මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
1
Derivatives | ආරම්භකයින් සඳහා

Derivatives අවබෝධ කරගැනීම

කාලසීමාව
6
විනාඩි


Derivatives පිළිබඳ අපගේ ආරම්භක පාඨමාලාවට සාදරයෙන් පිළිගනිමු! මෙම පාඩමේදී derivatives හි මූලික සංකල්ප අපි විස්තර කරන්නෙමු. නූතන මූල්‍ය වෙළඳපොළවල ඒවායේ වැදගත්කම සහ ට්‍රේඩර්වරුන්ට ඒවා ප්‍රබල මෙවලමක් විය හැකි ආකාරය වටහා ගැනීමට මෙය ඔබට උපකාර වේ.
‍

Derivatives යනු මොනවාද?

Derivatives යනු යටින් පවතින වත්කමක, වත්කම් සමූහයක හෝ මිණුම් දණ්ඩක කාර්ය සාධනයෙන් කෙලින්ම වටිනාකම ලබා ගන්නා මූල්‍ය ගිවිසුම් වේ. යටින් පවතින වත්කම් පුළුල් ලෙස වෙනස් විය හැකි අතර, ඒවාට පහත දෑ ඇතුළත් වේ:

  • විදේශ විනිමය යුගල: විදේශ විනිමය වෙළඳපොළේ ගනුදෙනු කරන මුදල් යුගල.
  • කොටස්: ප්‍රසිද්ධ ලෙස ගනුදෙනු වන සමාගම්වල කොටස්.
  • බැඳුම්කර: රජයන් හෝ සමාගම් විසින් නිකුත් කරන ණය සුරැකුම්.
  • වෙළඳ භාණ්ඩ: ඛනිජ තෙල්, රන් හෝ කෘෂිකාර්මික නිෂ්පාදන වැනි භෞතික භාණ්ඩ.
  • පොලී අනුපාත: ණය ගැනීමේ පිරිවැයට බලපාන මිණුම් දණ්ඩ.
  • මාර්කට් දර්ශක: S&P 500 වැනි, වත්කම් සමූහයක කාර්ය සාධනය පිළිබිඹු කරන දර්ශක.
  • ක්‍රිප්ටෝ මුදල්: blockchain තාක්ෂණය මත පදනම් වූ ඩිජිටල් වත්කම්.

Derivative එකක වටිනාකම, නිශ්චිත කාල සීමාවක් තුළ එහි යටින් පවතින වත්කමේ වටිනාකමේ වෙනස්වීම් අනුව ඉහළ පහළ යයි.

Derivatives ගනුදෙනු කරන්නේ ඇයි?

ට්‍රේඩර්වරු යටින් පවතින වත්කම් කෙලින්ම ගනුදෙනු කිරීම වෙනුවට derivatives තෝරා ගන්නේ ඇයිද යැයි ඔබට සිතෙනු ඇත. Derivatives ආකර්ෂණීය වීමට ප්‍රධාන කරුණු කිහිපයක් හේතු වේ:

  1. ප්‍රමිතිකරණය:
    • Derivatives බොහෝ විට විනිවිද පෙනෙන නියමයන් සහ කොන්දේසි සහිත ප්‍රමිතිගත ගිවිසුම් ලෙස විකිණේ. මෙම ප්‍රමිතිකරණය අවිනිශ්චිතතාව අඩු කරයි. එමගින් ට්‍රේඩර්වරුන්ට ගනුදෙනුවකට යොමු වීමට පෙර තමන්ගේ පොසිෂන් වටහා ගැනීමට ඉඩ ලැබේ. ඒ නිසා ද්‍රවශීලතාව වැඩි වන අතර ගනුදෙනු කිරීම පහසු වේ.
  2. නම්‍යශීලිත්වය:
    • Derivatives මගින් ට්‍රේඩර්වරයකුගේ අරමුණු, අවදානම දරා ගැනීමේ හැකියාව සහ අපේක්ෂිත කාල සීමාවන්ට ගැළපෙන පරිදි අභිරුචිකරණ විකල්ප ලබා දේ. මෙම නම්‍යශීලිත්වය නිසා ඒවා විවිධ ගනුදෙනු උපායමාර්ගවලට ගැළපේ.
  3. හෙජිං:
    • Derivatives වල ප්‍රධාන භාවිතයක් වන්නේ පවතින පොසිෂන් හෙජ් කිරීමයි. හෙජිං යනු, ඊට සම්බන්ධ වත්කමක ප්‍රතිවිරුද්ධ පොසිෂනයක් ගැනීමෙන් එක් පොසිෂනයක සිදුවිය හැකි අලාභ සමතුලිත කිරීමට නිර්මාණය කළ අවදානම් කළමනාකරණ උපායමාර්ගයකි. උදාහරණයක් ලෙස, ගොවියකුට අස්වනු නෙළීමට පෙර තම බෝගවල විකුණුම් මිල තහවුරු කර ගැනීමට futures ගිවිසුමක් භාවිතා කළ හැකිය. එමගින් වෙළඳපොළ මිල පහත වැටීමෙන් ඔවුන්ට ආරක්ෂාව ලැබේ.
  4. අනුමාන කිරීම:
    • ට්‍රේඩර්වරු යටින් පවතින වත්කම් තමන් සතුව නොමැතිව, ඒවායේ අනාගත මිල චලනයන් පිළිබඳව අනුමාන කිරීමටද derivatives භාවිතා කරති. යටින් පවතින වත්කම කෙලින්ම මිලදී ගැනීමට වඩා සාමාන්‍යයෙන් අඩු ප්‍රාග්ධනයක් අවශ්‍ය වන නිසා මෙම ක්‍රමය ආකර්ෂණීය වේ. අනාවැකි නිවැරදි නම්, සැලකිය යුතු ලාභ ලැබීමේ හැකියාවද පවතී.
  5. ලීවරේජ්:
    • Derivatives මගින් ලීවරේජ් සහිතව ගනුදෙනු කිරීමට ඉඩ ලැබේ. එනම්, ට්‍රේඩර්වරුන්ට සාපේක්ෂව කුඩා ප්‍රාග්ධන ප්‍රමාණයකින් විශාල පොසිෂන් පාලනය කළ හැකිය. මෙය විභව ලාභ වැඩි කළ හැකි අතර, විශාල අලාභ සිදුවීමේ අවදානමද වැඩි කරයි. ලීවරේජ් මගින් විවිධාංගීකරණයට පහසුකම් සැලසේ. කොටස්, දර්ශක, වෙළඳ භාණ්ඩ සහ මුදල් වැනි පුළුල් වත්කම් පරාසයකට, බොහෝ විට කෙලින්ම මිලදී ගැනීමට වඩා අඩු පිරිවැයකින් නිරාවරණය වීමට ඉඩ ලැබේ.

නිගමනය

සාරාංශයක් ලෙස, derivatives යනු නූතන වෙළඳපොළවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන සංකීර්ණ මූල්‍ය මෙවලම් වේ. ඒවා හෙජිං, අනුමාන කිරීම සහ ප්‍රාග්ධනය වඩා කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා අවස්ථා සපයමින් විවිධ වෙළඳපොළ සහභාගිකයන් ආකර්ෂණය කරයි. කෙසේ වෙතත්, ඒවායේ සංකීර්ණත්වය සහ සැලකිය යුතු අවදානම් පවතින බැවින්, derivatives ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් සහ හොඳ අධ්‍යාපනයක් අත්‍යවශ්‍ය වේ.

Derivatives ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම ඔබේ ගනුදෙනු අධ්‍යාපනයේ පදනමයි. මෙම පාඨමාලාවේ ඉදිරියට යන විට, derivatives ලෝකය සාර්ථකව හසුරුවා ගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ඔබට ලැබෙනු ඇත.

Quiz

derivative යන්නෙහි ප්‍රධාන අර්ථ දැක්වීම කුමක්ද?

පහත සඳහන් ඒවායින් derivatives වල පොදු භාවිතයක් කුමක්ද?

derivatives ගනුදෙනු කිරීමේදී Leverage මගින් ලැබෙන වාසිය කුමක්ද?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp