
පුහුණුවකින් තොරව ගනුදෙනු කිරීමට පිවිසීම, කාර්යබහුල මෝටර්වේ එකක පළමු වරට රිය පැදවීම වැනිය. එය අවදානම් සහගත සහ ව්‍යාකූල වේ. මෙහිදී ඩෙමෝ ගනුදෙනු ගිණුමක් ඔබට උපකාරී වේ! එය ඔබේ ගනුදෙනු පරීක්ෂණ ධාවනයයි. එමගින් ඔබට මාර්කට් ගවේෂණය කිරීමට, ගනුදෙනු උපාය මාර්ග පරීක්ෂා කිරීමට සහ ගනුදෙනු මෙවලම් සමඟ හුරුපුරුදු වීමට හැකිය. ඒ සියල්ල සැබෑ මුදලින් එක් සතයක්වත් අවදානමට ලක් නොකරමය.
ඩෙමෝ ගනුදෙනු ගිණුමක් යනු කුමක්ද, එය වැදගත් වන්නේ ඇයි?
ඩෙමෝ ගනුදෙනු ගිණුමක් යනු ගනුදෙනු ක්‍රියා කරන ආකාරය ඉගෙන ගැනීමට ඇති නොමිලේ, අවදානම් රහිත ක්‍රමයකි. එමගින් සැබෑ මාර්කට් තත්ත්වයන් වෙත ඔබට ප්‍රවේශය ලැබෙන අතර, අථත්‍ය මුදල් භාවිතයෙන් විවිධ උපාය මාර්ග පුහුණු වීමට හැකිය. එය ට්‍රේඩර්වරුන් සඳහා වූ ෆ්ලයිට් සිමියුලේටරයක් ලෙස සිතන්න. සැබෑ මූල්‍ය අවදානමේ කැළඹීම් නොමැතිව සම්පූර්ණ අත්දැකීම ඔබට ලැබේ.
ඩෙමෝ ගනුදෙනු ගිණුමක් විවෘත කළ හැක්කේ කොතැනින්ද?
Deriv හි සියලු ගනුදෙනු වේදිකාවල ඩෙමෝ ගිණුම් ලබා දෙන අතර, ඒවාට අථත්‍ය මුදල් 10,000 USD ක් ඇතුළත් කර ඇත. ඔබට ඕනෑම වේලාවක ශේෂය නැවත පුරවා ගත හැකි අතර, ෆොරෙක්ස් සිට කොටස්, ක්‍රිප්ටෝ මුදල් සහ සින්තටික් දර්ශක දක්වා විවිධ වෙළඳපොළ ගවේෂණය කළ හැකිය.
සැබෑ මුදල් භාවිතා නොකර ගනුදෙනු පුහුණු වීම

සමහර ට්‍රේඩර්වරු අත්දැකීමකින් තොරව විශාල ලාභ පසුපස හඹා යමින් සැබෑ ගනුදෙනුවලට ඉක්මනින් බැසගනිති. එය බොහෝ විට වේදනාකාරී අලාභ වෙත මග පාදයි. ඩෙමෝ ගිණුමකින් ඔබට උපාය මාර්ග පරීක්ෂා කිරීමට, අවදානම් කළමනාකරණ මෙවලම් තේරුම් ගැනීමට සහ සැබෑ මුදල් අහිමි නොවී විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිය.
Deriv Trader මත, ඔබට විකල්ප ගනුදෙනු පුහුණු කළ හැකි අතර, Stop Loss, Take Profit සහ deal cancellation වැනි අවදානම් කළමනාකරණ මෙවලම් ඇතුළත් Multipliers ගවේෂණය කළ හැකිය.
මාර්කට් විශ්ලේෂණය සඳහා ඩෙමෝ ගිණුම් භාවිතා කිරීම
මාර්කට් චලනය වන්නේ ප්‍රවණතා, ලෝක සිදුවීම් සහ ට්‍රේඩර්වරුන්ගේ හැසිරීම මත පදනම්වය. මෙම චලනයන් තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. ඩෙමෝ ගිණුමක් මගින් ඔබට සැබෑ කාලීන මාර්කට් තත්ත්වයන් අධ්‍යයනය කිරීමට, තාක්ෂණික විශ්ලේෂණ මෙවලම් පරීක්ෂා කිරීමට සහ මුදල් අහිමි වීමේ බියකින් තොරව උපාය මාර්ග සකස් කිරීමට හැකිය.
Deriv MT5 (DMT5) මේ සඳහා විශිෂ්ට වේදිකාවකි. සැබෑ ගිණුමක් භාවිතා කිරීමට පෙර සම්පූර්ණ ගනුදෙනු අත්දැකීම ලබා ගැනීමට ඔබට උපකාර වන උසස් charting මෙවලම්, indicators සහ විශ්ලේෂණ විශේෂාංග එයින් ලැබේ.
සජීවී ගනුදෙනුවලට පෙර ගනුදෙනු සැලැස්මක් සකස් කිරීම
හොඳ ට්‍රේඩර් කෙනෙක් කිසි විටෙක ආවේගශීලීව ගනුදෙනු නොකරයි. ව්‍යුහගත ගනුදෙනු සැලැස්මක් සකස් කිරීම ඔබට විනයගරුක වීමට උපකාරී වේ. ඩෙමෝ ගිණුමක් මගින් ඔබට පහත දේ කළ හැකිය:
- යථාර්ථවාදී ඉලක්ක සකසා ඔබට ගැලපෙන ගනුදෙනු ශෛලියක් (scalping, swing trading) තෝරා ගැනීම.
- තාක්ෂණික indicators භාවිතයෙන් ඇතුළු වීමේ සහ ඉවත් වීමේ උපාය මාර්ග නිර්වචනය කිරීම.
- Stop Loss ඇණවුම් සහ පොසිෂන් ප්‍රමාණය සමඟ අවදානම් කළමනාකරණය පුහුණු වීම.
සැබෑ ගිණුමකට මාරු විය යුත්තේ කවදාද?
සාමාන්‍ය පිළිතුරක් නැත, නමුත් ඔබ සූදානම් විය හැකි බවට සලකුණු කිහිපයක් මෙන්න:
- ඔබ උපාය මාර්ගයක් සාර්ථකව පරීක්ෂා කර ඇත (ඔබේ ගනුදෙනුවලින් 50% කට වඩා ලාභදායී වී ඇත).
- ඔබ ඔබේ මුදල් හොඳින් කළමනාකරණය කරන අතර අවදානම් කළමනාකරණය ගැන අවබෝධයක් ඇත.
- ඔබේ තීරණ හැඟීම්වලට ඉඩ නොදී ගනුදෙනු කළ හැකිය.
Quiz
Demo ගනුදෙනු ගිණුමක ඇති විශාලතම වාසිය කුමක්ද?


