මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
2
Deriv MT5 | ආරම්භකයින්

ඔබේ Deriv MT5 ද්වාරය: ඩෙස්ක්ටොප්, වෙබ් හෝ ජංගම?

කාලසීමාව
8
විනාඩි

Deriv Academy වෙත නැවත සාදරයෙන් පිළිගනිමු! මෙම පාඩමෙන් ඔබේ Deriv MT5 ගිණුමට විවිධ වේදිකා හරහා පිවිසිය හැකි ආකාරය සාකච්ඡා කරමු. ඵලදායී ට්‍රේඩිං අත්දැකීමක් සඳහා ඔබේ පිවිසුම් ක්‍රම ගැන දැන ගැනීම වැදගත් වේ. ඔබට ලබා ගත හැකි ඩෙස්ක්ටොප් ටර්මිනලය, වෙබ් වේදිකාව සහ ජංගම යෙදුම පිළිබඳ විකල්ප මෙහිදී විමසා බලමු.

‍

Deriv MT5 ඩෙස්ක්ටොප් ටර්මිනලය

Deriv MT5 ඩෙස්ක්ටොප් ටර්මිනලය නිර්මාණය කර ඇත්තේ වඩාත්ම සම්පූර්ණ ට්‍රේඩිං පරිසරය සැපයීමටය ට්‍රේඩිං මාර්ගෝපදේශ. එය Windows, macOS සහ Linux පද්ධති සමඟ ගැළපේ. Deriv වෙබ් අඩවියේ Traders Hub Traders Hub වෙතින් ඔබට මෙම යෙදුම පහසුවෙන් බාගත කළ හැකිය.
‍

ඩෙස්ක්ටොප් ටර්මිනලයේ ප්‍රධාන විශේෂාංග

  1. බහු ප්‍රස්තාර: ප්‍රස්තාර කවුළු කිහිපයක් එකවර විවෘත කිරීමට හැකි නිසා, විවිධ මාර්කට් හෝ කාල රාමු එකවර නිරීක්ෂණය කළ හැකිය. එමගින් මාර්කට් එක පිළිබඳ පුළුල් දසුනක් ඔබට ලැබේ.
    ‍
  2. තාක්ෂණික දර්ශක සහ ඇඳීමේ මෙවලම්: ඩෙස්ක්ටොප් වේදිකාවේ විවිධ තාක්ෂණික දර්ශක සහ ඇඳීමේ මෙවලම් ඇත. මිල චලනයන් විශ්ලේෂණය කිරීමට සහ ට්‍රේඩිං අවස්ථා වඩාත් හොඳින් හඳුනා ගැනීමට ඒවා ඔබට උපකාරී වේ.
    ‍
  3. Market Watch: මෙම විශේෂාංගය මගින් Deriv MT5 හි ට්‍රේඩ් කළ හැකි සියලු සාධනවල වත්මන් මිල ප්‍රදර්ශනය කරයි. මාර්කට් තත්ත්වය ඉක්මනින් තක්සේරු කිරීමට, ඔබේ ට්‍රේඩ් කළමනාකරණය කිරීමට සහ තත්‍ය කාලීනව වෙනස්කම් කිරීමට ඔබට එකම ස්ථානයකින් හැකිය.
    ‍
  4. Expert Advisors (EAs): මෙම වේදිකාව ස්වයංක්‍රීය ට්‍රේඩිං උපාය මාර්ගවලට සහාය දක්වයි. MQL5 ක්‍රමලේඛන භාෂාව භාවිතයෙන් මෙම උපාය මාර්ග නිර්මාණය කිරීමට, පරීක්ෂා කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකිය. එසේ නැතිනම් MQL5 Marketplace හි ඇති පෙර සකස් කළ EAs භාවිත කළ හැකිය. එවිට නියම කළ කොන්දේසි මත පදනම්ව ඔබට අතින් කිසිවක් නොකර ට්‍රේඩ් කළ හැකිය.
    ‍

Deriv MT5 වෙබ් වේදිකාව

මෘදුකාංග බාගත කිරීමට අකමැති අය සඳහා Deriv MT5 වෙබ් වේදිකාව පහසු විකල්පයකි. එයට ඕනෑම වෙබ් බ්‍රවුසරයකින් කෙලින්ම පිවිසිය හැකිය. මෙමගින් ට්‍රේඩර්වරුන්ට කිසිවක් ස්ථාපනය නොකර forex මාර්කට් එකේ ට්‍රේඩ් කළ හැකිය.
‍

MT5 වෙබ් වේදිකාවේ වාසි

  • ඉක්මන් ආරම්භය: වෙබ් වේදිකාව මගින් විනාඩි කිහිපයක් ඇතුළත ට්‍රේඩිං ආරම්භ කළ හැකිය. Deriv වෙබ් අඩවිය හරහා පිවිසී, Traders Hub වෙත ගොස් ඔබේ ගිණුමට ඇතුළු වී ගවේෂණය ආරම්භ කරන්න.
    ‍
  • භාවිතයට පහසු අතුරුමුහුණත: පහසුවෙන් භාවිත කිරීමට නිර්මාණය කර ඇති වෙබ් වේදිකාවේ අවබෝධ කර ගැනීමට පහසු පිරිසැලසුමක් ඇත. එය ආරම්භකයින්ට මෙන්ම පළපුරුදු ට්‍රේඩර්වරුන්ටද සුදුසුය.
    ‍
  • ස්වයංක්‍රීය යාවත්කාලීන: වෙබ් වේදිකාව Deriv හි සේවාදායක (servers) හරහා ස්වයංක්‍රීයව යාවත්කාලීන වන නිසා මෘදුකාංග යාවත්කාලීන කළමනාකරණය ගැන ඔබට කරදර විය යුතු නැත. එමගින් නවතම විශේෂාංග ඔබට සැමවිටම ලැබේ.
    ‍
  • ගමනේදී ප්‍රස්තාර: වෙබ් වේදිකාවෙන් ඔබේ බ්‍රවුසරයේම ප්‍රස්තාර බලා මූලික ඇඳීමේ මෙවලම් යෙදිය හැකිය. එමගින් ඔබේ ප්‍රධාන පරිගණකයෙන් ඈත්ව සිටියදීත් ප්‍රවණතා විශ්ලේෂණය කර දැනුවත් තීරණ ගත හැකිය.
    ‍

Deriv MT5 ජංගම යෙදුම

Deriv MT5 ජංගම යෙදුමෙන් ඔබේ ට්‍රේඩිං අත්දැකීම ඔබ යන ඕනෑම තැනකට රැගෙන යා හැකිය. එය Apple App Store, Google Play Store හෝ Huawei App Gallery වෙතින් බාගත කළ විට, ඔබේ දුරකථනය ට්‍රේඩිං සඳහා බලවත් මෙවලමක් බවට පත්වේ.
‍

ජංගම යෙදුමේ ප්‍රධාන විශේෂාංග

  • ගමනේදී මාර්කට් නිරීක්ෂණය: ජංගම යෙදුම ඔබේ උපාංගයේම තත්‍ය කාලීන මාර්කට් මිල ගණන් සහ ප්‍රස්තාර සපයයි. ඔබ කොතැන සිටියත් මිල චලනයන් සහ ට්‍රේඩිං අවස්ථා ගැන දැනුවත්ව සිටීමට එය උපකාරී වේ.
    ‍
  • සරල ඇණවුම් ක්‍රියාත්මක කිරීම: මිලදී ගැනීමට සහ විකිණීමට පැහැදිලි බොත්තම් ඇති නිසා ට්‍රේඩ් කිරීම පහසුය. ආරම්භකයින්ට market orders සහ limit orders පිළිබඳ මූලික කරුණු ඉක්මනින් ඉගෙන ගත හැකි අතර ට්‍රේඩිං උපාය මාර්ගවල ප්‍රධාන අංග කෙරෙහි අවධානය යොමු කළ හැකිය.
    ‍

නිගමනය

ඔබේ Deriv MT5 ගිණුමට පිවිසිය හැකි විවිධ ක්‍රම දැන් ඔබ ගවේෂණය කර ඇත. දැන් ක්‍රියාත්මක වීමට කාලයයි! ඔබේ ට්‍රේඩිං ශෛලිය සහ කැමැත්ත අනුව ඔබේ අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන වේදිකාව තෝරන්න. උසස් විශේෂාංග සඳහා ඩෙස්ක්ටොප් ටර්මිනලය, ඉක්මන් පිවිසුමක් සඳහා වෙබ් වේදිකාව, හෝ ගමනේදී ට්‍රේඩ් කිරීමට ජංගම යෙදුම තෝරා ගත හැකිය.

ඊළඟ පාඩමෙන් අපි Deriv MT5 වේදිකාව ගැන වඩාත් ගැඹුරින් සාකච්ඡා කරමු. එහි ක්‍රියාකාරිත්වයන් හඳුන්වා දෙමින්, එය විශ්වාසයෙන් භාවිත කිරීමට අවශ්‍ය කුසලතා ඔබට ලබා දෙමු. සුබ ට්‍රේඩිං!

‍

Quiz

Deriv MT5 Desktop Terminal භාවිත කිරීමේ ප්‍රධාන වාසිය කුමක්ද?

Deriv MT5 Web ප්ලැට්ෆෝමය ලබා දෙන ප්‍රතිලාභය කුමක්ද?

Deriv MT5 හි desktop සහ mobile අනුවාද දෙකෙහිම ඇති විශේෂාංගය කුමක්ද?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp