මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
3
Deriv MT5 | මධ්‍යම මට්ටම

ඔබ්ජෙක්ට්

කාලසීමාව
13
විනාඩි


අද අපි Deriv MT5 වේදිකාව Deriv MT5 වේදිකාව මත ඇති විවිධ ඔබ්ජෙක්ට් ගැනත්, ඒවා ඔබේ තාක්ෂණික විශ්ලේෂණය සහ ගනුදෙනු කිරීමේ උපාය මාර්ග සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි ආකාරය ගැනත් බලමු. මෙම මෙවලම් ඵලදායී ලෙස භාවිත කරන ආකාරය තේරුම් ගැනීමෙන්, වඩා දැනුවත් ගනුදෙනු තීරණ ගැනීමට ඔබට හැකි වේ.
‍

ප්‍රස්තාර ඔබ්ජෙක්ට් හැඳින්වීම

Deriv MT5 හි ඔබ්ජෙක්ට් යනු ප්‍රධාන මිල මට්ටම් සලකුණු කිරීමට, ප්‍රවණතා හඳුනා ගැනීමට සහ වැදගත් තොරතුරු සටහන් කිරීමට ඔබේ ප්‍රස්තාර මත තැබිය හැකි චිත්‍රක මෙවලම් වේ. ඒවා මිල චලනවලට සන්දර්භයක් ලබා දෙන නිසා, ට්‍රේඩර්වරුන්ට මාර්කට් දත්ත දෘශ්‍ය ලෙස අර්ථ නිරූපණය කර ඔවුන්ගේ ගනුදෙනු කිරීමේ උපාය මාර්ග වැඩිදියුණු කර ගත හැකිය.

මෙම ඔබ්ජෙක්ට් වෙත පිවිසීමට, මෙනුවේ ‘ඇතුළත් කරන්න’ වෙත ගොස් ‘ඔබ්ජෙක්ට්’ මත මවුසය තබන්න. දැන් බහුලව භාවිත වන මෙවලම් කිහිපයක් ගැන අවධානය යොමු කරමු.
‍

ප්‍රධාන ප්‍රස්තාර ඔබ්ජෙක්ට්

  1. රේඛා:
    • තිරස් රේඛා: සහාය සහ ප්‍රතිරෝධ වැනි ප්‍රධාන මිල මට්ටම් සලකුණු කිරීමට භාවිත කරයි. මිල ආපසු හැරීමට ඉඩ ඇති කලාප හෝ මිල ඒකාග්‍ර වන ලක්ෂ්‍ය හඳුනා ගැනීමට ඒවා උපකාරී වේ.
      ‍
    • සිරස් රේඛා: නිශ්චිත කාල පරාස සලකුණු කිරීමට ප්‍රයෝජනවත් වන අතර, වැදගත් දිනයන් හෝ සිදුවීම් සම්බන්ධයෙන් මිල චලන විශ්ලේෂණය කිරීමට ඔබට උපකාරී වේ.
      ‍
    • ප්‍රවණතා රේඛා: ප්‍රධාන මිල ලක්ෂ්‍ය (ඉහළ සහ පහළ) සම්බන්ධ කර මාර්කට් ප්‍රවණතාවේ දිශාව සහ ශක්තිය පෙන්වයි. ප්‍රවණතාව දිගටම පවතීද නැතහොත් ආපසු හැරෙනවාද යන්න ගැන අවබෝධයක් ද ලබා දෙයි.
      ‍
  2. නාලිකා:
    • සමදුර නාලිකා: මිල චලනවල ඉහළ සහ පහළ සීමා දක්වන සමාන්තර රේඛා දෙකකින් සමන්විත වේ. ප්‍රවණතා සහ සහාය හෝ ප්‍රතිරෝධ මට්ටම් දෘශ්‍යමාන කිරීමට ඒවා උපකාරී වන අතර, breakout ලක්ෂ්‍ය හෝ ආපසු හැරීම් හඳුනා ගැනීම පහසු කරයි.
      ‍
    • Andrews' Pitchfork: වැදගත් ඉහළ හෝ පහළ ලක්ෂ්‍යයකින් ඇඳෙන සමාන්තර රේඛා තුනකින් සමන්විත වේ. මැද රේඛාවෙන් ප්‍රධාන ප්‍රවණතාව දැක්වෙන අතර, පිටත රේඛා සහාය සහ ප්‍රතිරෝධ හඳුනා ගැනීමට උපකාරී වේ.
      ‍
  3. Gann මෙවලම්:
    • Gann Line: මිල වෙනස්වීම් සහ කාලය අතර ශේෂය නියෝජනය කරන අංශක 45ක ප්‍රවණතා රේඛාවකි. Gann Line සම්බන්ධයෙන් මිල පිහිටා ඇති ස්ථානය අනුව මාර්කට් එක ඉහළ යන ප්‍රවණතාවක ඇතිද පහළ යන ප්‍රවණතාවක ඇතිද යන්න ඇගයීමට ට්‍රේඩර්වරුන්ට එය උපකාරී වේ.
      ‍
    • Gann Fan: තනි ලක්ෂ්‍යයකින් නිශ්චිත කෝණවලින් විහිදෙන ප්‍රවණතා රේඛා කිහිපයක් සාදයි. ප්‍රවණතාවේ ශක්තිය සහ ආපසු හැරීමට ඇති හැකියාව ඇගයීමට එය ප්‍රයෝජනවත් වේ.
      ‍
  4. Fibonacci මෙවලම්:
    • Fibonacci Retracement මෙවලම: මාර්කට් එකේ ආපසු හැරීමට ඉඩ ඇති ලක්ෂ්‍ය හඳුනා ගැනීමට ප්‍රධාන Fibonacci මට්ටම්වල තිරස් රේඛා අඳියි. මෙම මට්ටම්, අතීත මිල චලන අනුව සහාය හෝ ප්‍රතිරෝධ ලෙස ක්‍රියා කරයි.
      ‍
    • Fibonacci Channel: ප්‍රවණතා දිශාව විශ්ලේෂණය කිරීමට සහ මාර්කට් චලන පුරෝකථනය කිරීමට Fibonacci අනුපාත මත පදනම් වූ සමාන්තර රේඛා භාවිත කරයි. ඇතුළු වීමේ සහ පිට වීමේ ලක්ෂ්‍ය පිළිබඳ අවබෝධයක් ද එමගින් ලැබේ.
      ‍
  5. Elliott Wave මෙවලම්:
    • Impulse Waves යනු ප්‍රධාන ප්‍රවණතාව අනුගමනය කරන තරංග පහකින් සමන්විත ශක්තිමත් දිශානුගත චලන වේ. Corrective Waves ප්‍රවණතාවට එරෙහිව සිදු වන අතර සාමාන්‍යයෙන් තරංග තුනකින් සමන්විත වේ. මෙමගින් මාර්කට් චක්‍ර විශ්ලේෂණය කළ හැකිය.
      ‍
  6. හැඩතල, ඊතල සහ චිත්‍රක ඔබ්ජෙක්ට්:
    • ප්‍රස්තාර විශ්ලේෂණය වැඩිදියුණු කිරීමට සරල හැඩතල සහ ඊතල භාවිත කරන්න. ඒවා මගින් නිශ්චිත ප්‍රදේශ හෝ රටා ඉස්මතු කළ හැකි අතර, ප්‍රවණතා සහ වැදගත් මිල චලන දෘශ්‍යමාන කිරීම පහසු වේ.
      ‍

ඔබ්ජෙක්ට් වෙනස් කිරීම සහ අභිරුචිකරණය

ඔබේ ප්‍රස්තාරයේ ඔබ්ජෙක්ට් තැබූ පසු, ඒවා පහසුවෙන් වෙනස් කළ හැකිය:

  • ඔබ්ජෙක්ට් එකක් ගෙන යාමට හෝ සකස් කිරීමට, එය තෝරා ගැනීම සඳහා එය මත ක්ලික් කරන්න. පාලන ලක්ෂ්‍ය දිස් වන අතර, ඒවා ඇදීමෙන් ඔබට අවශ්‍ය ස්ථානයට එය ගෙන යා හැකිය.
    ‍
  • ඔබ්ජෙක්ට් එකක් මැකීමට, දකුණු ක්ලික් කර ‘Delete’ තෝරන්න, නැතහොත් Backspace යතුර භාවිත කරන්න. ඔබ්ජෙක්ට් එකක් අහම්බෙන් ඉවත් වුවහොත්, දකුණු ක්ලික් කර ‘Undo Delete’ තෝරා හෝ Ctrl+Z ඔබා එම ක්‍රියාව ආපසු හරවා ගත හැකිය.

තෝරාගත් ඔබ්ජෙක්ට් එක මත දකුණු ක්ලික් කර ‘Properties’ තෝරා ගැනීමෙන් ඔබ්ජෙක්ට්වල පෙනුම ද අභිරුචිකරණය කළ හැකිය. එවිට විවෘත වන සංවාද කවුළුවෙන් පහත දේ කළ හැකිය:

  • Common Tab හි රේඛාවේ වර්ණය, පළල සහ ශෛලිය වෙනස් කරන්න.
    ‍
  • Levels Tab හි Fibonacci සහ Gann මෙවලම් සඳහා මට්ටම්, ශෛලි සහ වර්ණ වෙනස් කරන්න.
    ‍
  • Parameters Tab හි පිහිටීම සහ පෙනුම් සැකසුම් නිවැරදිව සකසන්න.
    ‍
  • Visualisation Tab හි ඔබේ ඔබ්ජෙක්ට් පෙන්විය යුතු timeframes තෝරන්න.
    ‍

නිගමනය

Deriv MT5 මෙවලම් පෙට්ටියේ ඇති විවිධ ඔබ්ජෙක්ට් උපයෝගී කර ගැනීමෙන්, ට්‍රේඩර්වරුන්ට ඔවුන්ගේ ප්‍රස්තාර විශ්ලේෂණවලදී ප්‍රායෝගික වාසියක් ලබා ගත හැකිය. මිල චලන සටහන් කරන ආකාරය, ප්‍රවණතා සලකුණු කරන ආකාරය සහ වැදගත් දත්ත දෘශ්‍යමාන කරන ආකාරය තේරුම් ගැනීමෙන්, ඔබේ උපාය මාර්ග පිරිපහදු කර ගනුදෙනු කිරීමේ කාර්ය සාධනය වැඩිදියුණු කර ගත හැකිය.

මෙම මෙවලම්වල ක්‍රියාකාරිත්වය හුරු කර ගැනීමට Deriv MT5 demo ගිණුමේ ඒවා භාවිත කිරීම පුහුණු වන ලෙස අපි ඔබට දිරිගන්වමු. අපගේ ඊළඟ පාඩමේදී, Deriv MT5 හි indicators ගැනත්, පිරිපහදු කළ මාර්කට් විශ්ලේෂණය සඳහා ඒවා යොදා ගන්නා ආකාරය ගැනත් විස්තරාත්මකව බලමු. සතුටින් ගනුදෙනු කරන්න!

Quiz

Deriv MT5 හි chart objects වල ප්‍රධාන කාර්යය කුමක්ද?

ඓතිහාසික මිල මට්ටම් මත පදනම්ව හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගැනීමට ඔබට උපකාර වන මෙවලම කුමක්ද?

Deriv MT5 තුළ චාර්ට් වස්තුවල පෙනුම ඔබට අභිරුචිකරණය කළ හැක්කේ කෙසේද?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp