මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
6
Volatility Indices | ආරම්භක

ඔබට සුදුසු Volatility Index තෝරා ගැනීම

කාලසීමාව
3
විනාඩි

සුදුසු Volatility Index තෝරා ගැනීම ඔබේ ගනුදෙනු කිරීමේ සාර්ථකත්වයට ඉතා වැදගත් වේ. සෑම දර්ශකයකටම තමන්ගේම ලක්ෂණ සහ අවදානම් ස්වභාවයක් ඇති අතර, ඒවා විවිධ ගනුදෙනු කිරීමේ කැමැත්තන්ට සහ උපායමාර්ගවලට ගැළපේ ගනුදෙනු කිරීමේ කැමැත්ත සහ උපායමාර්ග. ඔබේ ගනුදෙනු අරමුණු, අත්දැකීම් සහ අවදානම දරා ගැනීමේ හැකියාව අනුව සුදුසු Volatility Index තෝරා ගන්නා ආකාරය මෙම පාඩමෙන් ඔබට පෙන්වා දෙනු ඇත.
‍

විවිධ Volatility Indices අවබෝධ කර ගැනීම Volatility Indices අවබෝධ කර ගැනීම

දැනුවත් තීරණයක් ගැනීමට නම්, Deriv හි ඇති විවිධ Volatility Indices ගැන දැනගෙන සිටීම අත්‍යවශ්‍ය වේ. ජනප්‍රිය ඒවා කිහිපයක් පහත දැක්වේ:
‍

  1. Volatility 75 Index: 75% ක උච්චාවචනයක් සහිත මෙම දර්ශකයේ මිල බොහෝ විට වේගයෙන් වෙනස් වේ. මාර්කට් හි සැලකිය යුතු චලනවලින් ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන පළපුරුදු ට්‍රේඩර්වරුන්ට මෙය සුදුසුය.
    ‍
  2. Volatility 100 Index: මෙම දර්ශකයේ උච්චාවචනය 100% ක් වන අතර එය ඉහළම අගයයි. එමඟින් මිල විශාල ලෙස චලනය වේ. වැඩි ලාභයක් බලාපොරොත්තුවෙන් වේගවත් වෙළඳ ගනුදෙනුවල නිරත වීමට කැමති, ඉහළ අවදානමක් දරන ට්‍රේඩර්වරුන්ට මෙය හොඳ විකල්පයකි.
    ‍
  3. Volatility 50 Index: Volatility 50 Index යනු මධ්‍යස්ථ උච්චාවචනයක් බලාපොරොත්තු වන ට්‍රේඩර්වරුන්ට සමබර විකල්පයකි. ආරම්භකයින්ට මෙන්ම, අවදානම අඩුවෙන් තබා ගනිමින් යම් මිල චලනයක් අපේක්ෂා කරන අයටද මෙම දර්ශකය හොඳ ආරම්භයකි.
    ‍
  4. Volatility 10 Index: 10% ක අඩුම උච්චාවචනයක් සහිත Volatility 10 Index සැලසුම් කර ඇත්තේ ප්‍රවේශම්කාරී ට්‍රේඩර්වරුන් සඳහා ය. එය අඩු කැලඹීමකින් යුත් ගනුදෙනු අත්දැකීමක් ලබා දෙන අතර, මාර්කට් හි අධික උච්චාවචනයකට මුහුණ නොදී මූලික කරුණු ඉගෙන ගන්නට අවශ්‍ය නව ට්‍රේඩර්වරුන්ට හොඳ ආරම්භයකි.


ඔබේ ගනුදෙනු අරමුණු සහ අත්දැකීම් මට්ටම තක්සේරු කිරීම

ඔබට සුදුසු Volatility Index තෝරා ගැනීමේ තීරණය ඔබේ පෞද්ගලික ගනුදෙනු අරමුණු සහ අත්දැකීම් මට්ටම මත පදනම් විය යුතුය. සලකා බැලිය යුතු ප්‍රශ්න කිහිපයක් පහත දැක්වේ:

  • ඔබේ ගනුදෙනු අරමුණු මොනවාද? ඔබට අවශ්‍ය කෙටි කාලයක් තුළ ඉහළ ප්‍රතිලාභද, නැතහොත් දිගු කාලයක් තුළ ස්ථාවර වර්ධනයද? Volatility 100 වැනි ඉහළ උච්චාවචනයක් ඇති දර්ශකවලින් ඉක්මනින් ලාභ ලැබිය හැකි නමුත්, ඒවායේ අවදානමද වැඩිය.
    ‍
  • ට්‍රේඩර් කෙනෙකු ලෙස ඔබේ පළපුරුද්ද කොපමණද? ඔබ ආරම්භකයෙකු නම්, Volatility 10 Index වැනි උච්චාවචනය අඩු දර්ශකවලින් ආරම්භ කිරීමෙන් ඔබට විශ්වාසය ගොඩනඟා ගැනීමටත් මාර්කට් ක්‍රියාකරන ආකාරය තේරුම් ගැනීමටත් හැකි වේ. පළපුරුදු ට්‍රේඩර්වරුන්ට Volatility 75 Index වැනි දර්ශකවල විශාල ප්‍රතිලාභ අපේක්ෂාවෙන් වැඩි අවදානමක් දැරීමට අවශ්‍ය විය හැකිය.
    ‍
  • ඔබේ අවදානම දරා ගැනීමේ හැකියාව කුමක්ද? ඔබ කොපමණ අවදානමක් දැරීමට කැමතිදැයි තක්සේරු කරන්න. ඔබ අවදානමෙන් වැළකී සිටීමට කැමති නම්, උච්චාවචනය අඩු දර්ශක තෝරන්න. එවිට වඩා ස්ථාවර ගනුදෙනු පරිසරයක් ලැබේ.

ඔබ තෝරාගත් දර්ශකය වටා ඔබේ ගනුදෙනු උපායමාර්ගය සකස් කිරීම

සුදුසු Volatility Index එකක් තෝරා ගත් පසු, ඔබේ ගනුදෙනු උපායමාර්ගය ඊට ගැළපෙන ලෙස සකස් කර ගත යුතුය. විවිධ උච්චාවචන මට්ටම්වලට ගැළපෙන උපායමාර්ග කිහිපයක් පහත දැක්වේ:
‍

  1. ඉහළ උච්චාවචනය සඳහා Scalping: ඔබ Volatility 100 Index ගනුදෙනු කිරීමට තෝරා ගන්නේ නම්, කුඩා මිල චලනවලින් ප්‍රයෝජන ගැනීමට කෙටි කාලයක් තුළ වෙළඳ ගනුදෙනු කිහිපයක් සිදු කරන Scalping ක්‍රම සලකා බලන්න.
    ‍
  2. මධ්‍යස්ථ උච්චාවචනය සඳහා Swing ගනුදෙනු කිරීම: Volatility 50 Index සඳහා Swing ගනුදෙනු කිරීම ඵලදායී විය හැකිය. මෙම ක්‍රමයෙන් ඔබට පොසිෂන් දින කිහිපයක් තබා ගනිමින් මධ්‍යකාලීන මිල උච්චාවචනයන් ඉලක්ක කළ හැකිය.
    ‍
  3. අඩු උච්චාවචනය සඳහා දිගු කාලීන පොසිෂන්: Volatility 10 Index ගනුදෙනු කිරීමේදී දිගු කාලීන දැක්මක් අනුගමනය කිරීම සලකා බලන්න. මෙම ක්‍රමයෙන් මාර්කට් හි හදිසි වෙනස්වීම්වලට නිරාවරණය වීම සීමා කරමින්, ක්‍රමයෙන් සිදුවන මිල චලනවලින් ප්‍රයෝජන ගත හැකිය.


අඛණ්ඩ ඇගයීම සහ ගැළපීම

ගනුදෙනු කිරීමේ තත්ත්වයන් සහ මාර්කට් ගතිකතා ඉතා වේගයෙන් වෙනස් විය හැකිය. ඔබ තෝරාගත් Volatility Index අඛණ්ඩව ඇගයීමට ලක් කර ඒ අනුව ඔබේ උපායමාර්ග ගළපා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඔබේ ගනුදෙනු කිරීමේ කාර්ය සාධනය, මාර්කට් තත්ත්වයන් සහ මූල්‍ය අරමුණු නිතිපතා සමාලෝචනය කිරීමෙන් ඔබට ඵලදායී ලෙස අනුවර්තනය විය හැකිය. තවද, සැබෑ ප්‍රාග්ධනය අවදානමට ලක් නොකර විවිධ දර්ශක අත්හදා බැලීමට demo ගිණුමක් භාවිත කළ හැකිය.

‍

Quiz

මෙම Volatility Indices අතරින් නව ට්‍රේඩර්වරුන්ට වඩාත් සුදුසු වන්නේ කුමක්ද?

Volatility 100 Index අර්ථ දක්වන්නේ කුමක්ද?

ට්‍රේඩර් කෙනෙක් swing ගනුදෙනු කිරීමේ උපාය මාර්ග භාවිතා කිරීමට තෝරා ගන්නේ කවදාද?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp