මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
5
Derivatives | ආරම්භකයින් සඳහා

Deriv හි මූලික වත්කම් පිළිබඳ දළ විශ්ලේෂණය

කාලසීමාව
3
විනාඩි


derivatives ගනුදෙනු කිරීමේදී මූලික වත්කම් තේරුම් ගැනීම ඵලදායී ගනුදෙනු උපාය මාර්ග සඳහා වැදගත් වේ. මෙම පාඩම වීඩියෝවේ හඳුන්වා දුන් සංකල්ප වඩාත් ශක්තිමත් කරයි. Deriv ගනුදෙනු වේදිකාවේ derivatives ගනුදෙනු කිරීම සඳහා ඇති මූල්‍ය වත්කම් සහ සුවිශේෂී Derived දර්ශක ඇතුළු විවිධ මූලික වත්කම් ගැන එයින් ගැඹුරින් විස්තර කෙරේ. මෙම වත්කම් තේරුම් ගැනීමෙන්, ඔබේ කැමැත්තට සහ අවදානම දරා ගැනීමේ හැකියාවට ගැළපෙන දැනුවත් ගනුදෙනු තීරණ ගැනීමට ඔබට හැකි වේ.
‍

Derivatives ගනුදෙනු කිරීමට ඇති මූල්‍ය වත්කම්

Derivatives ගනුදෙනු කිරීම සඳහා Deriv මඟින් මූල්‍ය වත්කම් පුළුල් පරාසයක් පිරිනමයි. මෙම විවිධත්වය නිසා විවිධ වත්කම් ප්‍රවර්ග හරහා මාර්කට් අවස්ථා ප්‍රයෝජනයට ගැනීමේ නම්‍යශීලිත්වය ට්‍රේඩර්වරුන්ට ලැබේ:

  • ප්‍රධාන Forex යුගල: මේවාට EUR/USD, GBP/USD සහ USD/JPY වැනි ජනප්‍රිය මුදල් යුගල ඇතුළත් වේ. ප්‍රධාන Forex යුගල මත derivatives ගනුදෙනු කිරීමේදී සාමාන්‍යයෙන් ඉහළ ද්‍රවශීලතාව සහ අඩු ස්ප්‍රෙඩ් ලැබෙන නිසා, බොහෝ ට්‍රේඩර්වරුන්ට මේවා ආකර්ෂණීය තේරීමකි.
    ‍
  • කොටස් දර්ශක: Index derivatives මඟින් කොටස් කණ්ඩායමක ක්‍රියාකාරිත්වය ගැන අනුමාන කිරීමට ට්‍රේඩර්වරුන්ට හැකිය. කොටස් දර්ශක ගනුදෙනු කිරීමෙන් පුළුල් මාර්කට් ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි අතර, තනි කොටස් සමඟ බැඳුණු අවදානම අඩු කර ගත හැකිය.
    ‍
  • ක්‍රිප්ටෝ මුදල්: ඩිජිටල් මුදල් වර්ධනය වන විට, Bitcoin සහ Ethereum වැනි ජනප්‍රිය ක්‍රිප්ටෝ මුදල් මත derivatives ගනුදෙනු කිරීමේ අවස්ථා Deriv මඟින් ලබා දෙයි. මෙම derivatives මඟින් ක්‍රිප්ටෝ මුදල් සෘජුවම හිමි කර ගැනීමකින් තොරව, අධික ලෙස උච්චාවචනය වන මෙම මාර්කට් එකට සම්බන්ධ වීමට ට්‍රේඩර්වරුන්ට හැකිය.
    ‍
  • වෙළඳ භාණ්ඩ: රන්, තෙල් සහ කෘෂිකාර්මික නිෂ්පාදන වැනි වෙළඳ භාණ්ඩ මඟින් අනුමාන කිරීමට සහ ආර්ථික උච්චාවචනවලට එරෙහිව අවදානම අඩු කර ගැනීමට ට්‍රේඩර්වරුන්ට අමතර මාර්ග ලැබේ. වෙළඳ භාණ්ඩ පදනම් කරගත් derivatives විවිධ මාර්කට් තත්ත්වවලදී විශේෂයෙන් ඵලදායී විය හැකිය.
    ‍

Derived දර්ශක තේරුම් ගැනීම

Deriv මඟින් සුවිශේෂී Derived දර්ශක ද පිරිනමයි. ඒවා නිශ්චිත මාර්කට් හැසිරීම් අනුකරණය කරන අතර සුවිශේෂී ගනුදෙනු අවස්ථා ලබා දෙයි:

  1. Synthetic දර්ශක: මෙම දර්ශක ආරක්ෂිත අහඹු සංඛ්‍යා උත්පාදකයක් භාවිතයෙන් සැබෑ ලෝකයේ මාර්කට් තත්ත්වයන් අනුකරණය කරයි. ඒවා ට්‍රේඩර්වරුන්ට අඛණ්ඩ මිල චලනයන් ලබා දෙන අතර, සාම්ප්‍රදායික මාර්කට්වල දක්නට ලැබෙන අනපේක්ෂිතභාවය නොමැතිව විවිධ ගනුදෙනු උපාය මාර්ග සඳහා ප්‍රයෝජනවත් වේ.
    ‍
  2. Basket දර්ශක: මෙම දර්ශක තනි වත්කමක් මත රඳා නොසිට, වත්කම් සමූහයක ක්‍රියාකාරිත්වය අනුගමනය කරයි. එමඟින් සමූහයේ සමස්ත ක්‍රියාකාරිත්වයට නිරාවරණය වීමට හැකි වේ. නිදසුනක් ලෙස, Gold Basket මඟින් ගෝලීය මුදල් වර්ග පහක කට්ටලයකට සාපේක්ෂව රන්වල වටිනාකම මනියි. මෙම විවිධාංගීකරණය අවදානම විසුරුවා හැරීමට උපකාරී වන අතර ගනුදෙනු කිරීමේදී ස්ථාවරත්වය වැඩි කළ හැකිය.
    ‍
  3. Volatility දර්ශක: මෙම දර්ශක පූර්ව නිශ්චිත volatility මට්ටම්වල මිල උච්චාවචනයන් පිළිබිඹු කරන අතර, ස්ථාවර චලනයන් ප්‍රයෝජනයට ගැනීමේ අවස්ථාව ට්‍රේඩර්වරුන්ට ලබා දෙයි. මෙම දර්ශක මත විකල්ප, ඒවායේ ව්‍යුහගත අවදානම් පැතිකඩ සහ නිශ්චිත volatility පරාස නිසා ආකර්ෂණීය විය හැකිය.
    ‍
  4. Jump දර්ශක: Volatility දර්ශකවල විචලනයක් වන Jump දර්ශකවල, සාමාන්‍යයෙන් විනාඩි 20කට වරක් සිදුවන, සාමාන්‍යයට වඩා විශාල කාලානුරූප මිල පිම්මවල් දක්නට ලැබේ. මෙම ලක්ෂණය නිසා හදිසි මාර්කට් චලනයන්ගෙන් ලාභ ලැබීමේ සුවිශේෂී අවස්ථා ට්‍රේඩර්වරුන්ට ලැබේ.
    ‍
  5. Crash සහ Boom දර්ශක: හදිසි මිල වෙනස්වීම් ප්‍රයෝජනයට ගැනීමට කැමති ට්‍රේඩර්වරුන්ට මෙම දර්ශක වඩාත් සුදුසුය. Crash දර්ශක ක්‍රමයෙන් ඉහළ ගොස් හදිසියේ පහත වැටෙන අතර, Boom දර්ශක ක්‍රමයෙන් පහළ ගොස් හදිසියේ තියුණු ලෙස ඉහළ යයි. මෙම දර්ශක, අපේක්ෂිත මාර්කට් හැසිරීම් රටාවන් මත පදනම් වූ ගනුදෙනු අවස්ථා ලබා දෙයි.
    ‍
  6. Step දර්ශක: නමින්ම පෙන්නුම් කරන පරිදි, Step දර්ශක නිශ්චිත පියවර වශයෙන් චලනය වන අතර, අනුමාන කළ හැකි ගනුදෙනු පරිසරයක් නිර්මාණය කරයි. සෑම පියවරක්ම ස්ථාවර බැවින්, කෙටි කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග දෙකටම මෙය ආකර්ෂණීය වේ.
    ‍
  7. Daily Reset දර්ශක: මෙම ප්‍රවර්ගයට පැය 24ක කාල සීමාවක් තුළ ඉහළ යන හෝ පහළ යන මාර්කට් අනුකරණය කරන දර්ශක ඇතුළත් වේ (උදා: Bull Market Index සහ Bear Market Index). මෙම දර්ශක සෑම ගනුදෙනු දිනයක් ආරම්භයේදීම පාදක අගයකට යළි සැකසෙන අතර, එමඟින් දෛනික ප්‍රවණතා වඩාත් පහසුවෙන් අනුමාන කළ හැකිය.
    ‍

මූලික වත්කම් තේරුම් ගැනීමේ වැදගත්කම

Deriv හි derivatives ගනුදෙනු කිරීමෙන් සාර්ථක වීමට බලාපොරොත්තු වන ඕනෑම ට්‍රේඩර් කෙනෙකුට මූලික වත්කම් පිළිබඳ ස්ථිර අවබෝධයක් අත්‍යවශ්‍ය වේ. මූල්‍ය වත්කම්වල විවිධත්වය සහ සුවිශේෂී Derived දර්ශක තේරුම් ගැනීමෙන්, දැනුවත් තීරණ ගැනීමට සහ ඔබේ ගනුදෙනු උපාය මාර්ග ඵලදායී ලෙස සකස් කිරීමට අවශ්‍ය දැනුම ඔබට ලැබේ. ඔබ derivatives ගැනත් ඒවායේ විවිධ භාවිතයන් ගැනත් දිගටම ඉගෙන ගන්නා විට, සාර්ථක ගනුදෙනු ගමනක් සඳහා ඔබේ කුසලතා වර්ධනය කර ගැනීමට කැපවී සිටින්න.

Quiz

අවදානම කළමනාකරණය සඳහා Basket Indices ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

forex pairs හෝ වෙළඳ භාණ්ඩ කණ්ඩායමක සමස්ත දිශාව පිළිබඳව අනුමාන කිරීමට ට්‍රේඩර්වරුන්ට ඉඩ සලසන Derivative වර්ගය කුමක්ද?

Jump දර්ශක, සාමාන්‍ය Volatility indices වලින් වෙනස් වන්නේ කෙසේද?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp