MT5 order types: ආරම්භකයින් සඳහා සවිස්තරාත්මක අවබෝධයක්
Deriv MT5 වේදිකාවේ ඇති විවිධ ඕඩර් වර්ග අවබෝධ කර ගැනීම ඕනෑම ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙකුට වැදගත් වේ. මෙම පාඩම වීඩියෝවේ දක්වා ඇති තොරතුරු තවදුරටත් විස්තර කරයි. MT5 හි ඇති ඕඩර් වර්ග, ඒවායේ කාර්යයන් සහ ඒවා ඔබේ ගනුදෙනු කිරීමේ උපායමාර්ග වැඩිදියුණු කරන ආකාරය ගැන ගැඹුරින් සාකච්ඡා කරයි. මෙම ඕඩර් වර්ග හොඳින් දැන ගැනීමෙන් ඔබට වඩාත් ඵලදායී ලෙස ගනුදෙනු කිරීමට සහ මාර්කට් තත්ත්වයන්ට අනුගත වීමට හැකි වේ.
Market Orders: වේගය සහ ක්‍රියාත්මක කිරීම
වීඩියෝවේ සඳහන් පරිදි, Market Order එකක් මිලට වඩා ක්‍රියාත්මක වන වේගයට ප්‍රමුඛතාව දෙයි. ඔබ Market Order එකක් ලබා දුන් විට, MT5 පවතින හොඳම මාර්කට් මිලට මිල දී ගැනීම හෝ විකිණීම මගින් ඔබේ වෙළඳ ගනුදෙනුව සම්පූර්ණ කරයි. Market Order එකක ප්‍රධාන වාසිය නම් ඔබේ ඕඩරය ඉක්මනින් ක්‍රියාත්මක වීමයි. වේගයෙන් වෙනස් වන වෙළඳපොළවල් තුළ මෙය ඉතා වැදගත් වේ.
කෙසේ වෙතත්, Market Order මගින් ඕඩරය ක්‍රියාත්මක වීම සහතික කළත්, ඕඩරය සම්පූර්ණ වන නිශ්චිත මිල සහතික නොකරන බව දැන සිටිය යුතුය. උදාහරණයක් ලෙස, ඔබට EUR/USD මිල දී ගැනීමට අවශ්‍ය වන අතර මාර්කට් මිල $1.1250 නම්, මාර්කට් මිල වෙනස් වී ඇත්නම් ඔබට $1.1252 ට මිල දී ගැනීමට සිදු විය හැකිය. Market Orders භාවිත කරන විට මිල උච්චාවචනයන් ගැන දැනුවත්ව සිටීම වැදගත් වේ.

Pending Orders: උපායමාර්ගික ගනුදෙනු කිරීම
Pending Orders මගින් ට්රේඩර්වරුන්ට උපායමාර්ගික වාසියක් ලැබේ. මාර්කට් එකට ඇතුළු වීමට අවශ්‍ය නිශ්චිත මිල මට්ටම් ඔවුන්ට තීරණය කළ හැකිය. වහාම ක්‍රියාත්මක වන Market Orders මෙන් නොව, Pending Orders කලින් නියම කළ මාර්කට් තත්ත්වයන් සපුරන තෙක් රැඳී සිටී.
- Buy Limit Orders: වත්මන් මාර්කට් මිලට වඩා පහළින් සකසන Buy Limit Orders මගින් ට්රේඩර්වරුන්ට වත්මන් මාර්කට් මිලට වඩා අඩු මිලකට වත්කමක් මිල දී ගත හැකිය. මෙය ඇතුළු වීමේ වියදම අඩු කරයි.
- Sell Limit Orders: මේවා වත්මන් මාර්කට් මිලට වඩා ඉහළින් සකසන අතර, මිල කලින් නියම කළ මට්ටමට ඉහළ ගිය විට ක්‍රියාත්මක වේ.
- Buy Stop Orders: මිල ඉහළ යනු ඇතැයි ට්‍රේඩර්වරුන් අපේක්ෂා කරන විට භාවිත කරන Buy Stop Orders, වත්මන් මාර්කට් මිලට වඩා ඉහළින් තබන අතර මිල එම මට්ටමට පැමිණි විට සක්‍රිය වේ.
- Sell Stop Orders: Buy Stop Orders මෙන්ම භාවිත කරන මේවා වත්මන් මාර්කට් මිලට වඩා පහළින් තබන අතර මිල එම මට්ටමට පහළ වැටුණු විට ක්‍රියාත්මක වේ.
- Buy Stop Limit Orders: මෙම ඕඩරය Buy Stop ඕඩරයක සහ limit ඕඩරයක ලක්ෂණ එකට ඇත. මිල නියම කළ stop මිලට ඉහළ ගිය විට එය සක්‍රිය වේ. එහෙත් ඉන්පසු මිල නැවත ඔබ සකසා ඇති limit මිලට පහළ වැටුණහොත් පමණක් ඕඩරය ක්‍රියාත්මක වේ. මෙය ඔබේ ඇතුළු වීම වඩාත් හොඳින් පාලනය කිරීමට ඉඩ සලසයි.
උදාහරණයක් ලෙස, EUR/USD මිල ඉහළ යනු ඇතැයි ඔබ බලාපොරොත්තු වන නමුත් නිශ්චිත ඇතුළු වීමේ මිලක් අවශ්‍ය නම්, ඔබට stop මිල $1.1300 සහ limit මිල $1.1280 ලෙස Buy Stop Limit ඕඩරයක් සැකසිය හැකිය. EUR/USD මිල $1.1300 ට පැමිණි විට ඔබේ ඕඩරය සක්‍රිය වේ. එහෙත් මිල නැවත $1.1280 හෝ ඊට අඩු වුවහොත් පමණක් එය ක්‍රියාත්මක වේ. - Sell Stop Limit Orders: මෙම ඕඩර් වර්ගය Buy Stop Limit ඕඩරයට සමානව ක්‍රියා කරයි. වත්කම නියම කළ stop මිලට පැමිණි විට විකිණීමේ ඕඩරය සක්‍රිය වේ. එහෙත් මිල නැවත කලින් නියම කළ limit මිලට ඉහළ ගියහොත් පමණක් එය ක්‍රියාත්මක වේ.
උදාහරණයක් ලෙස, EUR/USD මිල $1.1200 ට පහළ වැටුණහොත් එය විකිණීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, stop මිල $1.1200 සහ limit මිල $1.1190 ලෙස Sell Stop Limit ඕඩරයක් සැකසිය හැකිය. ඔබේ ඕඩරය $1.1200 දී සක්‍රිය වේ. එහෙත් මිල නැවත අවම වශයෙන් $1.1190 දක්වා ඉහළ ගියහොත් පමණක් එය ක්‍රියාත්මක වේ. මෙය ට්රේඩර්වරුන්ට වඩාත් පාලිත ඇතුළු වීමේ ස්ථානයක් සහතික කරයි.

Take Profit, Stop Loss සහ Trailing Stop Orders
ෆොරෙක්ස් ගනුදෙනු කිරීමේදී අවදානම කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ. පොසිෂන් වසා දැමීම හා සම්බන්ධ ඕඩර් වර්ග මෙහිදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.
- Take Profit Orders: වත්කම නියම කළ මිලට පැමිණි විට මෙම ඕඩර් මගින් පොසිෂනය ස්වයංක්‍රීයව වසා දමා ලාභය සුරක්ෂිත කරයි. Buy පොසිෂනයක් සඳහා Take Profit එක වත්මන් ask මිලට වඩා ඉහළින් සකසන අතර, Sell පොසිෂනයක් සඳහා එය වත්මන් bid මිලට වඩා පහළින් සකසයි.
- Stop Loss Orders: අලාභ අවම කිරීම අරමුණු කරගත් මෙම ඕඩර් මගින්, මාර්කට් එක ඔබට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන විට පොසිෂනය ස්වයංක්‍රීයව වසා දමයි. Take Profit ඕඩර් මෙන්ම, Buy පොසිෂනයක් සඳහා Stop Loss එක වත්මන් bid මිලට වඩා පහළින් තබන අතර, Sell පොසිෂන් සඳහා ask මිලට වඩා ඉහළින් තබයි.
- Trailing Stop Loss: මාර්කට් එක ඔබට වාසිදායක දිශාවට ගමන් කරන විට මෙම ගතික ඕඩරය ඔබේ Stop Loss මට්ටම සකස් කරයි. උදාහරණයක් ලෙස, ඔබ trailing Stop Loss එක පොයින්ට් 20 ක් ලෙස සකසා මිල ඉහළ ගියහොත්, Stop Loss එක සකසා ඇති දුර පවත්වා ගනිමින් මිල අනුගමනය කරමින් ඉහළ යයි. මෙම උපායමාර්ගය මගින් ඔබට ලාභය සුරක්ෂිත කර ගැනීමටත්, තවදුරටත් ලාභ ලැබීමේ හැකියාවට ඉඩ තබා ගැනීමටත් හැකි වේ.
නිගමනය: ඵලදායී ගනුදෙනු කිරීම සඳහා ඕඩර් වර්ග හොඳින් දැන ගැනීම
විවිධ MT5 ඕඩර් වර්ග අවබෝධ කර ගැනීම ඵලදායී ගනුදෙනු කිරීම සඳහා මූලික හැකියාවකි. Market Orders, Pending Orders සහ Take Profit හා Stop Loss වැනි පිටවීමේ උපායමාර්ග හොඳින් දැන ගැනීමෙන්, ඔබේ වෙළඳ ගනුදෙනු කළමනාකරණය කිරීමට සහ මාර්කට් උච්චාවචනයන්ට මුහුණ දීමට ඔබ වඩාත් සූදානම් වේ. මෙම දැනුමෙන් ඔබට වෙළඳ ගනුදෙනු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට සහ ශක්තිමත් ගනුදෙනු උපායමාර්ගයක් ගොඩනඟා ගැනීමට හැකි වේ.
Quiz
Forex ගනුදෙනු කිරීමේදී මාර්කට් ඇණවුමක ප්‍රධාන වාසිය කුමක්ද?
Buy Limit Order ක්‍රියා කරන්නේ කෙසේද?
Trailing Stop Loss ඇණවුමක් කරන්නේ කුමක්ද?


