Deriv MT5 සමඟ ගනුදෙනු කිරීම ආරම්භ කරන්න: මෙවලම් පෙට්ටිය - 1 කොටස
Deriv MT5 පිළිබඳ අපගේ පාඨමාලාවට නැවත සාදරයෙන් පිළිගනිමු! මෙම පාඩමේදී, ඔබේ ගනුදෙනු කිරීමේ ක්‍රියාකාරකම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට, නිරීක්ෂණය කිරීමට සහ සමාලෝචනය කිරීමට ඔබට උපකාර වන Deriv MT5 මෙවලම් පෙට්ටිය ගැන අපි බලමු. ඔබට ලබා ගත හැකි මෙවලම් ගැන දැනගැනීමෙන් ඔබේ ගනුදෙනු කිරීමේ අත්දැකීම සහ තීරණ ගැනීම වඩාත් හොඳ වනු ඇත.
මෙවලම් පෙට්ටිය පිළිබඳ දළ විස්තරය
Deriv MT5 හි මෙවලම් පෙට්ටිය Deriv MT5 platform භාවිත කරන ට්රේඩර්වරුන්ට අත්‍යවශ්‍ය වේ. එය දැනුවත් ගනුදෙනු තීරණ ගැනීමට උපකාර වන විවිධ මෙවලම් සහ තොරතුරු සපයයි. මෙවලම් පෙට්ටියේ ඇති සෑම ටැබයක්ම වෙනස් අරමුණක් ඉටු කරන අතර සුවිශේෂී ක්‍රියාකාරකම් ලබා දෙයි.
වෙළඳ ටැබය
අපි වෙළඳ ටැබයෙන් ආරම්භ කරමු. මෙම වැදගත් කොටසෙහි විවෘත ට්‍රේඩ්, පොරොත්තු ඇණවුම් සහ පහත දැක්වෙන ගිණුම් විස්තර ඇතුළුව, ඔබේ ගනුදෙනු කිරීමේ පොසිෂන් පිළිබඳ වැදගත් තොරතුරු පෙන්වයි:
- Symbol: ඔබේ විවෘත ට්‍රේඩ් එක හෝ පොරොත්තු ඇණවුම සඳහා වන ගනුදෙනු කිරීමේ උපකරණය දක්වයි.
- Ticket: සෑම ඇණවුමක් හෝ පොසිෂනයක් සඳහාම වන අද්විතීය හඳුනාගැනීමේ අංකයයි.
- Time: පොසිෂනය විවෘත කළ හෝ පොරොත්තු ඇණවුම ස්ථාපිත කළ වේලාව පෙන්වයි.
- Type: ඇණවුම Buy, Sell, Buy Stop, Sell Stop හෝ වෙනත් වර්ගයක්ද යන්න පෙන්වයි.
- Volume: ලොට් හෝ ඒකක වලින් දක්වා ඇති ඔබේ ට්‍රේඩ් එකේ ප්‍රමාණය දක්වයි.
- Price: ඔබේ ට්‍රේඩ් එක විවෘත කර ඇති වත්මන් මිල හෝ පොරොත්තු ඇණවුම් සඳහා ඉලක්කගත මිල දක්වයි.
- Stop Loss (S/L): ඔබ සකසා ඇත්නම් ඔබේ stop-loss මට්ටම පෙන්වයි; කිසිවක් නොසැකසූ විට හිස්ව පවතී.
- Take Profit (T/P): ඔබ take-profit මට්ටමක් සකසා ඇත්නම් එය පෙන්වයි; නැතිනම් මෙම ක්ෂේත්රයද හිස්ව පවතී.
- Current Price: ඔබේ උපකරණයේ දැනට පවතින මාර්කට් මිල පෙන්වයි.
- Value: වත්මන් මිල සහ කොන්ත්‍රාත්තු ප්‍රමාණය මත ගණනය කරන ලද ඔබේ පොසිෂනයේ මාර්කට් අගය දක්වයි.
- Swap: පොසිෂනය රඳවා ගැනීම සඳහා අදාළ විය හැකි ඕනෑම රාත්‍රී මූල්‍යකරණ ගාස්තුවක් දක්වයි.
- Profit: ඔබේ විවෘත පොසිෂනයේ උච්චාවචනය වන ලාභය හෝ අලාභය පෙන්වයි.
- Change: පොසිෂනයට ඇතුළු වූ දා සිට වත්කමේ අගයෙහි සිදු වූ ප්‍රතිශත වෙනස පෙන්වයි.
- Comment: ඔබේ ඇණවුමට එක් කළ හැකි, අක්ෂර 31කට සීමා වූ විකල්ප සටහනකි.
පොසිෂන් වෙනස් කිරීම සහ තැන්පතු
වෙළඳ ටැබයේදී, ඇණවුම මත දකුණු ක්ලික් කර “වෙනස් කරන්න හෝ මකන්න” තෝරා ගැනීමෙන් පොසිෂන් හෝ පොරොත්තු ඇණවුම් කෙලින්ම වෙනස් කිරීමට හෝ වසා දැමීමට ඔබට හැකිය. විකල්පයක් ලෙස, ඇණවුමක් මත දෙවරක් ක්ලික් කළ විට වෙනස්කම් සඳහා ඇණවුම් විස්තර කවුළුව විවෘත වේ. එක් ක්ලික් එකකින් පොසිෂනයක් වසා දැමීමට, ඇණවුම් පේළියේ දකුණු කෙළවරේ ඇති ‘X’ බොත්තම ක්ලික් කරන්න.
තවද, වෙළඳ ටැබයෙන්ම ඔබේ Deriv MT5 ගනුදෙනු කිරීමේ ගිණුමට මුදල් තැන්පත් කිරීමේ විකල්පයද ඔබට ඇත. ඔබේ ගිණුම් තොරතුරු පේළියේ දකුණු කෙළවරේ ඇති ‘+’ බොත්තම ක්ලික් කර Deriv Cashier විවෘත කරන්න. එහිදී ඔබ කැමති ගෙවීම් ක්‍රමය භාවිත කර ආරක්ෂිතව මුදල් තැන්පත් කළ හැකිය.
වෙළඳ ටැබයේ පෙන්වන තොරතුරු ඔබේ කැමැත්තට සකස් කිරීමෙන් ඔබේ ගනුදෙනු කිරීමේ අත්දැකීම වඩාත් හොඳ කර ගත හැකිය. ඕනෑම තීරු ශීර්ෂයක් මත දකුණු ක්ලික් කර ‘Columns’ මෙනුවට පිවිසීමෙන්, ඔබේ ගනුදෙනු උපායමාර්ගයට වඩාත්ම අදාළ තොරතුරු මත පදනම්ව තීරු එක් කිරීමට හෝ ඉවත් කිරීමට ඔබට හැකිය.
නිගමනය
Deriv MT5 මෙවලම් පෙට්ටිය පිළිබඳ අපගේ පාඩමේ මෙම පළමු කොටසේදී, අපි වෙළඳ ටැබය සහ ඔබේ ගනුදෙනු කිරීමේ ක්‍රියාකාරකම් කළමනාකරණයට උපකාර වන එහි විවිධ විශේෂාංග ගැන බැලුවෙමු. මෙම මෙවලම ගැන දැනගැනීම ඵලදායී ගනුදෙනු කිරීමට සහ මාර්කට් එකේ ඔබේ සාර්ථකත්වය උපරිම කර ගැනීමට අත්‍යවශ්‍ය වේ.
Deriv MT5 මෙවලම් පෙට්ටියේ ඇති අනෙකුත් ක්‍රියාකාරකම් ගැන වඩාත් ගැඹුරින් සාකච්ඡා කරන ඊළඟ පාඩම සඳහා අප සමඟ රැඳී සිටින්න! සතුටින් ගනුදෙනු කරන්න!
Quiz
වෙළඳ ටැබය පෙන්වන්නේ කුමන තොරතුරුද?
වෙළඳ ටැබය තුළ විවෘත පොසිෂනයක් ඔබට වෙනස් කිරීමට හෝ වසා දැමීමට හැක්කේ කෙසේද?
වෙළඳ ටැබය තුළ ‘+’ බොත්තමේ කාර්යය කුමක්ද?


