මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
3
Derivatives | ආරම්භකයින් සඳහා

Deriv හි වෙළඳ වර්ග

කාලසීමාව
6
විනාඩි


මෙම පාඩමෙන්, derivatives ගනුදෙනු කිරීම සඳහා Deriv හි ඇති විවිධ විකල්ප වෙළඳ වර්ග අපි විමසා බලමු. මෙම එක් එක් විකල්පයේ සුවිශේෂී ලක්ෂණ තේරුම් ගැනීමෙන්, ඔබේ ගනුදෙනු උපායමාර්ග සඳහා නිවැරදි මෙවලම් තෝරා ගැනීමට ඔබට පහසු වේ. විස්තර දෙස බලමු!
‍

Deriv මගින් පිරිනමන විකල්ප වෙළඳ වර්ග

Deriv විසින් විකල්ප ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන derivative වෙළඳ වර්ග රැසක් සපයයි. ඒ සෑම එකක්ම විවිධ ගනුදෙනු ක්‍රම සහ කැමැත්තන්ට ගැලපෙන ලෙස සකසා ඇත:
‍

1. Accumulators

Accumulators යනු යටින් පවතින දර්ශකය නියමිත පරාසයක් තුළ රැඳී සිටින විට ඔබේ ප්‍රතිලාභ සංයුක්ත වීමට ඉඩ සලසන විකල්ප වේ. මෙයින් අදහස් වන්නේ ලාභ සරලව එකතු නොවී, පෙර ලාභ මත ගොඩනැගෙන බවයි. එවිට සමස්ත ලාභය වැඩි විය හැකිය. ස්ථාවර මාර්කට් චලනයන් අපේක්ෂා කරන සහ කාලයත් සමග ඒ ප්‍රවණතා ප්‍රයෝජනයට ගැනීමට කැමති ට්‍රේඩර්වරුන්ට Accumulators විශේෂයෙන් වාසිදායක වේ.
‍

2. Vanillas

Vanilla විකල්ප යනු call විකල්ප සහ put විකල්ප යනුවෙන් වර්ග දෙකකින් යුත් සරල කොන්ත්‍රාත්තු වේ. ඔබේ ප්‍රතිලාභ රඳා පවතින්නේ දර්ශක අගය ඔබේ ආරම්භක ලක්ෂ්‍යයට වඩා ඉහළට හෝ පහළට ගමන් කරන දුරට සමානුපාතිකවය. මෙම විකල්ප ගෙවීම් ව්‍යුහයේ විනිවිදභාවය සහ සරල බව ලබා දෙන නිසා, ගනුදෙනු කිරීමට සෘජු ප්‍රවේශයක් කැමති ට්‍රේඩර්වරුන්ට සම්භාව්‍ය තේරීමකි.
‍

3. Turbos

Turbos ක්‍රියා කරන්නේ Vanilla විකල්පවලට සමානවය. නමුත් ඔබේ ගනුදෙනු කිරීමට සංකීර්ණතාවක් එක් කරන සුවිශේෂී “knockout” ලක්ෂණයක් ඒවායේ ඇත. දර්ශකය පූර්ව නිශ්චිත මට්ටමකට පැමිණියහොත් කොන්ත්‍රාත්තුව කල් ඉකුත් වේ. එය අවදානමට සහ ප්‍රතිලාභයට අමතර ස්ථරයක් එක් කරයි. මෙම ලක්ෂණය නිසා ට්‍රේඩර්වරුන්ට තියුණු මාර්කට් චලනයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව ලැබෙන අතර, අවදානමට නිරාවරණය වීම ද කළමනාකරණය කළ හැකිය.
‍

4. Multipliers

Multipliers විකල්ප Leverage හි වාසි සීමිත අවදානම සමග ඒකාබද්ධ කරයි. මාර්කට් එක ඔබට හිතකර ලෙස චලනය වන විට ඔබේ ලාභ ගුණ වන අතර, සැලකිය යුතු ප්‍රතිලාභ සඳහා අවස්ථා ඇති වේ. එහෙත් මාර්කට් එක ඔබට විරුද්ධව ගියහොත්, ඔබේ අලාභ ආරම්භක කොටසට සීමා වේ. එනම්, කොන්ත්‍රාත්තුවට ඇතුළු වීමට ගෙවූ මුදල පමණක් අවදානමට ලක් වේ. මේ නිසා, ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කරන සහ අවදානම ගැන සැලකිලිමත් වන ට්‍රේඩර්වරුන්ට ගුණක ආකර්ෂණීය විකල්පයක් වේ.
‍

5. Digital විකල්ප

Digital විකල්ප මගින් හැකි ප්‍රතිඵල දෙකක් මත පදනම්ව ප්‍රතිඵල අනාවැකි කීමට ඔබට ඉඩ ලැබේ. ඔබේ අනාවැකිය නිවැරදි නම් ස්ථාවර ගෙවීමක් ඔබට ලැබේ. එය වැරදි නම්, ඔබේ අලාභය ආරම්භක කොටසට සීමා වේ. මෙමගින් පැහැදිලි සීමා සහිත, සැඟවුණු පුදුමයන් නැති සරල අවදානම් පැතිකඩක් ලැබේ.
‍

විකල්ප සහ CFD සසඳා බැලීම

දැන්, Deriv හි ඇති Contracts for Difference (CFD) සමග විකල්ප සසඳා බලමු:

  • Leverage: විකල්ප සහ CFD යන දෙකෙහිම Leverage ඇතුළත් වන අතර, එය විභව ප්‍රතිලාභ වැඩි කරයි. කෙසේ වෙතත්, CFD සඳහා අලාභ සීමා කිරීමට Stop Loss අවශ්‍ය වන අතර, විකල්පවල උපරිම අලාභය ආරම්භක කොටසට ස්වයංක්‍රීයව සීමා වේ.
    ‍
  • ප්‍රතිලාභ: CFD මගින් මිල චලනයන් මත පදනම් වූ රේඛීය ප්‍රතිලාභ ලැබෙන අතර, විකල්ප මගින් රේඛීය නොවන ගෙවීම් ලැබිය හැකිය. උදාහරණයක් ලෙස, Digital විකල්ප මගින් ප්‍රතිඵල ආරම්භයේදීම නිශ්චිතව දැක්වෙන අතර, Vanilla විකල්පවල සත්‍ය ප්‍රතිඵල හෙළිවන්නේ කොන්ත්‍රාත්තුව කල් ඉකුත් වූ පසුවය.
    ‍
  • විවෘත කාලය: ඔබ ප්‍රමාණවත් මාජින් පවත්වා ගන්නා තාක් CFD විවෘතව තබා ගත හැකි අතර, වෙළඳ ගනුදෙනුව අතරතුර ඔබේ උපායමාර්ගය වෙනස් කිරීමට නම්‍යශීලී බව ලැබේ. ඊට වෙනස්ව, විකල්ප ක්‍රියා කරන්නේ ආරම්භයේදී ඔබ තීරණය කරන ස්ථාවර කාල රාමුවක් තුළය.
    ‍
  • මාජින් සහ පිරිවැය: විකල්ප සඳහා අවශ්‍ය වන්නේ ආරම්භයේදී කොටසක් පමණි. අඛණ්ඩ මාජින් අවශ්‍යතා නැත. CFD සඳහා මාජින් සහ රාත්‍රී මුදල් සැපයීමේ පිරිවැය ඇති විය හැකි අතර, එය ඔබේ සමස්ත ගනුදෙනු වියදම්වලට බලපායි.
    ‍

නිගමනය

සාරාංශයක් ලෙස, Deriv හි ඇති විවිධ derivative මෙවලම් සහ වෙළඳ වර්ග තේරුම් ගැනීම ඔබේ ගනුදෙනු කටයුතුවලදී ඔබට සැලකිය යුතු වාසියක් ලබා දිය හැකිය. Accumulators, Vanillas, Turbos, Multipliers සහ Digital විකල්ප සියල්ලම විවිධ ගනුදෙනු උපායමාර්ගවලට ගැලපිය හැකි සුවිශේෂී වාසි ලබා දේ.

ඔබේ ගනුදෙනු ක්‍රමය වැඩිදියුණු කරන විට, ඔබේ අවදානම දරා ගැනීමේ හැකියාවට සහ මාර්කට් දැක්මට ගැළපෙන වෙළඳ වර්ග තෝරා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඊළඟ පාඩමේදී, Deriv විකල්ප සමග ගනුදෙනු කිරීමට ඇති විවිධ යටින් පවතින වත්කම් අපි විමසා බලමු. මෙම පාඩමට එක් වීම ගැන ස්තූතියි, සුභ ගනුදෙනුවක්!

Quiz

Accumulators සැලසුම් කර ඇත්තේ කුමක් කිරීමටද?

Turbo ඔප්ෂන්ස්වල ප්‍රධාන ලක්ෂණයක් කුමක්ද?

Digital options අලාභ හසුරුවන්නේ කෙසේද?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp