
ෆිබොනාච්චි retracements මාර්කට් හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගැනීමට තාක්ෂණික විශ්ලේෂණයේ බහුලව භාවිතා වේ. සරල සහ ප්‍රසිද්ධ ගණිතමය අනුපාත භාවිතයෙන් ප්‍රධාන සහාය සහ ප්‍රතිරෝධ කලාප හඳුනා ගැනීමට ඒවා උපකාරී වේ. ඒවා ක්‍රියා කරන ආකාරය මෙසේය. උසස් ගණිතයක් අවශ්‍ය නැත.
ෆිබොනාච්චි සංඛ්‍යා යනු මොනවාද?
ෆිබොනාච්චි සංඛ්‍යා යනු සෑම සංඛ්‍යාවක්ම ඊට පෙර සංඛ්‍යා දෙකේ එකතුව වන ගණිතමය අනුක්‍රමයකි. උදාහරණයක් ලෙස: 0, 1, 1, 2, 3, 5, 8, 13, 21… ආදී වශයෙනි.
මෙම රටාව සොබාදහමේ සෑම තැනකම දැකිය හැකිය: ශංඛවල සර්පිලාකාර හැඩයේ සිට සූර්යකාන්ත බීජ පිළිවෙළට පිහිටා ඇති ආකාරය දක්වා. මෙම අනුපාත මාර්කට් මිල හැසිරීමේද දක්නට ලැබේ. එය ක්‍රියාත්මක වන පුදුමාකාර නිරවද්‍යතාවකි.
ෆිබොනාච්චි retracement මට්ටම් ක්‍රියා කරන ආකාරය
ෆිබොනාච්චි retracement මෙවලම මිල චලනයක් පදනම් කරගෙන ප්‍රධාන ප්‍රතිශතවලින් තිරස් මට්ටම් නිර්මාණය කරයි. එය සහාය හෝ ප්‍රතිරෝධ කලාප අපේක්ෂා කිරීමට උපකාරී වේ. මෙම ප්‍රධාන මට්ටම් මෙසේය:
- 0% (ප්‍රවණතාවේ ආරම්භක ලක්ෂ්‍යය)
- 23.6%
- 38.2%
- 50% (නිල වශයෙන් ෆිබොනාච්චි සංඛ්‍යාවක් නොවුවද, ට්‍රේඩර්වරුන් එයට කැමතිය)
- 61.8% (රන් අනුපාතය, එනම් මායා සංඛ්‍යාව)
- 78.6%
- 100% (ප්‍රවණතාවේ අවසානය)
මේවා ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය මෙසේය. විශාල මිල චලනයක් (ඉහළට හෝ පහළට) සොයා ගන්න. එවිට retracement මට්ටම්, මිල විවේකයක් ගන්නේ හෝ ආපසු හැරෙන්නේ කොතැනදැයි පුරෝකථනය කිරීමට උපකාරී වේ.

ෆිබොනාච්චි මට්ටම් ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම
වත්කමක මිල 100 USD සිට 200 USD දක්වා ඉහළ ගියේ යැයි සිතමු. එය retrace වුවහොත්, එනම් පසුබැසුවහොත්, ප්‍රධාන ෆිබොනාච්චි මට්ටම් අවට සහාය බලාපොරොත්තු විය හැකිය. උදාහරණයක් ලෙස, 50% retracement යනු මිල නැවත ඉහළ යාමට පෙර 150 USD දක්වා පහළ යා හැකි බවයි.
විවිධ මට්ටම්වල අර්ථ වෙනස් වේ:
- 23.6% - 38.2%: සුළු retracements, බොහෝ විට ශක්තිමත් ප්‍රවණතාවල දක්නට ලැබේ.
- 50% - 61.8%: මිල නතර වීමට හෝ ආපසු හැරීමට නැඹුරු වන ප්‍රධාන කලාප.
- 78.6% - 100%: ආපසු හැරීමේ හැකියාව ඇති කලාප සහිත ගැඹුරු පසුබැසීම්.

ගනුදෙනු කිරීමේදී ෆිබොනාච්චි retracements භාවිතා කරන ආකාරය
ඔබට Insert යටතේ Deriv MT5 තුළ ෆිබොනාච්චි මෙවලම් කෙලින්ම භාවිතා කළ හැකිය

ෆිබොනාච්චි retracement මට්ටම් භාවිතා කරන ක්‍රම:
- සහාය/ප්‍රතිරෝධ සමඟ: ෆිබොනාච්චි මට්ටමක් පෙර ඉහළ/පහළ මට්ටම් සමඟ ගැළපේ නම්, එම කලාපය තවත් වැදගත් වේ.
- Moving averages සමඟ: moving average එකකට (50-day MA වැනි) retracement වීම ආපසු හැරීමක් තහවුරු කළ හැකිය.
- Candlestick රටා සමඟ: 61.8% මට්ටම අසල bullish engulfing candle එකක්ද? එය ශක්තිමත් සංඥාවකි.
- කාල රාමු හරහා: විශාල ට්‍රේඩර්වරුන් නිරීක්ෂණය කරනු ඇති ප්‍රධාන මට්ටම් දැකීමට zoom out කරන්න.
- RSI හෝ Stochastics සමඟ: ප්‍රධාන ෆිබොනාච්චි මට්ටමක oversold ද? එය විය හැකි මිලදී ගැනීමේ සංඥාවකි.
Quiz
Stock එකක මිල $50 සිට $100 දක්වා ඉහළ යයි. 50% retracement මට්ටම කොතැනද?


