මූලික අන්තර්ගතයට පිවිසෙන්න
පාඩම
5
Deriv MT5 | මධ්‍යම මට්ටම

දර්ශක

කාලසීමාව
16
විනාඩි


අද, ඔබේ ට්‍රේඩිං උපාය මාර්ග ට්‍රේඩිං උපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමට Deriv MT5 වේදිකාව Deriv MT5 වේදිකාව මත දර්ශක ඵලදායී ලෙස භාවිතා කරන ආකාරය අපි බලමු. මිල චලනයන් විශ්ලේෂණය කිරීමට, ප්‍රවණතා හඳුනා ගැනීමට සහ දැනුවත් ට්‍රේඩිං තීරණ ගැනීමට දර්ශක අත්‍යවශ්‍ය මෙවලම් වේ.
‍

දර්ශක අවබෝධ කර ගැනීම

දර්ශක යනු මාර්කට් හි ඇති විය හැකි චලනයන් පිළිබඳව ට්‍රේඩර්වරුන්ට අනුමාන කිරීමට උපකාරී වන මිල දත්තවල ගණිතමය පරිවර්තන වේ. ඒවා මිල චලනයේ ඇති, එකවර දැකිය නොහැකි රටා සහ ලක්ෂණ හෙළි කරයි. එමගින් මාර්කට් ප්‍රවණතා විශ්ලේෂණය කිරීමට සහ අනාගත මිල වෙනස්කම් අනුමාන කිරීමට ට්‍රේඩර් කෙනෙකුට ඇති හැකියාව වැඩි වේ.
‍

Deriv MT5 හි ඇති දර්ශක වර්ග

Deriv MT5 මගින් ප්‍රවණතා දර්ශක, ඔසිලේටර්, වෝල්යුම් දර්ශක සහ Bill Williams දර්ශක ඇතුළු කණ්ඩායම් කිහිපයකට වර්ග කළ හැකි පුළුල් දර්ශක පරාසයක් ලබා දේ.

  1. ප්‍රවණතා දර්ශක:
    • චලන සාමාන්‍ය: ප්‍රවණතා හෙළි කිරීම සඳහා මිල දත්ත සමතලා කිරීමට මේවා ඉතා වැදගත් වේ.
      • සරල චලන සාමාන්‍යය (SMA): සියලු දත්ත සමානව සලකමින් නිශ්චිත කාල සීමාවක සාමාන්‍ය මිල ලබා දේ.
        ‍
      • ඝාතීය චලන සාමාන්‍යය (EMA): මෑත කාලීන මිලවලට වැඩි බරක් ලබා දෙන අතර, මාර්කට් වෙනස්කම්වලට වඩා වේගයෙන් ප්‍රතිචාර දක්වයි.
        ‍
      • සමතලා කළ චලන සාමාන්‍යය: දිගුකාලීන ප්‍රවණතා වඩාත් පැහැදිලිව දැකීම සඳහා කෙටිකාලීන උච්චාවචනයන් අඩු කරයි.
        ‍
      • රේඛීය බර කළ චලන සාමාන්‍යය: මෑත කාලීන මිලවලට රේඛීය ලෙස වැඩි බරක් ලබා දෙන බැවින් වෙනස්කම්වලට සංවේදී වේ.
        ‍
    • Bollinger Bands: මාර්කට් හි මිල උච්චාවචනය මනින අතර, ඇති විය හැකි මිල චලනයන් පිළිබඳව සංඥා ලබා දිය හැකිය. ඒවා මධ්‍යයේ ඇති චලන සාමාන්‍යයකින් සහ මෙම සාමාන්‍යයේ සිට ඇති ප්‍රමිත අපගමන (standard deviations) පිළිබිඹු කරන පිටත රේඛා දෙකකින් සමන්විත වේ. මාර්කට් හි මිල උච්චාවචනය අනුව මෙම රේඛා පුළුල් වන අතර හැකිළේ. එමගින් ට්‍රේඩර්වරුන්ට මිල හදිසියේ ඉහළ හෝ පහළ යාම (බ්‍රේක්අවුට්) හෝ මිල දිශාව වෙනස් වීම හඳුනා ගැනීමට උපකාරී වේ.
      ‍
    • Average Directional Movement Index (ADX): මෙම දර්ශකය ප්‍රවණතාවක දිශාව නොපෙන්වා එහි ශක්තිය මනි. එය +DI සහ -DI යන දිශා දර්ශක දෙකක් සමඟ පැමිණෙන අතර, ඉහළ යන හෝ පහළ යන ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා දේ.
      ‍
  2. ඔසිලේටර්:
    • Relative Strength Index (RSI): මිල චලනයන්ගේ වේගය සහ වෙනස මනින අතර 0 සහ 100 අතර දෝලනය වේ. RSI අගය 70 ට වඩා ඉහළ නම් අධිකව මිලදී ගත් තත්ත්වයක් දක්වයි. 30 ට පහළ නම් අධිකව විකුණා ඇති තත්ත්වයක් දක්වයි.
      ‍
    • Average True Range (ATR): නිශ්චිත කාල සීමාවක් තුළ වත්කමක් සාමාන්‍යයෙන් කොපමණ චලනය වේද යන්න තක්සේරු කිරීමෙන් මාර්කට් හි මිල උච්චාවචනය මනි. ATR අගය ඉහළ නම් උච්චාවචනය වැඩි බව දක්වයි.
      ‍
  3. වෝල්යුම් දර්ශක:
    • On-Balance Volume (OBV): මිල ඉහළ ගිය දිනවල වෝල්යුම් එකතු කර, මිල පහළ ගිය දිනවල අඩු කිරීමෙන් මිලදී ගැනීමේ සහ විකිණීමේ පීඩනය මනි. වෝල්යුම් ගලා යාම මත පදනම්ව ඇති විය හැකි ප්‍රවණතා හඳුනා ගැනීමට එය උපකාරී වේ.
      ‍
  4. Bill Williams දර්ශක:
    • Alligator: ප්‍රවණතාවක දිශාව සහ ශක්තිය තීරණය කිරීමට සමතලා කළ චලන සාමාන්‍ය තුනක් භාවිතා කරයි. රේඛා පෙළගැසී ඒවා අතර පරතරයක් පැවතීම ප්‍රබල ප්‍රවණතාවක් දක්වයි. රේඛා එකිනෙක කරා එකතු වීම මිල පටු පරාසයක රැඳී සිටීම හෝ අඩු උච්චාවචනයක් යෝජනා කරයි.
      ‍

දර්ශක සැකසුම් අභිරුචිකරණය කිරීම

ඔබේ ප්‍රස්ථාරයට දර්ශකයක් යෙදූ පසු, ඔබේ ට්‍රේඩිං උපාය මාර්ගයට ගැලපෙන පරිදි එහි සැකසුම් පහසුවෙන් වෙනස් කළ හැකිය:

  • දර්ශකයේ ගුණාංග බැලීමට එය මත දකුණු ක්ලික් කරන්න. එමගින් ඔබේ විශ්ලේෂණ අවශ්‍යතා අනුව වර්ණ, ශෛලි සහ මට්ටම් වැනි සැකසුම් සකස් කළ හැකිය.
    ‍
  • පරාමිති ටැබය මගින් රේඛාවේ වර්ණය සහ පළල ඇතුළු ආරම්භක සැකසුම් නිර්වචනය කළ හැකිය.
    ‍
  • මට්ටම් ටැබය මගින් වැඩිදුර විශ්ලේෂණය සඳහා අතිරේක මට්ටම් එක් කිරීමට හෝ වෙනස් කිරීමට විකල්ප ලැබේ.
    ‍
  • දෘශ්‍යකරණ ටැබය මගින් දර්ශකය දිස්වන කාල රාමු පාලනය කළ හැකිය.
    ‍
  • පරිමාණ ටැබය මගින් ප්‍රස්ථාරයේ සිරස් අක්ෂය මත දර්ශකයේ අගයන් නිරූපණය වන ආකාරය කළමනාකරණය කෙරේ.
    ‍
  • වර්ණ ටැබය මගින් ඔබේ පෞද්ගලික කැමැත්ත අනුව දර්ශකයේ විවිධ අංගවල පෙනුම සකස් කර ගත හැකිය.
    ‍

නිගමනය

මෙම පාඩමේදී, ඔබේ ට්‍රේඩිං උපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමට Deriv MT5 වේදිකාවේ ඇති විවිධ දර්ශක ආවරණය කළෙමු. ඒවා යොදන ආකාරය සහ ඒවායේ සැකසුම් අභිරුචිකරණය කරන ආකාරය ද ඊට ඇතුළත් වේ. සම්පූර්ණ තාක්ෂණික විශ්ලේෂණයක් සිදු කිරීමට සහ දැනුවත් ට්‍රේඩිං තීරණ ගැනීමට දර්ශක අත්‍යවශ්‍ය වේ.

මෙම දර්ශක Deriv MT5 ඩෙමෝ ගිණුම තුළ භාවිතා කර පුහුණු වන ලෙස අපි ඔබට දිරිගන්වමු. එමගින් ඔබට ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට සහ ඔබේ ට්‍රේඩිං ශෛලියට වඩාත් ගැලපෙන මෙවලම් මොනවාදැයි සොයා ගැනීමට හැකි වේ.

Quiz

Forex ගනුදෙනු කිරීමේදී දර්ශකවල ප්‍රධාන කාර්යය කුමක්ද?

මෑත මිල ගණන්වලට වැඩි බරක් ලබා දෙන්නේ චලනය වන සාමාන්‍යයේ (moving average) කුමන වර්ගයද?

RSI දර්ශකය ට්‍රේඩර්වරුන්ට තීරණය කිරීමට උපකාර වන්නේ කුමක්ද?

Analyse markets with AI-powered insights

Explore TradersView
WhatsApp