
ගනුදෙනු කිරීම හැඟීම්බර විය හැකි අතර, එය සාමාන්‍ය දෙයකි. ගනුදෙනු කිරීම හැඟීම්බර රෝලර් කෝස්ටරයක් මෙන් දැනිය හැකිය. විශාල ලාභයක සතුට, අලාභයක කලකිරීම, ඊළඟ අවස්ථාව පසුපස ලුහුබැඳීමේ ආශාව. මේ සියල්ල මෙම ක්‍රීඩාවේම කොටසකි. එහෙත් පළපුරුදු ට්‍රේඩර්වරුන් දන්නා එක දෙයක් ඇත: හැඟීම් ඔබේ විශාලතම සතුරා විය හැකිය.
සන්සුන්ව සහ ඉවසීමෙන් සිටීම හුදෙක් තිබීම හොඳ දෙයක් නොවේ. එය දිගුකාලීන සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. හැඟීම්වලට යටවීම නිසා නොසැලකිලිමත් තීරණ, විශාල අවදානම් සහ අවාසනාවකට විශාල අලාභ සිදු විය හැකිය. එබැවින්, ඔබේ හැඟීම් පාලනයේ තබා ගැනීම මෙතරම් වැදගත් වන්නේ ඇයි සහ එය කරන්නේ කෙසේද යන්න ගැන කතා කරමු.
අධික ලෙස ගනුදෙනු කිරීම ආරම්භ වීමට පෙර නවත්වන්න
ටිකක් ඉවතට වී සිටිය යුතු බව දැන දැනත් ගනුදෙනු කරගෙන යාමට ආශාවක් ඔබට ඇති වී තිබේද? එයට කියන්නේ අධික ලෙස ගනුදෙනු කිරීම (overtrading) යනුවෙනි. ට්රේඩර්වරු ගනුදෙනු ඉතා වැඩියෙන් කරන විට හෝ එකම පොසිෂන් එකකට ඉතා වැඩි මුදලක් යොදවන විට එය සිදු වේ. තවද, එය බොහෝ විට හැඟීම්වලින් පෝෂණය වේ. අලාභයකින් ගොඩ ඒමට උත්සාහ කිරීමෙන් හෝ ලාභ අඛණ්ඩව ලැබීමේ උද්දීපනයෙන් එය සිදු විය හැකිය.
මාර්කට් තත්ත්වයන් ද ඔබව රැවටිය හැකිය. මිල වේගයෙන් චලනය වීමට පටන් ගත් විට, එම ගමන් වේගය අල්ලා ගැනීමට පැන ගැනීමට පෙළඹේ. එහෙත් පැහැදිලි සැලැස්මක් නොමැතිව, ඔබව මඟ හැරවන සහ අනවශ්‍ය අවදානම්වලට නිරාවරණය කරන ඉක්මන් තීරණ ගැනීමට ඔබට සිදු විය හැකිය.
අධික ලෙස ගනුදෙනු කිරීම වළක්වා ගන්නේ කෙසේද? විනයගරුක වන්න
- වෙළඳ සැලැස්මකට ඇලී සිටින්න. ශක්තිමත් සැලැස්මක් ඔබව සන්සුන්ව සහ අවධානයෙන් තබයි.
- ඔබේ පෝට්ෆෝලියෝව විවිධාංගීකරණය කරන්න. සියලු බිත්තර එකම කූඩයක නොදමා, ඔබේ ප්රාග්ධනය විවිධ වත්කම් අතර බෙදන්න.
- ඔබේ ප්රාග්ධනය පාලනය කරන්න. ඔබට අහිමි වීම දරා ගත හැකි මුදල පමණක් ගනුදෙනු කරන්න; ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන මුදල අනුව නොවේ.
අවදානම් නිරාවරණය පාලනයේ තබා ගන්න
අවදානම ගනුදෙනු ලෝකයේ කොටසකි. එයින් මිදිය නොහැකිය. එහෙත් හැඟීම්? ඒවාට ගත යුතු ප්‍රමාණයට වඩා බොහෝ වැඩි අවදානමක් ගැනීමට ඔබව තල්ලු කළ හැකිය.
උදාහරණයක් ලෙස, මිල ඉහළ යන (bullish) මාර්කට් එකක් සලකා බලන්න. මිල ඉහළ යන අතර, අවස්ථාව මග හැරේ යැයි ට්රේඩර්වරු කනස්සල්ලට පත් වීමට පටන් ගනී. අවස්ථාව මග හැරේය යන බිය (FOMO) නිසා ඇතැමුන් හොඳින් නොසිතා ගනුදෙනුවලට පැන ගනී. ඉන්පසු කෑදරකම මතු වේ; ඔවුන් තවත් විශාල ලාභ බලාපොරොත්තුවෙන් පොසිෂන් ඉතා දිගු කාලයක් තබා ගනී. එහෙත් අප සැවොම දන්නා පරිදි, මාර්කට් එක සැමවිටම හිතකර නොවන අතර, එම ලාභ ලැබුණු වේගයෙන්ම අහෝසි විය හැකිය.
අවදානම කළමනාකරණය කර FOMO වළක්වා ගන්නේ කෙසේද? ඔබේ වෙළඳ ශෛලිය තීරණය කරන්න
- පැහැදිලි උපාය මාර්gයක් තබා ගන්න. එය ඔබව අවධානයෙන් තබා, නොසැලකිලිමත් තීරණ ගැනීම වළක්වයි.
- කල්තියා සැලසුම් කරන්න. හැඟීම් මැදිහත් වීමට පෙර, ඔබ ගනුදෙනුවලට ඇතුළු වන සහ ඉන් ඉවත් වන වේලාව හරියටම දැන සිටින්න.
- නම්‍යශීලීව සිටින්න. මාර්කට් නිරන්තරයෙන් වෙනස් වේ. සැලැස්මකට ඇලී සිටීම හොඳය, එහෙත් ප්රවණතා අන්ධ ලෙස අනුගමනය කිරීම? එය එතරම් හොඳ නැත.
පළිගැනීමේ ගනුදෙනු කිරීම වළක්වන්න
පළිගැනීමේ ගනුදෙනු කිරීම (revenge trading) ගැන කතා කරමු. විශාල අලාභයක් සිදු වූ විගස, මුදල් ආපසු ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් වහාම තවත් ගනුදෙනුවකට පිවිසෙන මොහොත එයයි. එය තේරුම් ගත හැකි දෙයකි, එහෙත් එය කලාතුරකින් හොඳින් අවසන් වේ.
පළිගැනීමේ ට්රේඩර්වරු තම ප්‍රවේශය නැවත සලකා බැලීම වෙනුවට, නිසි සැලැස්මක් නොමැතිව කෙලින්ම ගනුදෙනුවලට පිවිසෙති. ඔවුන් ක්‍රියා කරන්නේ උපාය මාර්ගයකින් නොව හැඟීමෙන් බැවින්, ඔවුන් බොහෝ විට ඊටත් වඩා අවදානම් ගනුදෙනු කරයි. වැඩි අවදානමක් නිසා වැඩි අලාභ, වැඩි කලකිරීම් සහ ඔබ අනුමාන කළ පරිදි තවත් පළිගැනීමේ ගනුදෙනු කිරීම් ඇති වේ. මෙය බිඳ දැමීමට අපහසු දුෂ්ඨ චක්රයකි.
පළිගැනීමේ ගනුදෙනු කිරීම වළක්වා ගන්නේ කෙසේද? අවදානම් කළමනාකරණ මෙවලම් භාවිත කරන්න

- Stop Loss සකසන්න. මාර්කට් එක ඔබට විරුද්ධව චලනය වුවහොත් මෙය ඔබේ පොසිෂන් එක ස්වයංක්‍රීයව වසා දමා, විශාල අලාභවලින් ඔබව ආරක්ෂා කරයි.
- වෙළඳ දිනපොතක් තබා ගන්න. ඔබේ ලාභ සහ අලාභ සටහන් කිරීම අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට සහ ඔබේ උපාය මාර්ගය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
අදම ඔබේ ගනුදෙනු කිරීමේ මානසිකත්වය ශක්තිමත් කරන්න
ගනුදෙනු කිරීමේ මනෝවිද්‍යාව ප්‍රගුණ කිරීම, ප්‍රස්ථාර විශ්ලේෂණය කිරීම හෝ මාර්කට් ප්රවණතා අනුගමනය කිරීම තරමටම වැදගත් වේ. ඔබට ඔබේ හැඟීම් කළමනාකරණය කර, ඔබේ උපාය මාර්ගයට ඇලී සිටිමින්, අවදානම් කළමනාකරණ මෙවලම් ප්‍රඥාවන්තව භාවිත කළ හැකි නම්, දිගුකාලීන සාර්ථකත්වය සඳහා ඔබ වඩාත් හොඳ තත්ත්වයක සිටිනු ඇත.
එසේ නම් අදම ආරම්භ නොකරන්නේ ඇයි? demo ගිණුමක් සමඟ දක්ෂ ගනුදෙනු කිරීම පුහුණු වන්න, නැතහොත් ඔබේ කුසලතා මුවහත් කර ගැනීමට Deriv Academy හි ඇති අපගේ නොමිලේ පාඨමාලා බලන්න.
ආරම්භ කිරීමට ඔබේ දැනට පවතින Deriv ගිණුමේ ඊමේල් ලිපිනය සහ මුරපදය භාවිතයෙන් Deriv Academy වෙත පිවිසෙන්න.
Quiz
පළිගැනීමේ ගනුදෙනු කිරීම වළක්වා ගැනීමට හොඳම ක්‍රමය කුමක්ද?


