මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
3
Forex | ආරම්භක

විදේශ විනිමය යුගල අවබෝධ කර ගැනීම

කාලසීමාව
3
විනාඩි

විදේශ විනිමය ගනුදෙනු කිරීමේ ලෝකයේදී, ආරම්භකයින්ට විදේශ විනිමය යුගල පිළිබඳ සංකල්පය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. වීඩියෝව ශක්තිමත් හැඳින්වීමක් ලබා දුන්නද, මෙම පාඩම මගින් වීඩියෝ 2 හි හඳුන්වා දුන් විදේශ විනිමය යුගලවල මූලික කරුණු වඩාත් විස්තර කෙරේ. එහිදී විදේශ විනිමය යුගලයක සංරචක, pips වල වැදගත්කම සහ ඔබේ වෙළඳ ප්‍රමාණය නිවැරදිව තීරණය කිරීම වැනි ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කෙරේ.

විදේශ විනිමය යුගලයක සංරචක

සෑම විදේශ විනිමය යුගලයක්ම මුදල් දෙකකින් සමන්විත වේ: පාදක මුදල සහ කොටේෂන් මුදල. පාදක මුදල යනු යුගලයේ මුලින්ම දැක්වෙන මුදල වන අතර, ඔබ මිල දී ගන්නේ එයයි. කොටේෂන් මුදල යනු දෙවනුව දැක්වෙන මුදල වන අතර, පාදක මුදලේ ඒකකයක් මිල දී ගැනීමට අවශ්‍ය ප්‍රමාණය එයින් දැක්වේ.

උදාහරණයක් ලෙස, EUR/USD මුදල් යුගලයේ:

  • පාදක මුදල: EUR (යුරෝ)
  • කොටේෂන් මුදල: USD (ඇමරිකානු ඩොලර්)

EUR/USD සඳහා 1.0697 වැනි කොටේෂනයක් ඔබ දකින විට, එයින් අදහස් වන්නේ යුරෝ එකක් ඇමරිකානු ඩොලර් 1.0697 කට සමාන බවයි. වෙළඳාමක් අතරතුර ඔබ කොටේෂන් මුදල විකුණමින් පාදක මුදල මිල දී ගන්නා බැවින්, මෙම සම්බන්ධතාව අවබෝධ කර ගැනීම මූලික කරුණකි.
‍

Pips වල වැදගත්කම

pip, නැතහොත් “percentage in point”, යනු මුදල් යුගලයක මිල වෙනස්වීම් මැනීමේ කුඩාම ඒකකයයි. සාමාන්‍යයෙන් බොහෝ යුගල සඳහා pip එක හතරවන දශම ස්ථානයෙන් (0.0001) දැක්වෙන අතර, යෙන් යුගල සඳහා දෙවන දශම ස්ථානයෙන් (0.01) දැක්වේ.

Pips අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ, ඒවා මගින් මිල වෙනස්වීම් සහ විය හැකි ලාභය හෝ අලාභය මැනීමට ඔබට උපකාර වන බැවිනි. උදාහරණයක් ලෙස, ඔබ EUR/USD හි long පොසිෂනයක් තබාගෙන සිටී නම් සහ මිල 1.2050 සිට 1.2051 දක්වා ගමන් කරන්නේ නම්, එය pip 1 ක ලාභයකි.

ඔබේ Lot ප්‍රමාණයට අනුව සෑම pip චලනයක්ම වටින අගය ගණනය කිරීමේදී මෙම සංකල්පය වැදගත් වේ. එම අගයට බලපාන්නේ ඔබ මාර්කට් එකේ තබන පොසිෂනයේ ප්‍රමාණයයි.
‍

Lot ප්‍රමාණ අවබෝධ කර ගැනීම

විදේශ විනිමය ගනුදෙනු කිරීමේදී “lot” යනු වෙළඳ ප්‍රමාණය හැඳින්වේ. එය ඔබ දරන අවදානමේ මට්ටමට සැලකිය යුතු ලෙස බලපෑ හැකිය. සාමාන්‍ය Lot ප්‍රමාණ අතර පහත දෑ ඇත:

  1. Standard Lot: පාදක මුදලේ ඒකක 100,000.
    ‍
  2. Mini Lot: පාදක මුදලේ ඒකක 10,000.
    ‍
  3. Micro Lot: පාදක මුදලේ ඒකක 1,000.
    ‍
  4. Nano Lot: පාදක මුදලේ ඒකක 100.
    ‍

සුදුසු Lot ප්‍රමාණය තෝරා ගැනීම අත්‍යවශ්‍ය වේ. විශාල Lots මගින් ලැබිය හැකි ලාභය ඉහළ වන නමුත් අවදානමද වැඩි වේ. කුඩා Lots මගින් වඩාත් පාලනය කළ හැකි, පහසුවෙන් කළමනාකරණය කළ හැකි ගනුදෙනු කිරීමකට ඉඩ ලැබේ. මෙම තීරණය ඔබේ අවදානම දරා ගැනීමේ හැකියාවට සහ ඔබේ ගනුදෙනු උපායමාර්ගයට ගැලපිය යුතුය.

Lots සහ Pips අතර සම්බන්ධතාව

විදේශ විනිමය ගනුදෙනු කිරීමේදී ඔබට ලැබිය හැකි ලාභය හෝ අලාභය තීරණය කිරීමේදී Lots සහ pips අතර සම්බන්ධතාව වැදගත් වේ. pip එකක අගය රඳා පවතින්නේ ඔබ ගනුදෙනු කරන Lot ප්‍රමාණය මතයි. උදාහරණයක් ලෙස, ඔබේ ගනුදෙනු ගිණුමේ මුදල USD වන විට සහ USD යනු යුගලයේ දෙවැන්න (එනම් කොටේෂන් මුදල) වන විට, EUR/USD යුගලය මෙන්, pip එක 0.0001 ලෙස නියම වේ. එබැවින් ඔබ EUR/USD හි Standard Lot එකක් (ඒකක 100,000) ගනුදෙනු කරන්නේ නම්, pip 1 ක චලනයක් 10 USD ක ලාභයක් හෝ අලාභයක් බවට පත් වේ.

මෙම ගණනය අවබෝධ කර ගැනීමට, ඔබට පහත සූත්‍රය භාවිත කළ හැකිය:

Pip අගය = වෙළඳ අගය × කොටේෂන් මුදලේ Pip

EUR/USD හි Standard Lot එකක් සඳහා:
දශම ස්ථානවලින් pip එක 0.0001 වේ.
Standard Lot එකක වෙළඳ ප්‍රමාණය ඒකක 100,000 කි.

සූත්‍රය භාවිත කිරීමෙන්:
Pip අගය = 100,000 x 0.0001 = 10 USD

එබැවින්, Standard Lot එකක් ගනුදෙනු කරන අතරතුර EUR/USD හි සෑම pip චලනයක් සඳහාම අගය 10 USD කින් වෙනස් වේ.

USD යනු යුගලයේ පළමුවැන්න (එනම් පාදක මුදල) නම්, USD/EUR යුගලය මෙන්, pip අගයට විනිමය අනුපාතයද සම්බන්ධ වේ. pip එකේ ප්‍රමාණය විනිමය අනුපාතයෙන් බෙදා, ඉන්පසු වෙළඳ අගයෙන් (නැතහොත් Lot ප්‍රමාණයෙන්) ගුණ කරන්න.

Pip අගය = වෙළඳ අගය (Pip ප්‍රමාණය ÷ විනිමය අනුපාතය)

USD/EUR හි Standard Lot එකක් සඳහා:
දශම ස්ථානවලින් pip එක 0.0001 වේ.
Standard Lot එකක වෙළඳ ප්‍රමාණය ඒකක 100,000 කි.
විනිමය අනුපාතය 0.91469 වේ.

සූත්‍රය භාවිත කිරීමෙන්:
Pip අගය = 100,000 (0.0001 ÷ 0.91469) = 10.93 USD

ඔබ තෝරා ගන්නා Lot ප්‍රමාණය අනුව සෑම pip චලනයක් සමඟම ඇති අවදානම තක්සේරු කිරීමට මෙම සම්බන්ධතාව උපකාර වන බැවින්, දැනුවත්ව ගනුදෙනු තීරණ ගැනීමට එය ඉතා වැදගත් වේ.
‍

නිගමනය: ශක්තිමත් පදනමක් ගොඩනැගීම

විදේශ විනිමය යුගලවල මූලික කරුණු හොඳින් ප්‍රගුණ කිරීම, විදේශ විනිමය ගනුදෙනු කිරීමේ ඔබේ ගමනට ශක්තිමත් පදනමක් සපයයි. මුදල් යුගලයක සංරචක, pips වල වැදගත්කම සහ ඔබේ වෙළඳ ප්‍රමාණය නිවැරදිව තීරණය කිරීම අවබෝධ කර ගැනීමෙන්, ඔබට හොඳ උපායමාර්ගයක් සහිතව මාර්කට් එකට ප්‍රවේශ විය හැකිය. විදේශ විනිමය ගනුදෙනු කිරීම ගැන ඔබ දිගටම ගවේෂණය කරන විට, මෙම සංකල්ප භාවිත කිරීමෙන් ඔබේ තීරණ ගැනීම සහ උපායමාර්ගික ගනුදෙනු උත්සාහයන් වැඩිදියුණු වනු ඇත.

‍

‍

Quiz

ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේදී pip එකක් නියෝජනය කරන්නේ කුමක්ද?

ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේදී ලොට් ප්‍රමාණය ඔබට බලපාන්නේ කෙසේද?

EUR/USD යුගලයේ, EUR මගින් නියෝජනය වන්නේ කුමක්ද?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp