
ට්‍රේඩිං යනු බුද්ධිමත් තීරණ ගැනීමයි ට්‍රේඩිං උපාය මාර්ග. අවදානම්-ප්රතිලාභ අනුපාතය යනු ඔබට වාසිදායක තත්ත්වයක් ගොඩනගා ගැනීමට උපකාරී වන ඔබේ රහස් අවියයි. ඔබ අවදානමට ලක් කරන දේ (අවදානම) සහ ඔබට ලැබිය හැකි දේ (ප්‍රතිලාභය) සසඳා බැලීමට මෙය සරල ක්රමයකි. මෙම සමතුලිතතාව නිවැරදිව පවත්වා ගන්නේ නම්, ඔබට වඩාත් දක්ෂ ලෙස ට්‍රේඩ් කළ හැකිය, අමතර වෙහෙසක් නැතිව.
අවදානම්-ප්රතිලාභ අනුපාතය යනු හරියටම කුමක්ද?
මෙසේ සිතන්න: ඔබ 30 USD ක් ලබා ගැනීමට 10 USD ක් අවදානමට ලක් කරන්නේ නම්, ඔබේ අවදානම්-ප්රතිලාභ අනුපාතය 1:3 වේ. එයින් අදහස් වන්නේ ඔබ අවදානමට ලක් කරන සෑම 1 USD කටම 3 USD ක් ලබා ගැනීමට ඔබ ඉලක්ක කරන බවයි. අරමුණ කුමක්ද? ඔබට ලැබිය හැකි ලාභ සෑම විටම ඔබට සිදුවිය හැකි අලාභවලට වඩා වැඩි බව තහවුරු කර ගැනීමයි.
අවදානම කළමනාකරණය: ඔබ කොපමණ මුදලක් අහිමි කර ගැනීමට කැමතිද? Stop Loss
අවදානම යනු ට්‍රේඩ් එකකින් අහිමි වුවහොත් ඔබට බාධාවක් නොවන මුදලයි. Stop Loss භාවිත වන්නේ එහිදීය. ඔබට විරුද්ධ දිශාවට ට්‍රේඩ් එක ගමන් කළහොත් ස්වයංක්‍රීයව ඉන් ඉවත් වීමට ඇති ඔබේ ආරක්ෂිත දැලයි එය. එය කල්තියා සකස් කිරීමෙන්, ඔබේ ට්‍රේඩිං උපාය මාර්ගය අඩාල කළ හැකි චිත්තවේගී, අවසන් මොහොතේ තීරණවලින් ඔබට වළකා ගත හැකිය.
ප්රතිලාභ සොයා යාම: ඔබේ ඉලක්කගත ලාභය කුමක්ද?
ඔබේ ප්‍රතිලාභය යනු ඔබ ඉලක්ක කරන ලාභයයි. එය සාමාන්‍යයෙන් Take Profit මට්ටමකින් සකසනු ලැබේ. මෙහිදී ඔබ ලාභය තහවුරු කර ගෙන එය ජයග්‍රාහී ට්‍රේඩ් එකක් ලෙස අවසන් කරයි. වැදගත් කරුණ නම්, ප්‍රමාණවත් තරම් විශාල නමුත් කලාතුරකින් පමණක් සිදුවන තරම් අධික නොවන යථාර්ථවාදී ඉලක්කයක් තෝරා ගැනීමයි.
අවදානම්-ප්රතිලාභ අනුපාතය ගණනය කරන ආකාරය
එය මෙතරම් පහසුය:
අවදානම්-ප්රතිලාභ අනුපාතය = ලැබිය හැකි ප්‍රතිලාභය / සිදුවිය හැකි අවදානම
ඔබ EUR/USD 1.0750 ට මිල දී ගත්තා යැයි සිතමු. ඔබ ඔබේ Stop Loss එක 1.0725 හි (25 pips ක් අවදානමට ලක් කරමින්) සහ Take Profit එක 1.0850 හි (100 pips ක් ලබා ගනිමින්) සකසයි. ඔබේ අවදානම්-ප්රතිලාභ අනුපාතය? 1:4. එයින් අදහස් වන්නේ ඔබේ අවදානමට සාපේක්ෂව ලාභය මෙන් හතර ගුණයක් ඉලක්ක කරන බවයි.

| ට්‍රේඩ් ඇතුළුවීම | Stop Loss | Take Profit | අවදානම (pips) | ප්‍රතිලාභය (pips) | අවදානම්-ප්රතිලාභ අනුපාතය |
|---|---|---|---|---|---|
| 1.0750 | 1.0725 | 1.0850 | 25 | 100 | 1:4 |
ඉහළ අවදානම්-ප්රතිලාභ අනුපාතයක් සෑම විටම වඩා හොඳද?
අවශ්‍යයෙන්ම නැත. 1:3 හෝ 1:4 අනුපාතයක් ඉලක්ක කිරීම හොඳ බවක් පෙනුනත්, අනුපාතය ඉහළ වන තරමට ඔබේ ජයග්‍රාහී අනුපාතය පහත වැටිය හැකිය. මෙහි ප්‍රධානම කරුණ සමතුලිතතාවයයි. එනම්, ඔබේ අනුපාතය ඔබේ සමස්ත උපාය මාර්ගයට සහ ඔබ කොපමණ වාර ගණනක් ට්‍රේඩ් ජයග්‍රහණය කරන්නේද යන්නට ගැළපීමයි.
විවිධ මාර්කට් තත්ත්වවලට අනුගත වීම
මාර්කට් නිරන්තරයෙන් වෙනස් වේ. ඔබේ උපාය මාර්ගයද එසේම විය යුතුය. අස්ථාවර තත්ත්වයන්හිදී, අවදානම් කුඩා ලෙස තබා ගනිමින් වඩා ප්‍රවේශම් සහගත ක්‍රමයක් වඩා හොඳ විය හැකිය. ශාන්ත මාර්කට්වලදී, වඩා හොඳ ප්රතිලාභ ලබා ගැනීමට ඔබට තරමක් වැඩි අවදානමක් ගත හැකිය. නම්‍යශීලීව සිටින්න.
අවදානම්-ප්රතිලාභ අනුපාතය ප්‍රබල මෙවලමක් වුවද, වැදගත් වන එකම දෙය එය නොවේ. හොඳ අවදානම් කළමනාකරණය, බුද්ධිමත් පොසිෂන් ප්‍රමාණය සහ ශක්තිමත් ට්‍රේඩිං සැලැස්මක් සමඟ ඒකාබද්ධව භාවිත කරන්න. කාලයත් සමඟ, මෙය ඔබට විශ්වාසයෙන් සහ ස්ථාවරව ට්‍රේඩ් කිරීමට උපකාරී වනු ඇත.
උත්සාහ කර බැලීමට සූදානම්ද?
අදම නොමිලේ demo ට්‍රේඩිං ගිණුමක් විවෘත කර විවිධ අවදානම්-ප්රතිලාභ උපාය මාර්ග ඔබම පරීක්ෂා කර බලන්න.
Quiz
ඔබ 20 USD ක් අවදානමට ලක් කර 60 USD ක් ඉපයීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබේ අවදානම-ප්රතිලාභ අනුපාතය කුමක්ද?


