය.
- ටෝකියෝ සහ ලන්ඩන් අතිච්ඡාදනය (පෙ.ව. 7 – පෙ.ව. 9 (GMT)):
ලන්ඩන්/නිව්යෝර්ක් අතිච්ඡාදනයට වඩා මිල උච්චාවචනය අඩු වුවත්, තවමත් යහපත් ගනුදෙනු අවස්ථා ලබා දෙයි.
ඉඟිය: මෙම සැසි GMT අනුව පවතී. එබැවින් ඒවා ඔබේ වේලා කලාපයට අනුව සකසා ගන්න. මාර්කට් එක සමඟ ඔබේ වේලාව ගළපා ගැනීමට උපකාර වන මාර්ගගත මෙවලම් රැසක් ඇත.
ගනුදෙනු වේලාවන් වැදගත් වන්නේ ඇයි
- ගනුදෙනු කිරීමට හොඳම වේලාවන් සොයා ගන්න: මිල උච්චාවචනයක් අවශ්‍යද? ලන්ඩන් හෝ නිව්යෝර්ක් සැසිවලදී ගනුදෙනු කරන්න. වඩා සන්සුන් වේගයක් කැමතිද? සිඩ්නි හෝ ටෝකියෝ සැසි උත්සාහ කරන්න.
- මාර්කට් හැසිරීම තේරුම් ගන්න: විවිධ සැසිවලට විවිධ ලක්ෂණ ඇත. ටෝකියෝ සැසිය බොහෝ විට වඩාත් අනුමාන කළ හැකි අතර, නිව්යෝර්ක් සැසිය වඩා උච්චාවචනය වන, ගතික සැසියක් විය හැකිය.
- ඔබේ උපාය මාර්ග සැලසුම් කරන්න: Scalping ටෝකියෝවේදී වඩාත් සුදුසු විය හැකි අතර, ප්රවණතා අනුගමනය කරන උපාය මාර්ග ලන්ඩන් සැසියේදී හොඳින් ක්‍රියාත්මක විය හැකිය.
දැන් ඔබ ෆොරෙක්ස් මාර්කට් එකේ රිද්මය දන්නා බැවින්, හොඳම අවස්ථා සඳහා ඔබේ ගනුදෙනු සැසි සැලසුම් කළ හැකිය. මතක තබා ගන්න, වැදගත් වන්නේ ඔබ ගනුදෙනු කරන්නේ කවදාද යන්න පමණක් නොවේ.
සාර්ථකත්වය රඳා පවතින්නේ නිවැරදි වේලාව මත පමණක් නොවේ. ඔබේ සැලැස්ම විනයානුකූලව ක්‍රියාත්මක කිරීමත් වැදගත් වේ. ඔබේ ශෛලියට ගැලපෙන සැසි තෝරන්න, ඔබේ අවදානම කළමනාකරණය කරන්න, සැමවිටම සැලැස්මක් සහිතව ගනුදෙනු කරන්න.
අදම ඔබේ ගනුදෙනු කුසලතා වැඩිදියුණු කර ගැනීමට Deriv Academy වෙත පිවිසෙන්න!
Quiz
වඩාත් කාර්යබහුල සහ වැඩිපුරම ට්‍රේඩ් වන ෆොරෙක්ස් සැසිය කුමක්ද?

