
ගනුදෙනු සංඥා යනු මාර්කට් විශ්ලේෂණය මත පදනම්ව මිලදී ගැනීමට හෝ විකිණීමට යෝජනා ලබා දෙන, ක්‍රියාත්මක කළ හැකි ඇඟවීම් වේ.
Deriv වැනි වේදිකා මත ගනුදෙනු කරන ඕනෑම කෙනෙකුට ඒවා අගනා සම්පතක් විය හැකි අතර, ආකර්ෂණීය විය හැකි ගනුදෙනු අවස්ථා හඳුනාගැනීමට ඒවා උපකාරී වේ.
මෙම මාර්ගෝපදේශයෙන් ගනුදෙනු සංඥාවක් යනු කුමක්දැයි ඔබ ඉගෙන ගනු ඇත. ප්‍රධාන වර්ග දැන ගන්න, Deriv මත ගනුදෙනු සංඥා භාවිත කරන ආකාරය බලන්න, ඒවායේ ශක්තීන් සහ සීමාවන් ද තේරුම් ගන්න.
ගනුදෙනු සංඥා යනු මොනවාද, ට්රේඩර්වරු ඒවා භාවිත කරන්නේ ඇයි?
ගනුදෙනු සංඥා යනු නිශ්චිත මිලකට සහ වේලාවකට වත්කමක් මිලදී ගැනීමට හෝ විකිණීමට කරන නිර්දේශ වේ. ඒවා මිනිසුන් හෝ ස්වයංක්‍රීය පද්ධති සිදු කරන විශ්ලේෂණ මත පදනම් වේ. ප්‍රධාන අරමුණ කුමක්ද? මාර්කට් ඔබම විශ්ලේෂණය කිරීමට ඔබට කාලය හෝ පළපුරුද්ද නැති වුවද, විශ්වාසයෙන් ගනුදෙනු තීරණ ගැනීමට ඔබට උපකාර කිරීමයි.
Deriv මත, ඉහළ ට්රේඩර්වරුන්ගේ පළපුරුද්දෙන් ප්‍රයෝජන ගැනීමට, ඔවුන්ගේ ගනුදෙනු කිරීම ස්වයංක්‍රීය කිරීමට, නැතහොත් සරලවම කාලය ඉතිරි කර ගැනීමට කැමති අයට ගනුදෙනු සංඥා විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය. Deriv MT5 වැනි වේදිකා මත සංඥා භාවිත කිරීමෙන් ඔබට විශේෂඥ අවබෝධයන්ට සහ ස්වයංක්‍රීය ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශය ලැබේ. එය අතින් කරන වැඩ අඩු කරමින් වැඩි අවස්ථා හඳුනාගැනීමට ඔබට උපකාරී විය හැකිය.
ගනුදෙනු සංඥා වර්ග
ගනුදෙනු සංඥා වර්ග තේරුම් ගැනීමෙන් ඔබේ ගනුදෙනු ශෛලියට වඩාත්ම ගැළපෙන එක තෝරා ගැනීමට ඔබට හැකි වේ.
අතින් කරන සහ ස්වයංක්‍රීය සංඥා
- අතින් කරන සංඥා: මිනිස් විශේෂඥයන් තමන්ගේම විශ්ලේෂණය මත පදනම්ව සංඥා නිපදවා බෙදා හරිති. ඔබට මේවා ලැබේ, ඒ අනුව ක්‍රියා කරනවාද යන්න ඔබ තීරණය කරයි.
- ස්වයංක්‍රීය සංඥා: Algorithmic ගනුදෙනු පද්ධති හෝ බොට්වරු මාර්කට් අඛණ්ඩව පරීක්ෂා කර, කේතගත තර්කනය මත පදනම්ව ට්‍රේඩ් ක්‍රියාත්මක කරති. Deriv MT5 සංඥා සපයන්නන් සමඟ ඔබට බොහෝ විට හමුවන්නේ මේවා ය.
තාක්ෂණික සංඥා
මේවා දර්ශක සහ ප්‍රස්ථාර රටා (උදා: MACD, RSI, moving averages) මත පදනම් වන අතර ස්වයංක්‍රීය උපාය මාර්ග තුළ බහුලව භාවිත වේ.
මූලික සංඥා
මධ්‍යම බැංකු තීරණ හෝ සමාගම් ඉපැයීම් වැනි ප්‍රධාන ආර්ථික සිදුවීම් හෝ පුවත් නිකුත් කිරීම් නිසා මාර්කට් චලනය වන විට මේවා ඇති වේ.
Algorithmic සංඥා
මේවා තාක්ෂණික විශ්ලේෂණය, ගණිතමය ආකෘති සහ සමහර විට machine learning ඒකාබද්ධ කරන අතර, ගනුදෙනු තීරණ සම්පූර්ණයෙන්ම පරිගණක ආකෘති මගින් සිදු කෙරේ. Deriv MT5 හි ඉහළ සංඥා සපයන්නන් අතර මේවා බොහෝ විට දක්නට ලැබේ.
ගනුදෙනු සංඥා නිපදවන්නේ කෙසේද?
ඔබේ පාවිච්චියට හෝ අන් අයට බෙදා ගැනීමට ගනුදෙනු සංඥා නිපදවන්නේ කෙසේදැයි කල්පනා කරනවාද? ඒවා විවිධ මූලාශ්‍රවලින් ලැබේ:
- තාක්ෂණික දර්ශක: මිල දත්ත මත කරන ගණනය කිරීම් (moving average ඡේදනය වීම්, RSI overbought/oversold ඇඟවීම් ආදිය).
- ප්‍රස්ථාර සහ මිල රටා: Head and shoulders, double tops/bottoms, හෝ trendline බිඳ වැටීම්.
- ආර්ථික පුවත් සහ විශ්ලේෂණ: දින දර්ශනයේ සිදුවීම් මත පදනම් වේ. පොලී අනුපාත, NFP, GDP ආදිය.
- Algorithmic උපාය මාර්ග: වෘත්තීය ට්රේඩර්වරු දර්ශක සහ රීති කිහිපයක් එකවර විශ්ලේෂණය කරන ශක්තිමත් ස්ක්‍රිප්ට් හෝ expert advisors (EAs) භාවිත කරති.
Deriv MT5 මත ගනුදෙනු සංඥා භාවිත කරන්නේ කෙසේද
ගනුදෙනු සංඥාවක් යනු මූලික වශයෙන් මාර්කට් විශ්ලේෂණය මත පදනම්ව, මාර්කට් එකේ පොසිෂනයකට ඇතුළු වීමට, පිටවීමට හෝ එය වෙනස් කිරීමට දෙන උපදෙසක් හෝ යෝජනාවකි. උදාහරණයක් ලෙස, ගනුදෙනු සංඥාවක් මගින් කලින් නියම කළ Stop Loss සහ Take Profit සමඟ නිශ්චිත මිලකට EUR/USD මිලදී ගැනීමට නිර්දේශ කළ හැකිය.
Deriv MT5 මත, ඔබට සංඥා අනුව ක්‍රියා කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් ඇත:
- අතින් කරන සංඥා: ඔබට ඇඟවීමක් ලැබෙන අතර, ඒ අනුව ක්‍රියා කරනවාද යන්න ඔබ තීරණය කරයි.
- ස්වයංක්‍රීය සංඥා: ඔබ සපයන්නෙකුට දායක වන අතර, ඔවුන්ගේ ට්‍රේඩ් ඔබ අතින් කිසිවක් නොකර ඔබේ ගිණුමට කෙලින්ම පිටපත් වේ.
මෙම ස්වයංක්‍රීයකරණය නිසා ඔබට දවස පුරා තිරය අසල සිටීමට හෝ ගනුදෙනු අවස්ථා මග හැරේ යැයි බිය වීමට අවශ්‍ය නැත.
දායකයෙකු ලෙස ගනුදෙනු සංඥා භාවිත කිරීම
Deriv MT5 මත ගනුදෙනු සංඥාවලට දායක වීම ඉතා පහසුය:
- ඔබේ Deriv MT5 වේදිකාව විවෘත කර Signals ටැබය තෝරන්න.
- කාර්ය සාධන සංඛ්‍යාලේඛන, ගනුදෙනු ශෛලිය සහ අවදානම් ලකුණු සමඟ පෙන්වන සපයන්නන් බලන්න.
- ප්‍රතිඵල ඔබේ ඉලක්කවලට සහ අවදානම් පැතිකඩට ගැළපෙන සංඥා සපයන්නෙකු තෝරන්න.
- Subscribe ක්ලික් කර ඔබේ අවදානම් පරාමිතීන් (පරිමාව, Stop Loss ආදිය) ඇතුළත් කරන්න.
- දායක වූ පසු, සපයන්නාගේ ට්‍රේඩ් ඔබේ ගිණුමට ස්වයංක්‍රීයව පිටපත් වේ.
Deriv MT5 මත, සියලුම සංඥා සපයන්නන්ගේ ගනුදෙනු ඉතිහාසය, අවදානම් ශ්‍රේණිගත කිරීම, සාර්ථක ට්‍රේඩ් අනුපාතය සහ මාසික කාර්ය සාධනය දැකිය හැකිය. මෙම විනිවිදභාවය මගින් කවුරුන් අනුගමනය කළ යුතුද යන්න තීරණය කිරීමට සහ ඔබේ අවදානම් පැතිකඩට නොගැළපෙන සංඥා මගහැරීමට ඔබට උපකාරී වේ.
සපයන්නෙකුගේ ට්‍රේඩ් පිටපත් කරන අතරතුර, ඔබට සම්පූර්ණ පාලනය රැඳී පවතී. ඔබට ඕනෑම වේලාවක දායකත්වය විරාම කිරීමට, සකස් කිරීමට හෝ අවලංගු කිරීමට හැකිය. සැබෑ මුදල් යෙදවීමට පෙර නව සංඥා සපයන්නෙකුගේ සේවා Deriv ඩෙමෝ ගිණුම භාවිතයෙන් පරීක්ෂා කිරීමටද නිර්දේශ කෙරේ.
සංඥා සපයන්නෙකු වීම
අන් අය සමඟ බෙදා ගැනීමට කැමති ශක්තිමත් ගනුදෙනු උපාය මාර්ගයක් ඔබ සතුව ඇති බවත්, ඔබේ දායක ගාස්තුවලින් අමතර ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය බවත් සිතනවාද? සරල පියවර කිහිපයකින් ඔබට සංඥා සපයන්නෙකු ලෙස ලියාපදිංචි විය හැකිය:
- MQL5.com හරහා සපයන්නෙකු ලෙස ලියාපදිංචි වන්න.
- ඔබේ සජීවී Deriv MT5 ගිණුම සම්බන්ධ කරන්න.
- ඔබේ ට්‍රේඩ් අන් අයට අනුගමනය කිරීමට දැකගත හැකි වන අතර, ඔබේ දායකයන් ගණන මත පදනම්ව ඔබට කොමිස් උපයා ගත හැකිය.
ගනුදෙනු සංඥාවල අවදානම් සහ සීමාවන්
ගනුදෙනු සංඥා මගින් කාලය ඉතිරි කර ගත හැකි අතර වෘත්තීය උපාය මාර්ග ඔබේ අතට ගෙන ඒමට හැකි වුවද, මතක තබා ගත යුතු අවදානම් කිහිපයක් තිබේ:
- ලාභය සහතික නොවේ: පළපුරුදු සපයන්නන්ට පවා අලාභ ලබන කාල පරාස තිබිය හැකිය.
- වෙනස් අවදානම් ඉවසීම්: සපයන්නෙකුගේ අවදානම් ඉවසීම ඔබේ ඉවසීමට නොගැළපිය හැකිය.
- මාර්කට් වෙනස්වීම්: වේගයෙන් චලනය වන මාර්කට් තුළ ස්වයංක්‍රීය ට්‍රේඩ් වෙනස් ලෙස ක්‍රියා කළ හැකිය.
- අධික ලෙස රඳා සිටීම: සංඥා යනු මෙවලම් මිස අසාර්ථක නොවන විසඳුම් නොවේ. විවිධාංගීකරණය කර ඔබේම අවදානම් පාලන භාවිත කිරීම වඩාත් සුදුසුය.
සපයන්නෙකුගේ ප්‍රතිඵල වාර්තාව, ගනුදෙනු සංඛ්‍යාතය සහ සමස්ත ශෛලිය සැමවිටම සමාලෝචනය කරන්න. මුලින් කුඩා මුදලකින් හෝ ඩෙමෝ ගිණුමක් මත පරීක්ෂා කිරීම සලකා බලන්න.
අවසාන වශයෙන්, ගනුදෙනු සංඥා මගින් අවබෝධයක් ලබා ගැනීමට හෝ ඔබේ ගනුදෙනු කිරීම ස්වයංක්‍රීය කිරීමට ප්‍රායෝගික ක්‍රමයක් ලැබේ. ඔබට පළපුරුදු ට්රේඩර්වරුන්ගේ ට්‍රේඩ් අනුගමනය කිරීමට, ඔබේ මනාප සකස් කිරීමට සහ ඉතිරිය තාක්ෂණයට භාර දීමට තෝරා ගත හැකිය.
කෙසේ වෙතත්, මෙය සැමවිටම මතක තබා ගන්න—ගනුදෙනු කිරීමේදී අවදානමක් ඇත, අතීත කාර්ය සාධනය අනාගත ප්‍රතිඵල සැමවිටම නොපෙන්වයි. සංඥා පුළුල් ගනුදෙනු සැලැස්මක් කොටසක් ලෙස ප්‍රඥාවන්තව භාවිත කරන්න.
Quiz
Deriv MT5 හි ගනුදෙනු කිරීමේ සංඥා සපයන්නෙකුට දායක වූ විට කුමක් සිදු වේද?


