මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
2
Forex | ආරම්භක

ෆොරෙක්ස් යුගලවල මූලික කරුණු

කාලසීමාව
7
විනාඩි

මෙම ආරම්භක පාඨමාලාව ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේ මූලික කරුණු හරහා ඔබට මඟ පෙන්වයි.


ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේ ලෝකයේ, නව ට්‍රේඩර්වරුන්ට මූලික කරුණු අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේ හරය වන්නේ මුදල් යුගල ය. ඒවා මුදල් හුවමාරුවට පහසුකම් සපයන අතර මිල චලනයන් පිළිබඳව අනුමාන කිරීමට ට්‍රේඩර්වරුන්ට ඉඩ සලසයි. මෙම පාඩම ෆොරෙක්ස් යුගල පැහැදිලි කරයි, ප්‍රධාන යෙදුම් විස්තර කරයි, තවද මෙම අත්‍යවශ්‍ය මූල්‍ය උපකරණ ගනුදෙනු කිරීමේදී ඔබට වැඩි විශ්වාසයක් ඇති කර ගැනීමට උපකාරී වේ.

‍

ෆොරෙක්ස් යුගල යනු මොනවාද?

ෆොරෙක්ස් යුගලයක් සෑදෙන්නේ විවිධ මුදල් ඒකක දෙකකිනි. එහි එක් මුදල් ඒකකයක වටිනාකම අනෙක් මුදල් ඒකකයට සාපේක්ෂව දැක්වේ. උදාහරණයක් ලෙස, EUR/USD මුදල් යුගලයේ Euro (EUR) යනු මූලික මුදල් ඒකකය වන අතර, US Dollar (USD) යනු කොටේෂන් මුදල් ඒකකය වේ. යුගලය 1.0697 ලෙස දැක්වෙන විට, එයින් අදහස් වන්නේ එක් Euro එකක් 1.0697 USD වලට සමාන බවයි.

ෆොරෙක්ස් හි සෑම වෙළඳ ගනුදෙනුවකදීම ක්‍රියා දෙකක් සිදු වේ. ඔබ මුදල් යුගලයක් මිලදී ගන්නා විට, මූලික මුදල් ඒකකය මිලදී ගන්නා අතරම කොටේෂන් මුදල් ඒකකය විකුණයි. ඊට ප්‍රතිවිරුද්ධව, ඔබ යුගලය විකුණන්නේ නම්, මූලික මුදල් ඒකකය විකුණා කොටේෂන් මුදල් ඒකකය මිලදී ගනී. ෆොරෙක්ස් මාර්කට් එක ඵලදායී ලෙස භාවිත කිරීමට මෙම හුවමාරු ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම වැදගත් වේ.

‍

පිප්ස් අවබෝධ කර ගැනීම

පිප්ස් හෙවත් “percentage in points” යනු මුදල් යුගලයක කුඩාම මිල චලනයයි. එය සාමාන්‍යයෙන් දශම හතරවන ස්ථානයෙන් දැක්වේ. එහෙත් USD/JPY වැනි යෙන් යුගල සඳහා පිප්ස් මනින්නේ දශම දෙවන ස්ථානයෙනි. උදාහරණයක් ලෙස, EUR/USD යුගලය 1.2050 සිට 1.2051 දක්වා චලනය වුවහොත්, එය පිප් 1ක වැඩි වීමකි.

පිප්ස් වැදගත් වන්නේ ඒවා මඟින් මිල වෙනස්වීම් මැනීමට සහ ඔබේ වෙළඳ ගනුදෙනුවල විය හැකි ලාභ හෝ අලාභ තක්සේරු කිරීමට උපකාරී වන බැවිනි. පිප් ගණනය කිරීමේ දක්ෂතාව ඔබේ ගනුදෙනු කිරීමේ නිරවද්‍යතාව වැඩි කරන අතර වඩා හොඳ අවදානම් කළමනාකරණයට ද ඉඩ සලසයි.

‍

ලොට් ප්‍රමාණ

ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේදී, ඔබේ වෙළඳ ප්‍රමාණය ලොට් එකක් ලෙස හැඳින්වේ. ඔබ දැනගත යුතු ප්‍රධාන ලොට් ප්‍රමාණ හතරක් ඇත:

  • ස්ටෑන්ඩර්ඩ් ලොට්: මූලික මුදල් ඒකකයෙන් ඒකක 100,000.
    ‍
  • මිනි ලොට්: මූලික මුදල් ඒකකයෙන් ඒකක 10,000.
    ‍
  • මයික්‍රෝ ලොට්: මූලික මුදල් ඒකකයෙන් ඒකක 1,000.
    ‍
  • නැනෝ ලොට්: මූලික මුදල් ඒකකයෙන් ඒකක 100.

‍

සුදුසු ලොට් ප්‍රමාණය තෝරා ගැනීම ඉතා වැදගත් වන්නේ එය ඔබේ අවදානමට සෘජුවම බලපාන බැවිනි. විශාල ලොට් මඟින් වැඩි ලාභ ලබා ගත හැකි නමුත්, ඒවාට වැඩි අවදානමක් ද ඇත. ඊට ප්‍රතිවිරුද්ධව, කුඩා ලොට් මඟින් ඔබට වඩා ප්‍රවේශමෙන් ගනුදෙනු කිරීමට හැකිය.
‍

නිගමනය

ෆොරෙක්ස් යුගල, පිප් චලනයන් සහ ලොට් ප්‍රමාණ පිළිබඳ මූලික කරුණු අවබෝධ කර ගැනීම ඔබේ ගනුදෙනු කිරීමේ අධ්‍යාපනයේ මූලික පියවරකි. මෙම දැනුමෙන් ඔබට ෆොරෙක්ස් මාර්කට් එකට විශ්වාසයෙන් යුතුව ප්‍රවේශ වීමට වඩා හොඳින් සූදානම් විය හැකිය. ඔබේ ගමන දිගටම කරගෙන යන විට, ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේ දීර්ඝ කාලීන සාර්ථකත්වයට ගනුදෙනු උපායමාර්ග, ප්‍රාග්ධන කළමනාකරණය සහ විනය ප්‍රධාන සාධක බව මතක තබා ගන්න.

Deriv හි වේදිකා මත ෆොරෙක්ස් ගනුදෙනු කිරීම ගවේෂණය කරන ලෙසත්, ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට මෙම පාඩමෙහි ආවරණය කළ සංකල්ප භාවිත කරන ලෙසත් අපි ඔබට දිරිගන්වමු. ගනුදෙනු කිරීම සුබදායක වේවා!

‍

Quiz

Forex pair එකක් යනු කුමක්ද?

මුදල් ගනුදෙනු කිරීමේදී pip එකක් නියෝජනය කරන්නේ කුමක්ද?

මූලික මුදල්වල ඒකක 10,000ක් නියෝජනය කරන්නේ කුමන ලොට් ප්‍රමාණයද?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp